IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


ශිෂ්‍යත්ව පංති 31 රෑ සිට තහනම්

(රංජන් කස්තුරි)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති මේ මස 31 වැනිදින මධ්‍යම රාත්‍රී 12 න් පසුව විභාගය නිමවෙන තෙක් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයට අදාලව උපකාරක පංති පැවැත්වීම විෂයානුබද්ධ දේශන , සම්මන්ත්‍රණ , වැඩමුළු පැවැත්වීම , ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීම තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.

තවද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල පෝස්ටර් , බැනර් අත්පත්‍රිකා බෙදා හැරීමද විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරයක් කිරීමද එම කාලය තුළ තහනම් වේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 4 වැනිදා පැවැත්වේ.



අදහස් (3)

ශිෂ්‍යත්ව පංති 31 රෑ සිට තහනම්

Nishantha Friday, 19 July 2019 04:29 PM

එතකොට ඔය ගෙවල් වලට ගෙන්නාගෙන උගන්වන අයට මොකද කරන්නේ

:       6       46

chandima Friday, 19 July 2019 06:35 PM

වෙනත් රටවල්වල තිබෙනවා මැග්නට් ස්කූල් කියලා පාසල්... එව්වට ළමයින් තොරාගන්නත් මෙවැනි විභාග උපයෝගී කරගන්නවා. එහෙත් ඒ පන්ති තියලා නොවෙයි. එම විභාගයෙන් බලාපොරොත්තු වන්නේ සහජ දක්ෂතාවයක් ඇති ළමුන් තෝරා ගැනීමයි. ඒ දරුවන්ට කියන්නේ ගිෆ්ටඩ් චිල්ඩ්‍රන්ලා කියලා. ඒ උපතින්ම ( ක්‍රිස්තියානුවන් විශ්වාස කරනවිදියට) දෙවියන්ගේ දායාද ලබා පැමිණියවුන්. අපේ රටේත් ශිෂ්‍යත්වය ඇතිකිරීමේ මූලික අරමුණ වුනේ ඒ දක්ෂ දරුවන් හඳුනාගෙන ප්‍රතිපාදන වැඩියෙන් වෙන්කර පහසුකම් ඇති පාසල්වලට ඒ දරුවන් අතුලුකරගෙන උගතුන් බිහිකිරීමයි. නමුත් අද ජාතික පාසල්වල ඉන්නේ ධනවතුන්ගේ සහ දේශපාලකයින්ගේ මැටි පුතාලා සහ සහජ දක්ෂතාවයන් ඇත්තවුන් අතළොස්සකුයි. වෙන විභාග කෙසේවෙතත් ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පන්ති පැවැත්වීම තහනම් කළ යුතුයි. එමෙන්ම පදිංචි දුර ප්‍රමාණය, ආදී ශිෂ්‍යභාවය, ආදිය නොසලකා දක්ෂතාව මත පමණක්ම ඇතුළු කරගන්න ජාතික පාසැල් පද්ධතියක් බිහිකළ යුතුයි. එසේ නොමැතිව නියම දක්ෂයින් සුළුතරයක් සිටින පාසල් වලට ජාතික පාසල් යැයි කියාගනිමින් ප්‍රතිපාදනවලින් වැඩි කොටසක් වෙන්කර මේ කරන ක්‍රමයෙන්, අවශ්‍ය නිසි ප්‍රතිඵල නොලැබී යනු ඇති...

:       1       16

pakeer Saturday, 20 July 2019 11:36 AM

ජාතික පාසල් වලට යන්නේ හොඳට ඉගෙන ගන්න කියන එක බොරුවක්. ඒවාට යන්නේ සමාජයේ පිලි ගැනීමක් ගන්න. ඉගෙන ගන්න එක කොහේ ගියත් ඉගෙන ගන්නවා. නැති එක නැහැ. හැබයි පාසලෙන් පස්සේ මේ පාසල් දෙකේ ළමුන් දිහා බලන්නේ සමාජේ වෙනස් විදිහකට..... අන්න ඒක තමයි අපි නැති කල යුත්තේ. මම හොඳ දෙයක් කියන්නම්. මම 1996 ගුවන් හමුදාවේ සම්මුක පරික්ෂනෙට ගියා. ඇවිත් හිටිය 10,000 ක් විතර . මම පෝලිමේ ඉන්න තැනට අව ලොකු ලොක්කෙක්, ඇවිත් කිව්වා අහවල් ඉස්කෝලේ ඉන්න එවුන් වරෙල්ල මා එක්ක කියල. එක ලංකාවේ නම ගිය ඉස්කෝලයක්. මට එතකොට තමයි මේක වැටහුනේ ලොකු ඉස්කෝලෙක තියෙන වටිනාකම්. හැබයි ඒක ඉගෙනීමම නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුජිබර් හෙට දිවුරයි
2024 මැයි මස 09 579 0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ල


ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දොපොළ රජයට
2024 මැයි මස 09 1933 0

දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්


ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
2024 මැයි මස 09 1462 0

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
2024 මැයි මස 09 1271 0

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව


වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්
2024 මැයි මස 09 711 1

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම


‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘
2024 මැයි මස 09 2895 8

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 574 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2052 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1805 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site