(නිමල කොඩිතුවක්කු)
අවුරුදු පනහක් හැටක් කිසිදු සැලැස්මක් නැතුව ගොඩනැගුන කොළඹ නගරය සිංගප්පූරුව වගේ ලෝකයේ අළංකාර නගරයක් බවට පරිවර්තනය කරමින් ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
ඊළඟ අවුරුදු පහේදී විශාල, අලංකාර නගරයකට පහසුකම් ලබාදී දේශීය සහ විදේශීය ආයෝජනයක් රටට ලබාගැනීම වෙනුවෙන් මේ සියල්ලක්ම සිදු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භක උත්සවයට අද (22) එක් වෙමිනි.
එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බෝට්ටු අංගනය විවෘත කිරීමෙන් පසු ප‍්‍රථම ගමන් වාරයට එක්වීම විශේෂත්වයකි.
කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක වේ.
කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැක.
මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘‘අද අපි දක්න්නේ අළංකාර කොළඹක්. සිංගප්පූරුව වගේ ලෝකයේ අළංකාර නගරයක් බවට කොළඹ පරිවර්ථනය ඇති කරමින් තිබෙනවා. මේ නගරය අවුරුදු පනහක් හැටක් කිසිම සැළැස්මක් නැතුව සංවර්ධනයක් ඇතිවුණා.
අපි කුඩා කාළයේදී බේරේ වැව කියන්නේ ඉතා අලංකාර ප‍්‍රදේශයක්. ඒ සියල්ලම නැති වුනා. ඒත් ගිය අවුරුදු හතරේදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ගත් ක‍්‍රියාමාර්ග නිසා අවුරුදු පනහකින් හැටකින් කරන්න බැරිවුන වැඩකටයුතු අද මෙතනදි සිදුවෙනවා කයලා මම කියන්න කැමතියි.
මේ බෝට්ටු දෙකෙන් පළමුවෙනි බෝට්ටු සේවය මේ ප‍්‍රදේශවල ආරම්භ වුණා. දැන් ගමනා ගමන පහසුකම් තියෙනවා. අලංකාර නගරයක් තියෙනවා. අළංකාර නගරයක් පමනක් නෙමෙයි නවීන නගරයක් ඉදිවෙනවා.
වාණිජ ගොඩනැගිලි, නිවාස, මිශ‍්‍ර කාර්යයන් තියෙන ගොඩනැගිලි ඒ සියල්ලක්ම මෙතනට එනවා.
මෙතන සිදුවෙන්නේ විශාල අලංකාර ගොඩනැගිල්ලක් ඇති කිරීමයි. අපි ක‍්‍රියා කරන්නේ ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරිමටයි. ඒ කේන්ද්‍රස්ථානයේ කේන්ද්‍රය වෙන්නේ මේ වටේම තියෙන මේ මහා නගරයයි.
ඒ නගරයේ තමයි දැන් සැලසුම් කරන්නේ. ඒ නගරය සම්බන්ධ වෙන්නේ එක අධිවේගී මාර්ගයක් තියෙනවා නුවරට. අනික තියෙනවා හම්බන්තොටට. ඒත් මේ ප‍්‍රධාන නගරය මෙතන බිහිවෙනවා. මෙහෙම නගරයක් බිහි කරද්දි දුෂ්කරම කාර්යය එහි ආරම්භය ඇති කිරිමයි.
අඩු ආදායම් ලාභීන්ට තට්ටු නිවාස හදාගෙන යනවා. මේ සමග අනිත් සංස්ථා, අනිත් අමාත්‍යාංශ එකතු වෙලා විශාල දියුණුවක් ඇති කරනවා. අපි බලන්නේ ආපහු දකුණු ආසියාවේ හොඳම නගරය, අළංකාරම නගරය කොළඹ බවට පත් කරන්නයි. ඒ වගේම ඉන්දියන් සාගරයේ මහා නගරය කොළඹ බවට පත්කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා.
මේ සියල්ලම කරන්නේ ඊළඟ අවුරුදු පහේදී මෙහෙම විශාල අලංකාර නගරයකට පහසුකම් ලබා දීලා දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් විශාල ආයෝජනයක් මේ රටට ලබා දෙන්නයි.
අපි අපනයන ආර්ථිකයක් මේ රටේ ඇති කළ යුතුයි. අපි ණය ගත්තා වගේ දැන් සම්පුර්ණයෙන්ම මුල් මුදල ආපහු ගෙවන්න ඕනෑ. අපි දියුණු රටක් විදියට යනවානම් අපිට හැමදාම ණය ගන්න බැහැ. හිඟා කන්න බැහැ. අන්න ඒ තත්වයට යන්න අපිට ආත්ම ගෞරවයක් ඇති කරගන්න තමයි අපි ක‍්‍රියා කරගෙන යන්නේ.
ඒ සඳහා මේ මහා නගරයට වැදගත් ක‍්‍රියාවලියක් තිබෙන බව ප‍්‍රකාශ කරමින් ඇමැතිතුමාටත් අමාත්‍යාංශයටත්, නාවික හමුදාවටත් මම ස්තූති කරනවා’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘කොළඹ සිංගප්පූරුව වගේ ලෝකයේ අලංකාර නගරයක් කරනවා’
Nuwan Thursday, 22 August 2019 07:54 AM
පසුගිය අවුරුදුවල ඔබතුමාගේ පාලනේ නිසා රට සෝමාලියාව නොවී බේරිලා ඉන්නේ අනූනවයෙන්..! ඔය කතා ඇහෙනකොට හිනා නෙමේ යන්නේ... බය හිතෙනවා.
priyalThursday, 22 August 2019 08:44 AM
මේ රට සෝමලියාවක් නොවී බේරාගැනීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතය. මෙම රට ණය අගාධයක ගිලී ජාත්‍යන්තරයෙන් කොන්වී ආර්ථික සම්බාධක වැටෙන තත්වයකට පත් වුණු රටක් බව අමතක කරන්න එපා.
NuwanThursday, 22 August 2019 10:10 AM
සිංගප්පූරු යාළුවා ගෙනත් දාපු සුද්දෙටත් එතුමාට ණයගැති වෙන්න ඕනේ. යාළුවා රටින් ගියේ මගුල් ගෙදරකට කියල බෙරිහන් දෙනවා දැක්කා අපි ඒ දවස් වල... ඔහේ වගේ නිල්, කොළ, රතු තණකොළ කන හරක් ඉන්නකොට සෝමාලියාව වෙලා බේරුණොත් ඇති..!
vipulaThursday, 22 August 2019 10:46 AM
මේ රට කොන් වුනානම් ඒ වුනේ යුද්දේ ඉවරකලා කියන දෙයට. එහෙම කළේ නැත්නම් සමහර විට ඔයත් lනැතුව ඇති. අනික මේ ආණ්ඩුව අාවා කියලා ගෙන්වපු විදේශ ආයෝජනයක් නැහැ.
priyalThursday, 22 August 2019 11:50 AM
කිසිම දූෂකයෙක්ම ආරක්ෂා කරන්නේ නැහැ. ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග මෙන්ම මහබැංකුවේ ඒ සඳහා විශේෂිත විගණනයක් සිදුවෙනවා. ඒ ගැන පරීක්ෂණයක් නොකොළොත් තමයි ප්‍රශ්නය. ඉදිරියේදී වගකිව යුත්තන් කව්ද යන්න හෙළිවේවි. පරීක්ෂණයකින් තහවුරු වී නැති පුද්ගලයින්ට චෝදනා එල්ල කිරීමට තරම්ම අධමයෙක් නොවන අතර මේ වංචාවනිසා රට සෝමාලියාවක් වෙනවා කියලා හිතන්න තරම් කෙනෙක් නොවන බව දැනගන්න.
BamunuarachchiThursday, 22 August 2019 11:04 PM
ලංකාවේද ඉන්නේ? අපිට රනිල් ගැන කියලා දෙන්න හදනවාද? නය ගැන කියලා දෙන්න හදනවාද?
NuwanFriday, 23 August 2019 05:30 AM
මට ඔහේ ගැන කනගටුය් සහෝ! රට දවසින් දවස වල පල්ලට යන්නේ ඒ වගේම කටින් බතල කොළ හිටවන දෙසපාලුවොන්ට රට සින්න වෙන්නේ රටේ මිනිසුන්ගේ බුද්දිමත් බව අඩු කම නිසා!
sam Thursday, 22 August 2019 07:58 AM
2015දී කොළඹ ලෝකයේ වැඩියෙන්ම දියුණු වුණු නගරය වෙලා නේද තිබුණේ, ඒ අලංකාරය ඇයි ඔබලා නැතිකරේ. ඒ විතරක් නෙවෙයි, ඔබතුමා මේ කියන්නේ ගෝඨා කරපු දේවල් අායිමත් කරන්න ඕනෑවගේම සජිත් කියන දේ හරි නැහැ වගේ. එ්කනේ ණයගන්න හොඳ නැහැ කියන්නේ. සජිත් නම් යන්නේ ණය සහ ආධාර නැතුව බැහැ කියලනේ.
waruniThursday, 22 August 2019 08:49 AM
නගරයේ අලංකාරය නැති කළා. ඒ මොන පිස්සු කතාවක්ද ? ගෝඨාභය නගරයේ අලංකාර සදහා වැඩ කොටසක් කළ බව ඇත්ත. එය ඉදිරියට ගෙන යාමයි තවදුරටත් කරන්නේ.
samThursday, 22 August 2019 09:33 AM
අනේ වරුනි, ඔයාට මතක නැද්ද කොළඹ ලස්සනට මල් වවලා මිනිස්සු කෙල නොගහා තිබුණු හැටිත්... පහුගිය අවුරුදු තුන, හතරේ ආපහු කුණුකඳු ගොඩ ගැහිලා තිබෙන හැටිත්... කොළඹ තිබුණු මල් ගස් ගම්පහ මල්වත්තට ඇරියේ රනිල් නේද? හැමදාම කොළඹ ඉන්න අයට නම් ඕවා ගාණක් නැතුව ඇති.. හැබැයි මසකට දෙකකට වරක් එන අයට වෙනස දැනෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාත් මීට වැඩිය ලස්සනට කොළඹ තිබ්බා.
Amila Thursday, 22 August 2019 08:02 AM
ඒ වුණාට ඔයා මෙච්චර කල් කරපුවා එක්ක ඔහොම කරන්න පුළුවන් වෙයිද කියන එකත් විහිළුවක්නේ. දැන් බලන්න එජාපය අරන්, කොහොම තිබුණු පක්ෂයක්ද විනාශ කරේ. සියයට 40ක් වගේ ඡන්ද තිබුණු පක්ෂයක් ඔයා සීයට 29ක් විතර බැස්සුවනේ අවුරුදු 25ක් තිස්සේ.. හොඳට තිබුණු මහබැංකුවට විද්දානේ, ආණ්ඩුව ගන්නකොට 130ට වගේ තිබුණු ඩොලරය ඔයා 180ත් පනිනකන් බාල්දු කරගත්තානේ. දුන්නේ බෝම්බ පිපිරෙන්නේ නැති රටක්... හැබැයි දැනදැනම 350ක් විතර මිනිස්සු මැරුවා හෝ තුවාලකාරයෝ කළා. ඉතින් ඔයා විශ්‍රාම ගියා නම් හොඳයි නේද දැන්වත්... නැත්තම් ඉතින් සිංගප්පූරුව කෙසේවෙතත් සෝමාලියාවක් සිරියාවක් නම් කරයි..
Bandula. Thursday, 22 August 2019 08:03 AM
අනේ එහෙම තිබුණු නගරයට මේ වසර ගානේ කරපු දියුණුව හොඳටම ඇති මහත්තයෝ, ආයේ මොකටද කරදර වෙන්නේ නේද?
ගල්කටස් Thursday, 22 August 2019 08:08 AM
බෙරේ සංවර්ධනය මෙන්ම කොළඹ ලස්සන කරේ කවුද කියලා ජනතාව දන්නවා. ඔබතුමා සිංගප්පූරුවක් කරනවා නම් අපි නිව්යෝර්ක් වගෙ කරන්න ගොඨාභය මහත්තයාට ඡන්දෙ දෙනවා.
ranilThursday, 22 August 2019 09:49 AM
ඔයා නිව්යෝර්ක් දැකලා තියෙනවද? .නිව්යෝර්ක් කියන්නෙ අපරාධ වැඩිම නගරයක්.
ගල්කටස් Thursday, 22 August 2019 11:27 AM
එහෙනම් ඔයා දැකලා අැතිනේ ලස්සන අපරාධ ගැන... වැඩක් නැත ලස්සනයි අවශ්‍ය...
siri Thursday, 22 August 2019 08:09 AM
ලස්සන වේගෙන ආවා. කොළඹ, අවලස්සන කලේ පසුගිය අවු 4දී... ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් දකින්න. එහෙම නැතිව ඡන්දයක් ලංවෙද්දී විහිලු සපයන්න එපා. පසුගිය කාලයේම මම දැක්කා. තමුන්ගේ අප්‍රසන්න කයිවාරු. දැන්වත් බොරු කයිය නවත්තලා හිටියොත් තියෙන ඡන්ද ටිකවත් රැකගන්න පුළුවන් වෙයි. නැතිනම් ඉතින් අබසරණයි..!
සේනක Thursday, 22 August 2019 08:13 AM
මෙයා හිතනවද දන්නෑ රටේ ජනතාව මැරිලා ඉපදිලා කියලා... අගමැතිතුමෝ, රටේ සංවර්ධන මතක් වෙන්නේ ඡන්දයක් ළංවෙනකොටද? තමුන්නාන්සේලා හිතන්නේ තමුන් වහන්සේලාවගේ මීහරක් කියලද? ලස්සනට තිබුණු රට නැත්තටම නැතිකරලා දැන් පම්පෝරි ගහනවා. තමුන්නාන්සේට බලය දෙන්න තරම් මේ රටේ ජනතාව මෝඩයින් නෙමෙයි.
Chandana F Thursday, 22 August 2019 08:14 AM
හිටවපු ගහකට වතුර ටිකක් නොදාපු අය කොළඹ නගරයේ ඉන්නේ..
Lokka Thursday, 22 August 2019 08:15 AM
ඔයාගේ මුහුණ දකිනකොටත් හිරිකිතයි හලෝ..
සඳුන් Thursday, 22 August 2019 08:22 AM
මෙතුමාගේ සැලසුමේ පරිදි මුලින්ම කලේ සිංගප්පූරුවෙන්ම මහ බැංකු අධිපති කෙනෙක් ගෙන්වීමයි. දැන් ඒවා කාටත් අමතකයි.
NuwanThursday, 22 August 2019 08:44 AM
කොහෙද මේ මහජනයාට ඒවායේ මතකයක් තියනවද ?
samThursday, 22 August 2019 08:54 AM
ඇත්තමයි, සිංගප්පූරුවෙන් මහ බැංකුවට අධිපති කෙනෙක් ගෙනාවා වගේ සිංගප්පූරුවෙන්ම කොළඹ හදන්නත් කාව හරි ගේන්නද දන්නේ නැහැ මේ පාර හදන්නේ.
පිටිගල මිලානෝ Thursday, 22 August 2019 08:23 AM
ඔබ කොතරම් දක්ෂ පාලකයෙක්ද කියන්නේ අපේ ආර්ථිකය හරි හමං ආණ්ඩුවක් නැති ඇෆ්ගනිස්තානේ ගාණට වැට්ටුවා. මන්දපෝෂණය රටේ වැඩි වුණා. ජාතික ආරක්ෂාව බින්දුවට බැස්සා. පාතාලය රුපියල් පන්දාහටත් මිනී මරනවා. යන්තමින් හරි අලංකාර නගරයක්ව තිබුණු කොළඹ ඒ ආකාරයෙන්වත් පවත්වා ගන්න බැරිවුණු ඔබද මේ කවුරුවත් ලියලා දුන්න බහුබූත දොඩවන්නේ... තවත් ලෝක වාර්තා තියන්නේ නැතිව දැන්වත් විශ්‍රාමයන්න. පින් අයිතිවෙයි..! ඔබව අපට එපා..!
Ananda Thursday, 22 August 2019 08:31 AM
රට අපායක් කරලා තවම සිහින දකිනවා ....
mahees Thursday, 22 August 2019 08:33 AM
අවුරුදු 4 ක් වැඩ නෑ ..
wimal Thursday, 22 August 2019 08:36 AM
මිනිස්සු දැන් බුද්ධිමත්. මෙයාලා හැමදාම අහිංසක මිනිස්සු රවට්ටගෙන රට විනාශ කෙරුවා ඇති. දැන් උදාවෙන්නේ ලංකාවට හොද කාලයයි .
SL Thursday, 22 August 2019 08:43 AM
මේ පාරේ චුයිංගම්, බ්‍රේස්ලට්, කාර්නැතිව සිංගප්පූරු.. ඉතා අලංකාරව, පිරිසිදුව, මාර්ග දෙපස පදික වේදිකාවල කඩ නැතිව තිබුණු කොළඹ බෝම්බේ පරණ මුඩුක්කුවක් වගේ ජරා කලේ හිතුවක්කාර පාලනය තමයි. රනිල් පොළවේ පයගහලා ඉන්න මනුස්සයෙක් නම් නෙවෙයි. මෙයා ඉන්නේ කොයි පැත්තේද ඡන්දෙ දෙන්න එපා. පක්ෂේත් ඒකාධිපති, රටේත් ඒකාධිපති වෙලා -දෙකම විනාශ කළා.
සේන Thursday, 22 August 2019 08:51 AM
විහිළු නොකර ඉන්න මහත්තයෝ . රටේ ඉන්නෙ බුද්ධිමත් අය. රටට වෙච්ච දේ කවුරුත් දන්නවා. ළඟ ළඟම එනවා රටට වැඩක් කරන්න පුලුවන් කේසර සිංහ පැටියෙක්. ඒ සිංහයා යුද්ධය නිමා කරලා කොළඔ සංවර්ධනය කළා වගේම රටම ගොඩදාලා ජාතිය කෙලින් හිටවයි.
athuraThursday, 22 August 2019 09:45 AM
සිංහයා සිංහයා කියලා ගෙනල්ලා ඒ නරියෙක් නම් කියන්න සිද්ධ නොවේවා !
MaheshThursday, 22 August 2019 10:38 AM
ජාතිය කෙසේවෙතත් පවුල සහ කූඹි ගොඩක් වගේ ඉන්න නෑයෝ ටික නම් කෙලින් හිටුවාවි. ඊට පස්සේ ඉතින් හූල්ල හූල්ලා ඉන්න... ආයෙත් අහුවුණා කිය කිය...
BamunuarachchiThursday, 22 August 2019 11:44 PM
ඇයි හුල්ලන්නේ? එක පවුලෙන් ආවත් පවුල් 10 කින් ආවත් පත්කර එවන්නේ රටේ ජනතාවයි ඉතින් ඔහෙට තිබෙන අමාරුව මොකක්ද? එකපවුලේ දොස්තරලා, එකප්වුලේ ක්‍රිකටස්, එකපවුලේ ඉන්ජිනියර්ස්ලා දැකලා නැද්ද? රාජිත පවුල, පොන්නම්බලම් පවුල, දේශපාලනය කිරීම අවුලක් නොවෙයි රාජපක්ෂ පවුල දේශපාලනය කිරීමද අවුල? තමන් බාරගත්ත වැඩේ කරනවානම් මොන පවුලෙන් ආවම මොකෝ. බාරගත්තේ යුද්දේ ඉවර කොරන්න ඉවර කළා. රනිල්ට, ප්‍රේමදාසට, චන්ද්‍රිකාට අවුරුදු 25 යුද්දේ ඉවර කොරන්න බැරි උනා. තව මොනවද කතා.
chamath Thursday, 22 August 2019 09:12 AM
අනේ පව්... කරුණාකරලා කොළඹ කුණු ටිකට මොකද කරන්නේ කියන්නකෝ ?
රවින් Thursday, 22 August 2019 09:13 AM
හිටපු සිංගප්පූරු අගමැති ලි ක්වාන්ග් යූ, කීප වරක්ම කියලා තියනවයි කියලයි ආරංචියි.. සිංගප්පූරුව ලංකාව වගේ කරනවයි කියලා. දැන් අපි කියනවා ලංකාව සිංගප්පූරුවක් කරනවයි කියලා. අපේ රට යන්නේ කොයිබටද? ඉස්සරහටද? පස්සටද?
රජින්ද Thursday, 22 August 2019 09:15 AM
මෙයා කියන මේ බහුබූත කතා විශ්වාස කරලා මෙයාට විතරක් නෙවෙයි මේ අයගේ පක්ෂයේ කවුරු ඉල්ලුවත් ඒ ඉල්ලන කෙනාට ආයෙත් රට බාරකරලා ඉල්ලගෙන මැරෙන්න මිනිස්සු කැමති වෙයිද? බැරිවෙලාවත් එහෙම කැමැති මනුස්සයෙක් උන්නොත් ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම ගැන සිතාගැනීමට පුළුවන්...
nimal Thursday, 22 August 2019 09:18 AM
හොඳ තේමාවක් .
Sugath PremalalThursday, 22 August 2019 09:57 AM
ඔව් ඔව්. තේමාවල් නම් තියනවා ප්‍රකෝටි ගණන්. ප්‍රායෝගිකව කරපු දෙයක් නැහැ. සුරංඟනා කතා විතරයි .
ramya Thursday, 22 August 2019 09:25 AM
මේ පොස්ට් කියවනකොට හිතෙන්නේ අපේ රටේ මිනිස්සු කොයි තරම් දේශපාලනයට අන්ධ වෙලා ඉන්නවද කියල. යථාර්තය දකින්න කැමති නැහැ. සියලුම දෙයට වැඩිය ලොකු දේශපාලනය. මෙය මේ රට දියුණු නොවීමට බලප ඇති කොඩි විනයක්. පසුගිය රජය රටට යම් වැඩ කොටසක් කළ බව අපක්ෂපාතී ඕනෑම කෙනෙක් පිළිගත යුතුයි. එමෙන්ම එය විධිමත් සංවර්ධනයක් නොවන බවත් පිළිගත යුතුයි. එය සම්පුර්ණ ණය ආර්ථිකයක්. ඒ හේතුවෙන් රට ගොඩ ගත නොහැකි ණය අර්බුදයකට මුහුණදී ඇති බවත් පිළිගත යුතුයි. දුෂණය ඉහවහා ගිය වියදම් වල මෙන්ම මහා ප්‍රමාණ ව්‍යාපෘති වල කිසි කළමනාකරණයක් නොතිබූන බව පිළිගත යුතුය.
indika Thursday, 22 August 2019 09:26 AM
දැන් නම් මට විශ්වාසයි මොහු ඉන්නේ ලංකාවේ නෙවේ. මොහු දියුණු කරා කියන්නේ ලංකාව නෙවේ.
Sugath Premalal Thursday, 22 August 2019 09:32 AM
අනු නවයෙන් අපේ රට සෝමලියාවක් නොවී බේරුනා. බොරු සෝබන සුරංගනා කතා දැන්වත් නවත්තන්න. කරපු හරිය හොදටම ඇති.........
Rathnayake Thursday, 22 August 2019 09:35 AM
ස.තො.ස. සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතුවල යොදා ගැනීමෙන් රජයට රුපියල් කෝටි 4කට අධික පාඩුවක් සිදු කළ බවට ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ. අදහස් පලකරන අයට දැනගැනීම පිණිසයි.
rama Thursday, 22 August 2019 09:47 AM
මේවට කොහොම හිනා වෙන්නද මම දන්නේ නෑ අනේ....
kap Thursday, 22 August 2019 09:50 AM
සිංගප්පුරු ඕනෙ නෑ..කරුණා කරලා කුණු ටික ඇදලා පාරවල් හදන්න. ඒ ඇති.
mp Thursday, 22 August 2019 09:53 AM
තවත් ලැජ්ජා නැතුව සංගප්පූරුව මතක් කරනවා. සිංගප්පූරුවේ ඉන්න ගජ මිතුරා - බැංකු හොරා මතක් වෙලා ඔල්මාදෙන් දොඩවනවා.
කරෝලිස් Thursday, 22 August 2019 10:02 AM
දැන් ලොක්කගේ මොලේ හරියට වැඩ කරන්නේ නෑ වගේ. ඔන්න ඔහෙ ඕනෑ දෙයක් කියන්න දෙන්න.
bamunuarachchi Thursday, 22 August 2019 10:16 AM
මටත් හිතෙනවා මෙයා ඊලග පාර කරයි කියලා ...
Bandara Thursday, 22 August 2019 10:17 AM
ඔයාට ආයේ රැවටෙන්නේ නෑ ...
Hafeel Thursday, 22 August 2019 10:43 AM
හරියට ඊළඟ අවුරුදු පහේ මෙයා බලයේ ඉන්නවා වගේ. කරන්න ඕනේ නම් හිටපු අවුරුදු පහක් ඕනේ තරම් ඇති.
vipula Thursday, 22 August 2019 10:49 AM
සිංගප්පුරුව කතා දැන් කියන්න එපා. අඩුම ගානේ මේ අවුරුදු පහට ගෙනාපු විදේශ ආයෝජනයක් කියන්න බලන්න. ඔබතුමා මේක සිංගප්පුරුව කරනකොට අපේ ඉඩමට කොහේ හරි සමාගමකට මාසික මුදලක් ගෙවන්න වේවි. එදාට තමයි දන්නේ මුළු රටම කොහේ හරි රටකට විකුණලා කියල .
sirimal Thursday, 22 August 2019 11:00 AM
හොඳ අදහසක්. ඒ එක්කම ඊට කලින් අර සිංගප්පූරුවේ ඉන්න ගජ මිත්‍රයා මෙහාට ගෙන්වලා දෙන්න බැරිවෙයිද?
beau Thursday, 22 August 2019 12:03 PM
රනිල්ගේ සිංගප්පූරුවේ ඉන්න යාළුවද කොළඹ ලස්සන කරන්න කොන්ත්‍රාත්තුව ගන්නේ? අනේ මෙහෙමත් පෝරිසාදයෙක්...
kamal Thursday, 22 August 2019 12:23 PM
කොළඹ, සිංගප්පූරුව වගේ කලොත් අර සිංගප්පූරුවට යන්න උදව් කරපු කෙනාව ගෙන්න ගන්න පුළුවන් වෙයිද?
yamuna Thursday, 22 August 2019 12:28 PM
අපට දැන් හැමදෙයක්ම දුන්නේ, කාර් දුන්නා, රත්තරන් දුන්නා, රැකියා දුන්නා, එන්ටර්නෙට් දුන්නා... වෙන මොකුත් එපා. ගෙදරකට කඩු දෙක ගානේ දෙන්න ජීවිත ආරක්ෂාවට...
Chamara Disanayake Thursday, 22 August 2019 12:36 PM
මේ කතා කරන්නෙ කටින්ද..? නැත්නම් වෙන කොහෙන් හරිද...?
Rohana Thursday, 22 August 2019 05:29 PM
තමන්ගේ නොහැකියාවන් පිළිගෙන ඉල්ලා අස්වෙනවනම් හොඳ නැද්ද?
Bamunuarachchi Friday, 23 August 2019 01:34 AM
කොළඹ අලංකාර උනාට රටේ ඔක්කොම හරියන්නේ නැත.
Bamunuarachchi Friday, 23 August 2019 01:42 AM
ඝෝඨාභය මහතා ලස්සන කල කොළොඹ නගරය කාබාසිනියා කලේ ඔයාලා. කොටුවේ හරස් වීදිවල සහ ඕල්කොට් මාවතේ පදික වේදිකාව මිනිසුන්ට ගමන් කළහැකි ආකාරයට සකසා දුන්නේ ඝෝඨාභය මහතා. ඒවා නැවත පදික වෙළදුන්ට දුන්නේ කව්ද?