IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අනතුරට පත් ටිපර් රියේ ගැටී යතුරුපැදිකරු මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දිවුලපිටිය මීරිගම මාර්ගයේ බාඳුරාගොඩ ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන්න ටිපර් රියක් අධිබල විදුලි රැහැන් කණුවක ගැටී නතරව තිබියදී එම අනතුරෙන් පැයකට පමණ පසුව එම මාර්ගයේ මීරිගම දෙසට ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රියේ ගැටීමෙන් යතුරු පැදිකරු මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

අදු  (17) අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගියේ දූනගහ කෙහෙල්ඇල්ලේ පදිංචිව සිටි පශූ සම්පත් දෙපාර්තමේන්තුවේ රියදුරකු වූ ටී.පී. තුෂාර චම්පික 44 හැවිරිදි එක්දරු පියෙකි.

මීරිගම දෙසට ගමන් කළ ටිපර් රිය එදින අළුයම 4.00 ට පමණ පාරෙන් ඉවතට පැන විදුලි කණුවේ ගැටී ඇත. එම අනතුරත් සමග අධිබල විදුලි රැහැන් කැඩී විදුලිය විසන්ධිවීම නිසා මහත් විනාශයක්වීම වැළකී ඇතැයි පොලිසිය කියයි. එහි රියදුරා රෝහල්ගත කර ඇත.

යතුරුපැදිය ටිපර් රියේ පිටුපස දකුණු පස රෝද යුගලය අසල ගැටී හිරවී සිටියදී සුවසැරිය ගිලන් රියක් මගින් තුවාලකරු දිවුලප්ටිය දිසා රෝහලට ඇතුළත් කර ඇතත් එහිදි මියගොස් ඇති බව හෙළිවී ඇත.  යතුරු පැදියේ ඉදිරි පස කොටස දැඩිසේ හානි සිදුවී තිබිණි. මියගිය අය ඔහු සේවය කරන පශූ සම්පත් දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයාගේ නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි අනාවරණය වී ඇත.

මියගිය අයගේ මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක ඒ. ඉන්ද්‍ර කුමාර මහතා ඉදිරියේ  දිවුලපිටිය  දිසා රෝහලේදී පැවැත්විණි. දිවුලපිටිය රෝහලේ  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හේමන්ත අල්විස් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

මෙම අනතුරු නිසා පොත්තෙවෙල, බාඳුරාගොඩ, වත්තෙමුල්ල, උල්ලලපොල, හිරිකුළුව, ජයකොඞ්පුර, ගස්පේ, ඇතුලු පෙදෙස් ගණනාවක  විදුලිය විසන්ධිව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය විදුලි පාරිභෝගිකයනට අද  (17) උදෑසන දැනුම් දෙනු ලැබීය. පැය අටක පමණ කාලයක් මෙසේ විදුලිය විසන්ධිව පැවතිණි. අනතුර නිසා විදුලි බල මණ්ඩලයට සිදුවූ හානිය රුපියල් ලක්ෂ දෙකක් පමණ වනු ඇති බව ද මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. විදුලි රැහැන් අලුත්වැඩියා කටයුතු නිසා දිවුලපිටිය මීරිගම මාර්ගයේ වාහන ගමනාගමනයට වරින්වර බාධා පැමිණියේය.



අදහස් (7)

අනතුරට පත් ටිපර් රියේ ගැටී යතුරුපැදිකරු මරුට

ajith Saturday, 17 August 2019 09:56 AM

මේ හා සමාන අනතුරුවලින් ලංකාවේ ගොඩාක් ජීවිත අහිමිවෙනවා. අඩුම ගානේ බර වාහන වලටවත් පිටුපස ස්ටිකර් එක ඇලවීම අනිවාර්ය කරනවා නම් මේ මාරක අනතුරු නවත්වා ගන්න පුළුවන්.

:       0       84

සුජිත්Sunday, 18 August 2019 01:50 AM

මඟ හොඳට පෙනේ නම්. කිම බැදිවල යන්නේ මංමුලා වූ එකෙකු සේ කිව්වලුනේ. ඉදිරියේ අනතුරට පත්ව ඇති ටිපර් රථය නොදැක්කේ.... මේ යතුරු පැදියේ ලාම්පු නොතිබූ නිසාද? එසේ නැත්නම් හෙල්මටය අස්සේ ගසාගත් සෙල්ෆෝනයෙන් කථාකරමින් ගිය නිසාද... කියා සිතෙනවා. මෙවැනි කෙනෙකුට වල්අලියෙක් පාරේ සිටියත් පේන්නේ නැතිවෙන්න පුළුවන්. කල්පනාවක් නොමැතිව මෙසේ යන අයට ස්ටිකර ගැසුවා කියා හරියාවිද?

:       50       196

AkilaSunday, 18 August 2019 02:47 AM

මේ ටිපර් ඇතුළු බර වාහනවලට බලපාන ගොඩක් නීති අලුතින් ගෙන්න වෙනවා. මොකද ඒ ගොල්ලෝ තමයි මහමග ගොඩක් ජීවිත නැතිකරන්නේ..., පාරේ යන බයිසිකල්, පයින් යන අය පාර පනින සතෙක් ගැන ඒ ගොල්ලෝ කිසිම දවසක තැකීමක් කරන්නේ නැහැ... දවසක් දැක්කා පාරේ එළුවෝ රංචුවක් සිටින නිසා අනික් රියැදුරන් නවත්තගෙන සිටිද්දී ටිපර් රථ රියදුරෙක් අාපු වේගෙන්ම අයිනෙන් දාලා යන්න හදලා එතැන හිටපු යතුරුපැදි කරුවෙක්ව යටකළා.

:       0       12

MD Saturday, 17 August 2019 01:01 PM

ටිපර් සඳහා අනිවාර්ය වේග සීමාවක්, කාලසටහනක් පනවන්න. දිනපතා මෙහෙම මිනිසුන් මැරෙන තුරු රජයක් මෙලෙස නිහඬව සිටින්නේ කෙසේද? මොන අපරාදයක්ද? මේවා ප්‍රමාදකර රටේ පාලකයින් කරගන්න පව් කන්දරාව කෙසේ ගෙවා නිමකරන්නද?

:       14       150

සෙනෙවිරත්න Saturday, 17 August 2019 01:05 PM

බොහෝ වාහනවල පසුපස ලාම්පුවක් නැත. ⁣නවීනතම ස්කූටර්වල පවා පසුපස බල්බ් නොදැල්වේ. පදින්නන් ⁣එය නොදන්නවා විය හැක. තමන් විශාල අනතුරකට ලක්වන බව මොවුන් නොදනී. ත්‍රීවිල් බොහොමයක පසුපස ලාම්පුනැත. පොලිසියට මේවා නොපෙනෙන්නේ පසුපස බැවිනි.

:       0       60

ධම්ම Saturday, 17 August 2019 02:43 PM

පොදුවේ මහපාරේ රිය පදවන සියලුම දෙනා හැකි ඉක්මණින් මේ යතුරුපැදිකරු ගිය මගේ යන්න හදනවාදැයි විටෙක මට සිතේ. ඒ තරම් හදිස්සියක් ඔවුන්ට ඇත්තේ...

:       0       13

shan Saturday, 17 August 2019 03:15 PM

ලංකාවේ මිනිස්සු මොන ස්ටිකර් ගැහුවත් ගිහින් හප්පා ගන්නවා. දවල්ට පෙනී පෙනී ගිහින් හප්පා ගන්න හැටියට රාත්‍රියට මොන කතාද? රටේ මාර්ග නීති දැඩි නොකිරීම හා රියදුරන්ගේ නොමනා හැසිරීම් නිසා මේ සියල්ල සිදුවන්නේ රටේ නීති දේශපාලනයට යට වෙලානේ... මේ සියල්ල නුගත් පාලකයන් රට පාලනය කිරීම නිසයි.

:       0       104

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 431 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 867 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1032 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 588 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 598 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 209 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site