IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චිත්‍රපට සංස්ථාවට එරෙහිව අතුරු නියෝගයක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
හතර වැනි මණ්ඩලයේ චිත‍්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත‍්‍රපට සංස්ථාවට  පවරාගැනීම වළක්වලමින් පළාත් බද සිවිල් අභියාචනාධිකරණය  අද  (18)  අතුරු නියෝගයක් නිකුත් කළේය.
 
අධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ චිත‍්‍රපට සමාගම් 4 ක් විසින් ගොනු කළ පෙත්සමක් ඊයේ  සලකා බැලූ අවස්ථාවේදීය.
 
එම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු මෙම අතුරු නියෝගය ලබා දී ඇත.
 
චිත‍්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සිනමා සමාගම් 04ක් වන ඊ.ඒ.පී චිත‍්‍රපට සමාගම, ලංකා ෆිල්ම් ඩිස්ටි‍්‍රබියුටර්ස් පෞද්ගලික සමාගම, සිනමා එන්ටර්ටේන්මන්ට් සමාගම, මූවි ප‍්‍රඩක්ෂන් යන සමාගම් විසින් ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික චිත‍්‍රපට සංස්ථාව  ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
 
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
4 වැනි මණ්ඩලයේ චිත‍්‍රපට බෙදා හැරීමේ කටයුතු ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ කටයුතු වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණයට පෙත්සම්කරුවන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.එම පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව අදාළ දිසා අධිකරණය වාරණ නියෝගයක් ලබා දී පසුව එය විසුරුවා හරිනු ලැබීය. ඉන් අනතුරුව අගතියට පත් පැමිණිලිකරුවන් විසින් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරන ලදී.
 
පෙත්සම්කරුවන් වෙනුවෙන් නිතිඥ අනෝමා ගූණතිලක මහත්මිය  පෙනි සිටියාය.
 



අදහස් (0)

චිත්‍රපට සංස්ථාවට එරෙහිව අතුරු නියෝගයක්

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 44 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 17 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 407 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 401 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 259 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 469 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site