IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ප්‍රහාරවලින් මියගියේ 253 යි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253 ක් බවත් 359 දෙනෙකු මිය ගොස් නැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සෞඛ්‍ය අංශ මුලදී 290 කට ආසන්න පිරිසක් මියයන්නට ඇති බවට ඇස්තමේන්තු කර තිබුණද මියගොස් ඇත්තේ 253 ක ආසන්න පිරිසක් බව මේ වන විට තහවුරු වී ඇතැයි ද අනිල් ජාසිංහ නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

පසුගිය දිනයන් හි ඇති වූ ත්‍රසස්තවාදී ප්‍රහාර වලින් 485 කට අධික සංඛ්‍යාවක් තුවාලකරුවන් ලෙස ශ්‍රී ලංකා ජාතික රෝහලටල දකුණු කොළඹ ශික්ෂණ රෝහලටල උතුරු කොළඹ ශික්ෂණ රෝහලටල රිඡ්වේ ආර්යා ළමා රෝහලටල මඩකළපුව ශික්ෂණ රෝහලට සහ මීගමුව මුලික රෝහලට ඇතුලත් කළ අතර අද දින (25) පෙරවරු 10 වන විට එම සංඛ්‍යාව 149 දක්වා අඩු වී ඇත.   

මෙම 485 ක් පමණ වූ තුවාලකරුවන්ගෙන් මෙම රෝහල්වලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත්තේ රෝගීන් 06 ක් පමණ වීම මෙම අතිශය කණගාටුදායක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පිළඳව ආඩම්බර විය හැකි කාරණාවකි මෙම තත්ත්වය විදේශීය මාධ්ය පවා වර්ණනා කර ඇත.

මෙම ප්‍රහාර නිසා මියගිය සංඛ්‍යාව ප්‍රහාරයන් පසු දිනයේ දී  අප්‍රේල් (22) 280 කට වැඩි සංඛ්යාරවක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුනි. මෙම සංඛ්‍යාව සමන්විත වූයේ මඩකළපුව ශික්ෂණ රෝහලේ 26 ක්ල මීගමුව මූලික රෝහලේ 102 ක්ල උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ 07 ක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 03 ක් සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ 140 ක් වශයෙනි.

මෙවැනි බෝම්බ පිපිරීම් වලදී මියයන සමහරුන්ගේ ශරීර විශාල වශයෙන් හානියට ලක්වන අතරල ඇතැම් සිරුරු විනාශ වීමටත් කොටස්වලට කැඩී සම්පූර්ණ සිරුරු වශයෙන් හදුනාගත නොහැකි තත්ත්වයටත් පත්වෙයි. මේ අනුව මරණ සංඛ්‍යාව නිශ්චිත වශයෙන් ගණනය කිරීමේ අසීරුතාවයක් පවතින බැවින් මරණ සංඛ්‍යාව සෑම දිනකම ප්‍රකාශයට පත් කෙරුනේ ආසන්න අගයක් ලෙසයි.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරය හැරුණු කොට අනෙක් සියලුම රෝහල්වල මෘතදේහ ඥාතීන්ට බාරදීම ඉතා ඉක්මණින් සිදු කෙරුන අතරල කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ ද දිවා රෑ දෙකෙහිම විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් මහේස්ත්‍රාත්වරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සේවයෙහි යෙදුන ද මෙම මෘත ශරීරාගාරයට රැගෙන එනු ලැබූ මෘතදේහ ස්වභාවයෙහි සංකීර්ණ තත්ත්වයන් නිසාම මෘතශරීර නිදහස් කිරීමට සාපේක්ෂ වශයෙන් වැඩි කාලයක් ගතවෙයි.

මීට හේතු වනුයේ සියලුම විදේශීය ජාතිකයින්ගේ මළ සිරුරු මෙම මෘත ශරීරාගාරයට රැගෙනඒමල කොළඹ හෝටල් 03 හි පිපිරීම් නිසා මරණයට පත්වූවන්ගේ සිරුරු කැබලි වීමල සාපේක්ෂ වශයෙන් අනෙක් පිපිරුම් ස්ථානවලට වඩා වැඩිවීම වැනි කරුණුය. විදේශිකයින්ගේ සිරුරු බාරදීම සඳහා ඔවුන්ගේ ඥාතීන් විදේශ රටවල සිට පැමිණිය යුතුයග එසේ නොපැමිණිනෙන්නේ නම් අදාල තානාපති කාර්යාල මගින් මෘත ශරීර හදුනාගත යුතු වෙයි. එමෙන්ම දේශීය විදේශීය බව සාමාන්‍ය යෙන් සමෙහි වර්ණය අනුව සළකා බැලිය හැකි වුව ආසියාතිකයින් සම්බන්ධයෙන් මෘත ශරීර හදුනාගැනීම නිශ්චිතව කළ නොහැකිය.

මෙම තත්ත්වයන් තුල කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ මෘත ශරීර එම සංකීර්ණ ක්‍රියාවලිය ඔස්සේ යෑමේ දී කැබලි වූ සිරුරු පිළිබද මුල් තක්සේරු නිවැරදි කිරීමේ දී අද (25) වනවිට එම මෘත ශරීරාගාරයේ මෘත ශරීර සංඛ්‍යාව 113 දක්වා අඩු වී ඇත. මඩකළපුව ශික්ෂණ රෝහලෙහි මුල දී මෘතශරීර 29 ක් වශයෙන් සටහන් වුවද ඉහත ආසන්න හේතු නිසාම අවසාන වශයෙන් මෘත ශරීර 26 ක් වශයෙන් සටහන් වියග

මේ අනුව අද (25) වනවිට පසුගිය ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යා ව ආසන්න වශයෙන් 253 ක් පමණ වෙයි. මේ අනුව අපගේ මුල් ඇස්තමේන්තුව වූ 290 කට ආසන්න අගයේ සිට 253 ක ආසන්න අගයකට අඩු වී ඇති අතරල මාධ්ය යේ පළ වූ ආකාරයට මළ සිරුරු සංඛ්‍යාව 359 නොවෙයි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

 

 



අදහස් (8)

ප්‍රහාරවලින් මියගියේ 253 යි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

JCN Thursday, 25 April 2019 03:35 PM

අනර්ඝ පැහැදිලි කිරීමක්..! හරි හරි 250 නෙමේ එක්කෙනෙක් මලත් ආණ්ඩුවට මේකෙ වගකීමෙන් නිදහස් වෙන්න බෑ..

:       4       59

Cisco Thursday, 25 April 2019 03:39 PM

ඇත්තටම අපේ රෝහල් සේවාව ගැන සතුටුයි. මෙතරම් ප්‍රමාණයක් තුවාලකරුවන් සහ මරණ එක්වරම ලැබුණු විට කළමනාකරණය කරගැනීම හරිම අපහසුයි.නමුත් ඔබතුමා ඇතුළු සුළු සේවකයන්ගේ පවා ඉතාමත් ප්‍රශස්ත අන්දමින් ඒ සේවාව ඉටුකලා

:       32       169

Sapumal. Thursday, 25 April 2019 05:15 PM

අපූරු කට්ටියක්නේ මේ. ආයෙත් ස්කොලේ යවන්න වෙයි වගේ.

:       416       372

Gunasekara Thursday, 25 April 2019 11:12 PM

සම්පුර්ණයෙන්ම විනාශව ගිය සිරරු ගණන කියද? ගොඩක් අය කිසිම සලකුණක් වත් නැතුව මිය ගියා. බෝම්බයන් පස්සේ කිසිවෙක් නැති වාහන, ගෙවල් ගොඩක් තියනවා .

:       0       0

chathuri Friday, 26 April 2019 01:21 AM

ඇත්තටම ඔබනේ දන්නේ මියගිය ගණන සමහරවිට වැඩියෙන් ගාන කිව්වේ අර කට්ටිය මරණාදර වලට විද්දිනත්, පිටරට ආදාර වැඩියෙන් ලබාගන්නත් එක්ක. වෙන්නැති යුද්දය තියෙනකොට වාවගෙන. කාපු හැටි මතකනේ...... සුනාමියට ලැබුණ ආදාර මතකනේ.

:       0       0

gbase Friday, 26 April 2019 02:52 AM

ආණ්ඩුව ඕකත් අල්ල ගනීද දන්නේ නැහැ හිනාවෙවී සාකච්ඡා කරන්න? ඩෙංගු වලින් ඕකට වඩා ජනජීවිතය විනාශ උනා කියාවිද දන්නේ නැහැ. අනේ අපේ පාන්ඩුව

:       0       0

Don Friday, 26 April 2019 03:26 AM

පව්, මෙයා අංක ගණිතය ඉගෙනගෙන නෑ. වීජගණිතය ඉගෙනගෙන තියෙන්නේ.

:       0       0

සමන් ඔස්ට්‍රලියාව Friday, 26 April 2019 04:07 AM

මළසිරුරු කොටස් වශයෙන් ඇති නිසා, හරි ගණන කියන්න කවදාවත් බැරි වෙයි. දේශපාලක අණක් ආවද අඩු ගානක් කියන්න කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 23 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 174 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 66 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 493 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 658 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 356 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site