IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නිල නිවාස බාර දී නැති හිටපු ඇමැතිවරු 19 කට නඩු

ජයන්ත සමරකෝන්  
 

මෙතෙක් රජයේ නිල නිවාස බාරදී නැති හිටපු අමාත්‍යවරුන් 19 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන හා ආපදා  කළමනාකරණ අමාත්‍යංශය කියයි.

මෙම හිටපු අමාත්‍යවරුන්ගේ ධූර කාලය අවසන් වී ඇති බැවින් ඔවුන්ට සිය නිල  නිවාස වලින්  ඉවත්වන ලෙස කීපවතාවක්ම දැනුම් දී ඇතත් මේ දක්වා ඉවත් නොවීම නිසා මෙම පියවර ගන්නා බවද, එම අමාත්‍යංශයේ උසස් නිලධාරීයෙක් පැවසීය.

වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් 20 දෙනෙකු පමණ මෙම නිල නිවස ඉල්ලා ඇතැයි ද, එහෙත් හිටපු අමාත්‍යවරුන් ඉවත් නොවීම බරපතල ගැටලුවක් වී ඇතැයි ද උසස් නිලධාරියා කීය.

නිල නිවාසවලින් ඉවත් නොවී සිටින ඇතැම් හිටපු අමාත්‍යවරුන් ගෙවල් කුලී පවා ගෙවා ඇතැයි ද අමාත්‍ය වැටුපෙන් 10 % ක් අඩුකර ගෙන මෙම නිල නිවස පවරාදී තිබු බවද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.
 



අදහස් (7)

නිල නිවාස බාර දී නැති හිටපු ඇමැතිවරු 19 කට නඩු

සිරිබිරිස් Monday, 25 March 2019 12:54 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියා කියමනක් තියෙනවානේ. රට හදන්න යන මොවුන් මෙහෙමනම් මේ රට කවදා ගොඩගත හැකිවේද හිතන්න අමාරුයි. මෙලෙස ජනතා දේපල කොල්ලකමින් සිටින්නන් ජනතාවට හෙලිකල යුතු අතර ඔවුන්ට නැවත නාම යෝජනා නොදීමද පක්ෂ නායකයින්ගේ වගකීමක්වේ

:       0       40

menna Monday, 25 March 2019 12:58 PM

ලංකාවේ ඇමතිලට මොකක්ද මේ වෙන්නේ? ඉස්සර අයත් මෙහෙම වෙන්න ඇති. ඒ කාලේ මොනවද වුනේ කියලා දැන් වෙන දේවල් වලින් හිතාගන්න පුළුවන්.

:       3       3

රවින් Monday, 25 March 2019 01:23 PM

කථාවනම් මහජන හිතකාමී සුවකාමි. කරන වැඩ? කවටයෝ ? පිහිටි ස්ථානය අනුව පළාතේ මාසික කුලිය මෙන් තුන් ගුණයක් වත් අඩුම තරමේ නැවත අය කරගත යුතුවේ. නම් ප්‍රසිද්ධ පුවත් පත්වල පලකරන්න. රාජ්‍ය දේපල අවභාවිතය ලෙස නඩු පවරන්න.

:       0       31

Chanak Los Angeles Monday, 25 March 2019 10:19 PM

සමහර විට ඔය නිවාස ඔවුන්ගේ නමින් ඉඩම් දෙපාර්තමේන්තුවේ පත්තිරු වලටත් ඇතුලත් කරගෙන ඔප්පුත් ලියාගෙන ඇති

:       0       0

rocky Tuesday, 26 March 2019 01:37 AM

ජනාධිපති තුමෝ, ඔන්න වැඩ! ඔය ත්‍රිපිටකය සංවර්ධනය කෙරිල්ල වගේ නොවෙයි, ඇයි ඔබතුමාට මේ කියන අයව පන්නල දාන්න බැරි?

:       0       2

චමින්ද Tuesday, 26 March 2019 01:46 AM

අපේ ඡන්දය ගන්නෙ පාර්ලිමේන්තු යන්න කියල මන්ත්‍රී ඩොට් එල්කේ වලට ගොස් බැලුවොත් පෙනේවි කවුද පාර්ලිමෙන්තු යන නොයන මන්ත්‍රීන් කියල. සමහර අය සිටිනවා අවුරුද්දටම දින 10 ට අඩුවෙන් පාර්ලිමේන්තු ගිය අය.මෙහෙම වෙන්නේ ඇයි.මේ නිසා ඉදිරි මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයා හිටපු මන්ත්‍රී කෙනෙක්නම් ඔහු පත්ව සිටිඅවුරුදු 5 තුළ පාර්ලිමේන්තු ගිය දින ගණන සඳහන් කරන ක්‍රමයක් ඇති කරන්න

:       0       1

Nandalal DE SILVA - France Tuesday, 26 March 2019 11:48 AM

ඕක ඉතින් නඩු කියලා අහවර කරන්න ඕන දෙයක්ද? පොදු ජනතාව ඔහොම දේවල් කරානම් "පිස්කල් මහත්තය" උසාවියෙන් නිල පත්‍රිකාවක් අරගෙන ගිහින් චුදිතයන් එලියට දමා ගෙදර බඩු මුට්ටු වත්තට ඇදදමා, දොරවහලා, යතුරු කටේ ලාකඩ සීල් එකක් ගහපු කාඩ් එකක් එල්ලලා යනවා! වැඩේ එතැනින්ම ඉවරයි! මා කුඩා අවදියේ අල්ලපු ගෙදරක අසරණ පවුලක් හිටියා, සොච්චම් බදුමුදලක් ගෙවා ගැනීමට බැරුව. දවසක් "පිස්කල් මහත්තය" ඇවිල්ලා එහි තිබුන බඩුමුට්ටු සමග ලිපේ ඉදෙමින් තිබුන බත්හැලිය පවා එලියට දමා, හඬමින් කනිපින්දම් කල ඒ අසරණ පවුල දොට්ට දමා, ඒ කුඩා නිවස සීල් තබා ගියහැටි මට තවම මතකයි! දින 53 හිටපු ඇමැතිවරු 19 දෙනාටත් මේකම කරලා දොට්ට දමන්න බැරි තරමට අපේ රටේ නීති පද්ධතියට කොන්දක් නැද්ද? රටේ නීතිය ලොක්කට එකක්, පොඩ්ඩට තව එකක්......

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 283 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 610 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 733 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 412 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 481 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 170 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site