IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අගමැති වීරවිල යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක

වීරවිල යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ සහභාගි විය. 

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණ තරුණියෝ අට දහසක් පමණ යොවුන් පුරයට සහභාගි වී සිටියහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස, වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එරංග වැලිඅංගේ යන මහත්වරුන් කඳවුරුවලට ගොස් තරුණ තරුණියන් සමඟ සුහද පිළිසදරක ද නිරත වූහ. 

කුරුණෑගල දිස්ත්‍රික් කඳවුරේ දී අගමැතිගේ උපන් දිනයට සුබ පතමින් කේක් කපා ගීත ගායනා කරමින් සුභ පැතීමේ වැඩසටහනක් සහ අගමැති තරුණ කඳවුරේ තරුණ තරුණියන් සමඟ සුහඳ කතාබහක නිරත වූ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප  - ඉෂාන් සංජීව)

 



අදහස් (17)

අගමැති වීරවිල යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක

chandima Friday, 29 March 2019 04:34 PM

කෝ ටයි එකයි බෝ එකයි ගැටගහල නැහැනේ... මාමණ්ඩි නම් යොවුන් සම්මේලනේට ගියේ එහෙමයි...

:       1       152

RaveendraFriday, 29 March 2019 05:26 PM

හා හා පුංචාට නම් මුකුත් කියන්න එපා... කට්ටියට නැට්ටට තද වෙනවා. කොහොම වුණත් ලෝකේ ඉන්න හොඳ උගතුන්ගෙන් එක් කෙනෙක්නේ... මේ අපේ සූත්තරයා. උගත්තු වුනාම එහෙම තමයි "ඉට්ටයිල්" එකට යන්න එපායැ...

:       73       58

NissankaSaturday, 30 March 2019 09:48 AM

නාමල් බේබිගේ නිල් බලකාය මීට වඩා කොච්චර ශෝක්ද නේද රවින්ද්‍ර? හවසට ෂොට් එකක් දාලා බජව් පාරක් දාලා හතර ගාතෙන් වැටිලා ඉන්න තිබුනා.

:       3       125

RaveendraSunday, 31 March 2019 03:17 PM

Nissanka මයා වෙත , අප කිසිවිට කිසිදින කිව්වද නිල් නොවේ අසුචි බලකාය හොඳයි කියලා? එලෙසම මේ කොළ හිඟන්නන්ගේ මේ නාඩගම් වලටත් අප නම් හොඳයි කියන්නෙත් නැහැ. කියලත් නැහැ. හැබැයි කව්රු කළත් හොඳ නම් හොඳයි කීමට අප නිහතමානි වෙන්නෙමු. එමෙන්ම කව්රු කලත් වැරදි නම් වැරදියි.. කීමට අප නම් බිය නොවන්නෙමු. මොකද මේ හැම හිඟන්නෙක්ම වේල් තුන ගිලින්නේ ඔබේ මගේ අප බදු මුදල්වලින් බව අමතක නොකරන්න. එබැවින් නාමල් නොවේ කෙහෙල්මල්, කඩුපුල්මල්, නියඟලා මල් වුනත් අපට නම් කිසිඳු වටිනාකමක් නැත. සමහරවිට ඔබට මූසල කොළපාට වැදගත් ඇති නමුත් අපට නම් මූසල කොළ, නිල් ,රතු පාට කිසිවක් වැදගත් කමක් නැත. ඒවායේ ඉන්න නිවට ගවයන්ද වැදගත් නැත.

:       3       53

chathuraFriday, 29 March 2019 09:00 PM

එ්ක නේන්නම් කට්ටියගේ සුදු කොන්දේ තට්ටේ වැහෙන්න ඇඳලා ගැටගැහැව්වා නම් බෝ එකයි, ටයි එකයි ඇතුව ජැන්ඩියට ඔතනට යන්න තිබුණානේ... අපරාදේ.... මමත් අහලා තියෙනවා. ජේ.ආර්. මහත්තයා තරුණ සම්මේලනයට ගිය කතාව...

:       0       0

TD Saturday, 30 March 2019 05:12 PM

යොවුන් පුරය යනු ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල තරුණ තරුණියන් ලංකාවට පැමිණ නව අද්දැකීම් සම්බාරයක් එක්කරවන කඳවුරකි. ජාති, ආගම් කුල බේදවලින්, දේශපාලන බේදවලින් තොරව තරුණයන් තරුණියන් වශයෙන් තරුණ පක්ෂය විසින් වසරකට වරක් ලංකාවේ එක්තැනකට එකතුවන ක්‍රීඩා සහ වෙනත් විනෝදාංශ පමණක් නොව විශේෂයෙන්ම ජාතින් අතර ඇතිවන සුහද හමුවකි. මෑත යුගයේ දුරකථන සමග සමීප සබඳතාවයන් පවත්වන තරුණ තරුණියන් ඉන් මඳකට හෝ මුදවා ඔවුනොවුන් අතර සමීප සබඳතාවයන් ඇතිකරලීම යොවුන් පුරයේ තවත් අරමුණකි. පසුගිය කාලයේ පැවති රජය යොවුන් පුරය නැතිකොට වචනයට සහ බෝඩ් ලෑලිවලට පමණක් සීමාවූ චින්තනයන්, තරුණ හෙටක් ඔවුන්ගේ පවුලේ තරුණ පුතුන්ට සහ මිතුරුකැලට පමණක්ම සීමාවී සහ ප්‍රතිලාභ ලබමින් තිබූ පවුලේ සුබ අනාගතය අවසන් කොට නැවතත් යොවුන් පුරයේ නිර්මාතෘ රනිල් වර්තමාන අගමැතිවරයා රටේ සියලු තරුණ තරුණියන් හට සුබඅනාගතයක් ඇති කරලීමට කටයුතු කර තිබේ. නායක ස්වාමින් වහන්සේලාගේ අකමැත්ත සහ ඉල්ලීම් පවා නොතකා රටේ මහජන මුදලින් පාරවල් අවහිර කොට දළදා මාලිගය වටා පැවති කාර් රේස් පැදීම එදා පැවති යොවුන් පුරයේ එකම සිදුවීම ලංකාවේ තරුණ තරුණියන් කෙසේ අමතක කරන්නද?

:       1       91

sampath Friday, 29 March 2019 08:47 PM

යොවුන් කට්ටියයි, සීයලා කට්ටියයි, මාර ලස්සන පොටෝ ටික. එ්ත් ඉතින් මේ හැට හැත්තෑව මෙතනට වෙලා මොකටද? අට පිරිකරක් තෑගිදුන්නා නම් පස්සේ ප්‍රයෝජනයට ගන්න.

:       1       1

Sathyayaa Friday, 29 March 2019 08:50 PM

2002 වසරේ යොවුන් වියේ සිටි තරුණ තරුණියෝ දැන් බැඳලා දරුවනුත් හදාගෙන. අපේ ලොක්ක එක එක කාලෙට යොවුන් පරපුරට දෙනවයි කිව්ව බ්‍රේස්ලට්, කොම්පුටර් හා ටැබ්ලට්ස් කිසිදාක දීපු බවක් නම් ඉතිහාසයේ කොහෙවත් සඳහන් වී නැහැ. තව කොපමණ කාලයක් තරුණ පරපුරට සුරංගනා කතා කියන්නද? අනේ පව් තරුණ පරපුර.

:       0       7

surath Saturday, 30 March 2019 12:43 AM

රට රවටන බොරු ෂෝ...

:       4       132

chinthaka Saturday, 30 March 2019 01:42 AM

අම්මේ, සාගලත් හිටපු එකේ ඇඟට පණ කඳක් ආවේ අපේ කොල්ලා ඔය කඳවුරට සහභාගි නොවුණු බව දැන ගත්තට පස්සේ....

:       12       79

රනිල්Saturday, 30 March 2019 10:44 AM

එච්චරද කියන්න තියෙන්නේ? ඔයා ටෝච් බාස්ද? දැකපු දෙයක් තියනවා නම් ඔප්පු කරනවකෝ මොවුන්ව පන්නන්න. මට ඔයා ගැන නම් සැකයි.

:       1       4

dilan Saturday, 30 March 2019 01:46 AM

මේ දරුවෝ අද මෙහෙම හිනා වුණාට 88/89 මෙයා මෙහෙම "කැම්පස් එකේ කැපටේරිය"වගේ යොවුන් කඳවුරු බලන්න යද්දී එදා දරුවෝ මොන තරම් මර බියෙන් අඬන්න ඇතිද?

:       3       97

lal Saturday, 30 March 2019 03:09 AM

කුකුල් පට්ටියකට කුකුල් පැටවුන් බලන්න ආපු නරි රංචුවක්...

:       1       188

ජයරත්න වික්‍රමාරච්චි-කරුවලගස්වැව Saturday, 30 March 2019 07:42 AM

යොවුන් පුරය කියන්නේ හොඳ වැඩසටහනක්... අද මැදිවියේ ඉන්න මමත් එදා පළමු යොවුන්පුරයේ සිට යොවුන් පුර කිහිපයකට සහභාගි වුණා. එදා තරුණ කටයුතු ඇමති (අද අගමැති) රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව තමයි මෙම වැඩසටහන බිහිවුණේ... ජාති, ආගම් බේදයෙන් තොරව රට වටේම තරුණ තරුණියෝ මේ වැඩසහටහනට සහභාගි වීම ඉතා වැදගත් වුණා. අපි හරිම සතුටින් දැනුවත් බවින්, පිරිපුන් වුණා විතරක් නොවේ... ඒ කාලේ අපේ වයසේ කට්ටිය අද හොඳ දැනඋගත් පිරිසක් වශයෙන් හොඳට ජීවත් වෙනවා. ඒ විතරක් නොවේ තරුණ සේවා සභාව කියන්නේ ඉස්සර රටේ ප්‍රධාන ජනප්‍රිය ආයතනයක්... චන්ද්‍රලේකලා, සුසන්තා චන්ද්‍රමාලිලා, සෝමසිරි මැදගෙදර, අපේ කාලෙ කට්ටිය... තව කොච්චරනම් වැදගත් දේවල් නම් වුණාද තරුණසේවා සභාව හරහා... අදටත් ඒ මිහිර මට දැනෙනවා. ඒ ගැන අපේ සමකාලීනයෝ අදටත් කතා කරනවා. ඒ අනුව මේ වැඩසටහන කවුරු කොහොම විවේචනය කළත් හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ කාලේ යෞවන සමාජ කොයිතරම් නම් ක්‍රියාකාරීද, ඒවාගෙන් කොච්චර සමාජ සේවා කළාද අපි...?

:       10       152

Ananda Seneviratne Saturday, 30 March 2019 08:28 AM

අගමැති රනිල් නිහතමානි චරිතයක්...

:       181       36

UpulSaturday, 30 March 2019 03:30 PM

නමුත් බළලුන් ලවා කොස් ඇට බාවන කෙනෙක්...

:       0       3

vidya Monday, 01 April 2019 01:04 AM

ඔහේ කමක් නැ. වෙන වැඩකුත් නැනේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 185 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 407 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 490 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 310 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 411 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 142 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site