(ශාන්ත සෙනවිරත්න)

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ආණ්ඩුවේ සුදානමක් තිබෙන බවත් මේ උත්සහයට අපි සහය දෙන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සිරිකොත මුලස්ථානයේ අද (23)  පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව  පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

‘ආණ්ඩුව කිව්වා පොහොර නොමිලේ දෙනවා කියලා. නොමිලේ තියා සල්ලිවලටත් ගන්න පොහොර නෑ. ගොවියෝ අසරණ වෙලා. ආණ්ඩුව බෑ කියන වචනය වැඩිදුර කියනවා. මේක එලුවන්ගේ ආණ්ඩුවක් ද කියලා අහන්න වෙනවා. ආණ්ඩුව මුදල් නෑ කියනවා. දෙනවා කිව්ව කිසිම දෙයක් දී ගන්න බැරිව බොරු කියනවා.’

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා