IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නෙළුම් කුලුන ගැන ඇලිට් සමාගමෙන් නිවේදනයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ඇමෙරිකානු ඩොලර් 15,644,980ක් (රුපියල් 2,832,567,781.65) ගෙවූ බවත් එම සම්පූර්ණ මුදල කුලුන ඉදිකිරීමේ කටයුත්ත සඳහා පමණක් යොදාගත් බවත් ඒරෝස්පේස් ලෝන්ග් මාච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සමාගම (ඇලිට්) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

චීනයේ එක්ස්පෝට්-ඉම්පෝට් බැංකුව හරහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම 2012 වසරේ ඔක්තෝබර් 9 වැනිදා චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝටර්ස් සහ එක්පෝටර්ස් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) සමාගමේ ගිණුමට අදාළ අත්තිකාරම් මුදල ගෙවා ඇතැයි ද ඇලිට් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා 2010 වසරේ අගෝස්තු මාසයේදී සී.ඊ.අයි.ඊ.සී සමාගම සමඟ එක්ව එක් සමාගමක් ස්ථාපිත කළ බව ද ඇලිට් සමාගම සඳහන් කරයි. නෙළුම් කුලුන ඉදිකිරීමේ ව්‍යාපෘතියට අත්සන් තැබුවේ 2012 වසරේදී බවත් 2015 වසරේදී කුලුන ඉදිකිරීමේ ඉදිරි කටයුතුවල පූර්ණ වගකීම සී.ඊ.අයි.ඊ.සී ලබාදුන් බවත් ඇලිට් සමාගම සිය නිවේදනයේ සඳහන් කර ඇත. එය ජාත්‍යන්තර ව්‍යාපාරික පිළිවෙත්වලට අනුකූල බව ද ඇලිට් සමාගම සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

නෙළුම් කුලුන විවෘත කිරීම ව්‍යාපෘතියේ සුවිශේෂී සංධිස්ථානයක් බවත් එපමණක් නොව එය ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන මිත්‍රශීලි සහයෝගීතාවයේ සංකේතයක් බවත් ඇලිට් සමාගම සඳහන් කර ඇත. රාජ්‍ය සමාගමක් වන අප සමාගම රටවල් 40කට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක වන බවත් පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගෙන ඇති බවත් ඇලිට් සමාගම තවදුරටත් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන මිත්‍ර සබඳතා පෝෂණය කරන අතර ඉදිරියේදීද ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වන බව ද ඇලිට් සමාගම වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බවත් ඉන් එක් සමාගමක් පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් කුලුන ඉදි කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ගෙවූ රුපියල් කෝටි 200ක් අතුරුදන් වී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා චෝදනා කළේය. නෙළුම් කුලුන ඉදි කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ද කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කළ අතර ඇලිට් සමාගම වෙනත් ස්ථානයක තිබෙන බව එම නිවේදනයේ දැක්විණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කරන බවද කරුණාසේන මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.



අදහස් (27)

නෙළුම් කුලුන ගැන ඇලිට් සමාගමෙන් නිවේදනයක්

rim Sunday, 22 September 2019 11:24 AM

කොහොමහරි දැන් අපට තමයි මේ සේරටම වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ . මේ වගේ චෝදනාවක් කරන්න කලින් හොයල බැලුවේ නැද්ද??? දැන් තානාපති කාර්යාලයත් කියනවනේ එහෙම සමාගමක් තියෙනවා කියල ? අනේ අපේ අයගේ වැඩ.

:       31       312

KalanSunday, 22 September 2019 12:29 PM

මහින්දලාගේ පැත්තෙන් කිව්වේ එහෙම සමාගමකට මුදල් ගෙව්වේ නැහැ කියලා. දැන් මේ සමාගම කියනවා එයාලට මුදල් ගෙව්වා කියලා.

:       457       359

naweenSunday, 22 September 2019 06:04 PM

ආපහු නිවේදනය මුලසිට කියවන්න.

:       0       0

chandakaMonday, 23 September 2019 03:19 AM

"(සී.ඊ.අයි.ඊ.සී) CEIEC සමාගමේ ගිණුමට අදාළ අත්තිකාරම් මුදල ගෙවා ඇතැයි (ඇලිට්) ALIT සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ "යනුවෙන් ඉහත සඳහන් වෙන්නේ . ALIT සමාගමට මුදල් ලැබී නැත .

:       0       188

aligeshanMonday, 23 September 2019 05:57 AM

නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා 2010 වසරේ අගෝස්තු මාසයේදී සී.ඊ.අයි.ඊ.සී සමාගම සමඟ එක්ව එක් සමාගමක් ස්ථාපිත කළ බව ද ඇලිට් සමාගම සඳහන් කරයි. චීනයේ එක්ස්පෝට්-ඉම්පෝට් බැංකුව හරහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම 2012 වසරේ ඔක්තෝබර් 9 වැනිදා චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝටර්ස් සහ එක්පෝටර්ස් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) සමාගමේ ගිණුමට අදාළ අත්තිකාරම් මුදල ගෙවා ඇතැයි ද ඇලිට් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

:       0       2

BamunuarachchiSunday, 22 September 2019 01:28 PM

කෝ මෙතැන ගොබ්බ අදහස් ලියපු කට්ටිය? සිරිසේන වගේ කවිකොළ කාරයෙක්ගේ කතාවක් අහගෙන හතරවටේටම මඩ ගහලා දැන් සියලුම මුඛයන් වහගෙන ඉන්නවා. තමන්ට තමන්ගැනම ලැජ්ජා හිතෙන්නේ නැද්ද? මෙහෙම ලණු කනවට...

:       281       251

NissankaSunday, 22 September 2019 07:56 PM

බමුණෝ තමුන්ට ලැජ්ජාවක් නැද්ද වහලෙක් වගේ රාජපක්ෂ නඩේ කිලිටි හෝදන්න?

:       70       80

NissankaSunday, 22 September 2019 08:04 PM

දැන් අනිත් සමාගම කියයි නෑ අපි තමයි හැදුවේ කියලා. එකම කුලුන කොහොමද සමාගම් දෙකකින් හැදුවේ?

:       53       0

Nissanka Sunday, 22 September 2019 11:32 AM

එතකොට මෙයාලා හදපු කුළුණ කොහෙද තියෙන්නේ? මැදමුලනද?

:       782       235

රවින් Sunday, 22 September 2019 12:04 PM

අර මොනවද හත් පොලේ ගාගත්ත එක්කෙනා තමයි ඔය නාගන්න හදන්නේ... එ් හින්දා කවුරු කවුරුත් ටිකක් ඈත්වෙලා ඉන්න එක හොඳයි. බළල්ලු දී කිරට සාක්කි දෙනවා වගේ එයාගේ කියුම් අනුමත කරන අයත් ඉන්නවා. ඒ ඉතින් දැන් දන්නෝ දනිති.

:       14       225

හේරත් Sunday, 22 September 2019 12:07 PM

කවුරු ඇත්ත කියයිද - කවුරු බොරු කියයිද නොදනිමු. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිව හැකිය. එක දෙයක් පැහැදිලියි. රටේ ධනය දේශපාලකයින් සොරා කන බව පරම සත්‍යයකි. ඔවුන් සොරා කෑ දෙය අපි උපන් දින සිට මැරෙන තෙක් ගෙවමු...!

:       85       254

Prabha Sunday, 22 September 2019 03:11 PM

එහෙම දෙයක් වුණා නම් සොයාබලා අධිකරණයට යන්නේ නැතිව, වාචාලකමට කියවනවට හොඳ පාඩම...

:       0       205

isuru Sunday, 22 September 2019 03:22 PM

බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ ඉතින් කාට කියන්දෝ මේ නඩු...

:       77       5

kalim Sunday, 22 September 2019 03:24 PM

රාජපක්ෂලා වන්දනාවේ යන රටක වෙන මොනවද මීට වැඩියෙන් හිතන්න තියෙන්නේ... !!!

:       421       383

jinasiri Sunday, 22 September 2019 03:25 PM

අලිට් සමාගමෙන් නිවේදනයක් යනු හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්...!!!

:       288       155

Chanak los angelesSunday, 22 September 2019 11:11 PM

ඇත්ත ...හොරකම වෙලා ඉවරයි ගහපු මුදලේ ණය වාරිකය කොහොමත් රජය ගෙවනවානේ .ඉතින් එම සමාගම් සාටකයන් කියන ඕනෑම දෙයක් කියයි .

:       2       0

kamalani Sunday, 22 September 2019 03:49 PM

වහාම මේ සම්බන්ධව සොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කළ යුතුයි කියා මම යෝජනා කරමි.

:       0       0

tharidu Sunday, 22 September 2019 03:51 PM

කෝප් කමිටුව ඉක්මණින් මේ සම්බන්ධව විමර්ශනයක් කළ යුතුයි.

:       0       0

irshan Sunday, 22 September 2019 03:55 PM

හැකි ඉක්මණින් පාර්ලිමේන්තු කාරක සභාවත් පත්කොට මෙය විමර්ශනයක් කළ යුතුමයි කියා යෝජනා කරමි..

:       0       0

jagath Sunday, 22 September 2019 03:58 PM

ලෝකේ 19 වන උසම රාජපක්ෂ කොමිස් කුලුන

:       650       524

indikaMonday, 23 September 2019 03:51 AM

ජගත්, ඔයාට ගොඩක් දුකයි වගේ. ගහන මඩ එකක් වත් හරියන්නේ නැති කොට. මේකේ කොහෙද කොමිස් ගත්ත බවක් කියවෙන්නේ ? ගහන මඩ ඔක්කොම තමන්ටම කැරකිලා එනවා. පේනවනේ ඇවන්ගාඩ් සම්බන්ධ කරලා රාජපක්ෂලාට ගහන්න ගියාම මඩ. දැන් නාගෙන ඉන්නේ. පව් යූ.ඇන්.පී. කට්ටිය.

:       1       34

Nandalal DE SILVA - France Sunday, 22 September 2019 06:07 PM

ඔන්න බොලේ අපේ සිරිසේන ජනාධිපතිතුමත් නූල් පන්දුවක් මැද්දට හිරවෙලා වගෙයි ! අග මුල නොපෙනෙන ජන්ජාලයකට අපේ ජනපතිගේ අවසන් සති කිහිපය දමන්න පිහිට උන අයට දැන් සතුටින් කිරිබත් කන්න පුළුවන් වෙයි !!

:       0       0

Chanak los angeles Sunday, 22 September 2019 11:07 PM

දැන් සාටකයන්ගේ ගැහිල්ල වහගන්න ඒ සමාගම් පොළඹවනවා . හොඳට මේ ප්‍රවුර්තිය කියවන්න මහින්ද කියපු එකයි මේ සමාගම කියන දෙයයි කොපමණ වෙනස්ද ?

:       0       0

යාපා Monday, 23 September 2019 12:34 AM

මඩ ගහන්න ගිහින් හත්පොලේ ගාගත්ත මහත්තුරුයි ඒවා ඔලු උඩ තියාගෙන පිලිගත්ත අම්බරුවන් ගැනයි ශෝකය ප්‍රකාශ කරමි

:       0       8

vipula Monday, 23 September 2019 04:51 AM

මේ සියලු ප්‍රශ්න වලට වැරදි කරුවන් වන්නේ ඡන්දෙ දීපු ජනතාව. හරි හමන් පුද්ගලයෙක් රටේ නායකත්වයට යැවීම ජනතාවගේ වගකීමක්. නැත්නම් මේ සර්වජන ඡන්දබලය විහිළුවක් වෙනවා .

:       0       7

sharm warn Monday, 23 September 2019 09:44 AM

කොමිස් ගහගන්න එව්වා කොහොමත් අඩුවක් නැතුව කරගත්තා හැබැයි අනුන්ගේ නමින් .. ඒ නිසා මේ සම්මජ්ජාතියේදී අල්ලනු බොරු .. ඒවා හොයන්නවත් ඒ ගැන කතා කරන්නවත් කාලේ වැය කරන එක අපරාධයක් .. කළ යුත්තේ මොලේ පාවිච්චි කරලා ඔවුන්ට බලය ගන්න ඉඩ නොදෙන එක .. හිතන්න එපා ඔය කවුරුවත් රටේ ආරක්ෂාව ගැන බලයි කියලා ..

:       0       0

jagath Monday, 23 September 2019 02:47 PM

ඉන්දික අපි නාගානන්ද මැතිතුමාගේ මතය දරන උදවිය... යූ.එන්.පී කාරයොත් හොරුන්, රාජපක්ෂලා ඇතුළු වහල්ලුත් හොරු.... ඉන්දික ඕක ලෝකයේ 19 වැනි උසම කොමිස් කුළුණ වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 114 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 266 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 309 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 240 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 346 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 125 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site