IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දික්කසාද නීතිය ප්‍රතිසංස්කරණයට රජය සැරසෙයි

(නිමල කොඩිතුවක්කු)

දික්කසාද සම්බන්ධ නඩු විභාග කිරීමේදි වඩාත් ලිහිල් ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය  නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

දික්කසාද සම්බන්ධ නඩු ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම  අධිකරණ සේවා කොමිසන් සභාව මගින් එවන ලද චක්‍රලේඛය අනුව අධිකරණ භූමිවල ඇති නඩු භාණ්ඩ අපහරණය කිරීම පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දි ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව අධිකරණ භූමිය තුළ ගොඩගසා ඇති  වැලි, ගල්, දැව සහ රථ වාහන වැනි ද්‍රව්‍ය ඡායාරූප ගත කර ඒවා  සංයුක්ත තැටිවල ගබඩා කර අපහරණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රීයාත්මක කරන බවත් ඔහු පැවැසීය.

ඒ සඳහා අවශ්‍ය කැමරා 100 ක් ගෙන්වීමට කටයුතු කර තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා  මේ මගින් අධිකරණ භූමි වඩාත් පරිසර හිතකාමි තත්වයට පත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව සඳහන් කළේය.

 

 

 

 

 

 

 

 



අදහස් (11)

දික්කසාද නීතිය ප්‍රතිසංස්කරණයට රජය සැරසෙයි

ජයරත්න Tuesday, 28 January 2020 12:48 PM

දැන් තියෙන ක්‍රමය යටතේ දික්කසාද නඩුවක් දැම්මට පස්සේ කොහොමත් ආයෙත් එකතුවෙන්න පුළුවන් කමක් නැහැ. හිටියට වඩා තරහ වෙලා තමයි වෙන් වෙන්නේ. මීට වඩා හිත හොඳින් වෙන් වුණා නම් දරුවන්ටත් හොඳයි. කොහොමත් නඩුවක් දානකොට පවුල කඩාවැටිලා ඉවරයි. නඩු අහන්න ඕනෑ අයිතිවාසිකම් තීරණය කරන්න විතරයි. එහෙම නැතුව නඩු තීන්දු වලින් පවුල් හදන්න බැහැ.

:       0       2

Sena Tuesday, 28 January 2020 01:59 PM

රටේ තිබුන විශාලම දැවෙන ප්‍රශ්නයකට විසදුම්. මැතිවරණ පොරොන්දුවක් වෙන්න ඇති.

:       109       62

Asanka Tuesday, 28 January 2020 02:32 PM

උසාවියේ තියන ගල් වැලි වාහනවල ෆොටෝ ගහලා ඔය ටික ක්ලවුඩ් එකකට අප්ලෝඩ් කරන්න අලුතෙන් කැමරා 100ක් ගන්නත් ඕනද..? කවුද මේ රජයේ සේවේ ඉන්නේ ගල් වද්දෝද? අනික දික්කසාද ඉක්මනට කරගන්න දෙන එකද හොඳ? නැත්නම් දික්කසාද අඩු කරගන්න උපදෙස් දෙන එකද?

:       0       1

Champa Tuesday, 28 January 2020 03:06 PM

වහල් ආණ්ඩුවත් මේකම කරන්න හැදුවා. අහන්න දෙයකුත් නැහැ මේ ආණ්ඩුවේ මේක කරන්නෙත් වහල් ආණ්ඩුවේම හිටපු මස් කට්ටක්. ලංකාව වගේ පවුල මූලික කරගත්ත ජන සමාජයක් තියෙන රටක වගකිවයුතු රජයක් විදිහට කරන්න ඕනේ දික්කසාද වෙන්න පහසුකම් සලසන එක නෙමෙයි, දික්කසාද නොවෙන තැනට පවුල් ආරක්ෂා කරන එක. සමාජය විකෘති වීම නිසා සහ සමාජ ආර්ථික හේතු නිසා වෙන දික්කසාද ඕනේ හැටියේ අඩු කරගන්න පුළුවන් අදාල ප්‍රශ්න විසඳනවා නම්. දරුවන්ට කෘරකම් සහ ගෘහස්ථ වද හිංසා වැඩිපුරම සිද්ධ වෙන්නේ මත්පැන් මත්ද්‍රවය වලින් සිහිය විකල් වීම නිසා සහ ඒ සම්බන්ධ වරදකරුවන්ට නීතිය ලිහිල් නිසා. ඒවා ගැනයි බලන්න ඕනේ.

:       1       0

dinesha Tuesday, 28 January 2020 04:52 PM

වැලි, ගල්, දැව සහ රථ වාහන වැනි ද්‍රව්‍ය ඡායාරූප ගත කර ඒවා සංයුක්ත තැටිවල ගබඩා කර අපහරණය කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම නම් බොහොම හොදයි. හුගක් වාහන නඩු ඉවර වෙනකොට දිරලා පාවිච්චි කරන්න බැරි තත්වයටම යනවා.

:       1       0

sunil perera Tuesday, 28 January 2020 10:33 PM

අපේ සහෝදරියන් උසාවි කුඩුවට නගන්නේ නැතිව අදාළ පාර්ශව පමණක් පුද්ගලික උසාවි භූමියක නඩු ඇසීම සහ දෙදෙනාගේ කැමැත්ත ඇතිවිටක උසාවි පොලිසි නොගොස් සමත මණ්ඩලයට දික්කසාද වීමේ නෛතික බලය දීම . ජපානය වගේ උසස් රටවල් ආදර්ශ ගන්න.

:       30       18

MaheeWednesday, 29 January 2020 05:02 AM

ඉතා වටිනා යෝජනාවක්. මේ විතරක් නෙමෙයි, ළමා අපචාර නඩු, ස්ත්‍රී දුෂණ නඩු ආදියත් ඒ වින්දිතයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට විභාග කරන්න ක්‍රම සකස් කල යුතුයි.

:       0       1

ajith Wednesday, 29 January 2020 03:26 AM

දික්කසාද නීතිය ප්‍රතිසංස්කරණය කිරීම සමහර මැති ඇමතිවරුන්ට සහ සමහර ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඒක ලොකු සහනයක් වේවි. අතීතය බැලුවහම ඇමතිවරු ක්‍රීඩකයෝ බොහොම දෙනෙක් දික්කසාද වෙලා තියෙනවනේ.

:       32       38

sharm warn Wednesday, 29 January 2020 05:07 AM

දික්කසාද වලත් නඩු භාණ්ඩ උසාවියේ තියෙනවද ??

:       0       1

samurai Wednesday, 29 January 2020 05:58 AM

කවුරු වැරදි වුනත් අවසානයේ වැඩි අවාසිය යන්නේ පුරුෂ පක්ෂයට. රටේ 60-70% ගෙවල්වල රැට කන්නේ කඩෙන්. හම්බු කරන සල්ලි නිකම්ම වියදම් කරනවා බොරු ආටෝප වැඩ වලට, බැඳපු මිනිස්සුන්ගෙන් අහල බලන්න ටීවී එක ඉස්සරහ වාඩිවෙලා නැත්නම් ෆෝන් එකේ එල්ලිලා ඕප දූප වැඩ වැඩියෙන් කරන එකයි අද කාලේ වැඩි හරියම තියෙන්නේ සමාජයේ මොනවා නීති ගෙනාවත්, අපි රට ඉඳන් එවන සල්ලි මුළු රටම බලාගෙන ඉන්නේ . ඒවා කිසිම ප්‍රයෝජනවත් විදියකට ආයෝජනයක් නැහැ

:       0       2

Bamunuarachchci Wednesday, 29 January 2020 07:39 AM

ඇමෙරිකන් ක්‍රමයට නීති හදන්න සැමියා දික්කසාද ඉල්ලනවානම් ගේදොර බිරිඳට අයිති වෙන විදිහට.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 159 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 358 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 412 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 287 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 389 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 139 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site