IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බාලවයස්කරුවකු අපයෝජනය කළ අයෙක්ට ඇප

දිනේෂ් උපේන්ද්‍ර                        

වයස අවුරුදු හතක බාලවයස්කරුවකු අපයෝජනය කළැයි මසකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහරින ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියෝග කළාය.

එම ඇපකරුවන් උප්පැන්න සහතිකයේ සනාථ මුල් පිටපත් හා පදිංචි සහතික ඉදිරිපත්කළ හැකි සැකකරුගේ සමීප ඥාතීන් විය යුතු බවද ඉන් දෙදෙනෙකුගේ වත්කම් සහතික ඉදිරිපත් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

එසේ ඇප මත මුදාහරිනු ලැබුවේ ඇන්නරුව විහාරස්ථානයේ ඉකුත් පොසොන් පෝය දින ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිලධාරියෙක් වූ අතර එම විහාරස්ථානයටම පැවිදිවීම පිණිස පැමිණි බාලවයස්කාර දරුවෙකු එසේ සැකකරු විසින් අපයෝජනයට ලක්කර ඇතැයි නඩු පවරා තිබිණි.

කරුණු සියල්ල කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත‍්‍රාත්වරිය එසේ දැඩි ඇප කොන්දේසි මත මුදාහරිමින් පැමිණිලි පාර්ශවයට කිසියම් හෝ බලපෑමක් සිදුකළ බවට අධිකරණයට වාර්තා වුවහොත් නඩු කටයුතු නිමවන තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන බවටද තරයේ අවවාද කළාය.



අදහස් (1)

බාලවයස්කරුවකු අපයෝජනය කළ අයෙක්ට ඇප

?? Tuesday, 23 July 2019 10:15 PM

දූෂණය කරපු එකා මාසෙන් ගෙදර යන්න පුලුවන්, අඹ ගෙඩිය උයන්න ගත්ත කෙනා සති දෙක තුනක් පොලිස් කූඩුවේ. පුදුම සමබරතාවක් නීති යේ තියෙන්නෙ මේ ලංකාවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 76 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 383 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 305 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 239 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 601 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1223 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site