IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විශ්වාසභංග යෝජනාව ගැන ටීඑන්ඒ තීරණය හෙට

(එෆ්.අස්ලම්)
 
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ තීරණය හෙට(11) පෙරවරුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය‍.
 
මේ අනුව හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයට පැමිණීමට නියමිතය.
 
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනා අතර විවිධ අදහස් ගොඩනැගී ඇති බවත් ටෙලෝ සංවිධානය  නියෝජනය කරන මන්ත්‍රීන් දෙපළ ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මීට සහාය දැක්වීමේ හෝ මධ්‍යස්ථව සිටීමේ අදහස් දරන බවත් එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය‍.

දෙමළ ජනතාවගේ ගැටළු නිසි ලෙස විසදා නොදීමත්,දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය පෙනී නොසිටීමත් මත වත්මන් ආණ්ඩුව කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇතැයි පැවසූ එම ප්‍රකාශකයා පක්ෂයක් වශයෙන් කල්පනාකාරී තීරණයක් මේ අවස්ථාවේදී ගතයුතුව ඇතැයිද පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගය අද සහ හෙට විවාදයට ගැනෙන අතර හෙට(11) සවස මීට අදාළ ඡන්ද විමසුමද පැවැත්වේ.

එවන් තත්වයක් මැද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට පෙරවරුවේ රැස්වී මේ පිළිබඳ සිය අවසන් ස්ථාවරය තීරණය කිරීමට නියමිතය.



අදහස් (3)

විශ්වාසභංග යෝජනාව ගැන ටීඑන්ඒ තීරණය හෙට

අචලා Wednesday, 10 July 2019 01:32 PM

ඔය දෙමළ ජාතීන්ට තියෙනවැයි කියන ප්‍රශ්න නම් ඉවර වෙන එකක් නෑ... මේ රටෙන් කෑල්ලක් කඩාගෙන යනකම්... ඒක නිසා දැන්වත් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, දිනන පක්ෂයට මන්ත්‍රීලා 15ක් දෙන්න ඕනේ. නැත්නම් මහ පක්ෂවලට සුළු පක්ෂවල අතකොලුවෝ වෙනවා හැරෙන්න තමන්ගේ සැබෑ චින්තනය ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ නෑ...

:       0       106

ගල්කටස් Wednesday, 10 July 2019 02:19 PM

අපි අාණ්ඩුව සමගයි.. ඕක තමා හෙට අපිට අහන්න ලැබෙන උණුසුම් පුවත. වැඩක් නැහැ

:       0       32

Sumith Wednesday, 10 July 2019 11:49 PM

ජනතා මනාපය විමසුවොත් අද මේ සේරමලා ගෙදර.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 109 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 117 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 218 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 493 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 671 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 257 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site