IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පස්-වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමට එරෙහි පෙත්සම පෙබ.27 කැඳවයි

( තිළිණි  ද සිල්වා )

පස් හා වැලි ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය කැබිනට් පත්‍රිකාවක් මඟින් අහෝසි කිරීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම ලබන පෙබරවාරි 27 වැනි දා කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ද එදින සිදු කරන ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැඳවූ අතර එහිදී මෙම නියෝග නිකුත් කළේය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ඇතුළු කැබිනට් අමාත්‍ය මණ්ඩල, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, පොලිස්පති හා නීතිපතිවරයා නම් කර ඇත.

 

පෙත්සම්කරුවන් ගොනු පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පසුගිය දෙසැම්බර් මස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් එකී බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇතැයි සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.

1992 අංක 33 දරණ පරිසර පනත ප්‍රකාරව පස් හා වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්යව තිබියදී පනතේ වගන්ති උල්ලංඝණය කරමින් සිදුකළ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම නිසා පස් හා වැලි කැණීම් උග්‍ර වී නායයෑම් පාංශු ඛාදනය, ගං ඉවුරු ඛාදනය පුළුල් වී මුහුදු ජලය ඇළ මාර්ග ඔස්සේ ගලා ඒම යනාදී පාරිසරික ගැටලු වැඩි වී ඇත.

කැබිනට් මණ්ඩලය ගෙන ඇති එකී තීරණය නීතිවිරෝධී බවට තීන්දු කර බලපත්‍ර නොමැතිව සිදුකරන ප්‍රවාහනය කිරීම් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නියෝග කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

 



අදහස් (0)

පස්-වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමට එරෙහි පෙත්සම පෙබ.27 කැඳවයි

ඔබේ අදහස් එවන්න

දියත

කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 72 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 106 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 324 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 680 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 510 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 515 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1721 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site