(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිසන් සභා දෙකේ වාර්තා කඩිනමින් ප‍්‍රසිද්ධ කරන ලෙස තමන් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඇතැම් අවස්ථාවලදී සතුරාගේ සතුරා මිතුරාය යනුවෙන් දේශපාලනඥයින් කල්පනා කරන බව කී අමාත්‍යවරයා එවැනි අය විසින් මුස්ලිම් මධ්‍යස්ථ පිරිස් යටපත් කිරීම ස ඳහා තව්හීද් ජමාද් ව්‍යාපාරය වැනි අන්තවාදී ව්‍යාපාර ශක්තිමත් කළේද යන්නත් වහාම සොයාබැලිය යුතු බව ප‍්‍රකාශ කළේය.
අනාගතයේ දී රට තුළ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්න මතු නොවන්නට නම් රටේ බුද්ධි අංශය රාජ්‍ය ආරක්‍ෂාව සඳහාම කැපවූ ස්වාධීන ආයතනයක් බවට පත් විය යුතුයැයි කී ඇමතිවරයා බුද්ධි අංශ දේශපාලන ඉලක්කවලින් හා බලපෑම්වලින් මුදවා ගත යුතු බව ද සඳහන් කළේය.
යුද්ධය පැවති කාලයේ මෙන් දෙගුණයක බුද්ධි අංශයක් යුද්ධෙන් පසුව ඇති වූ බව කී ඇමතිවරයා ඇතැම් බුද්ධි අංශවලට හා අන්තවාදී සංවිධානවලට 2012-13 කාලයේදී මුදල් ආධාර වාහන ආදිය ලැබුණු බව ඔප්පු වී ඇතැයිද ප‍්‍රකාශ කළේය.
සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වලට 2012, 13, 14 කාලයන්හි ආරක්‍ෂක අංශවලින් ආධාර උපකාර ලැබුණේද ඒ කොයි ආකාරයෙන්ද යන්න ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතු බව ද කීවේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මඩකලපුව නගර ශාලාවේ දී පැවති ‘ජාතික මග’ සමුළුව අමතමිනි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ කොමිසන් සභාවල වාර්තා ඉක්මනින් ප්‍රසිද්ධ කළ යුතුයි