IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


‘‘ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කිරීමට ජනපති ගත් තීරණය අගය කරනවා‘‘

(චමිල් රූපසිංහ)

ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ සටනේදී රට වෙනුවෙන් තමන්ගේ ඇති කැපවීම පෙන්නුම් කළ රණවිරුවෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීමට ජනපති ගත් තීරණය අගය කරන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවැසූහ.

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (25) මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්ට ගොස් එම පාර්ශ්වයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මේ බව පැවසූහ.

ශවේන්ද්‍ර සිල්වා මහතාව ජනතාව හඳුනාගෙන සිටින  බවත් එනමුත් විවිධ පාර්ශ්ව වෙතින් බලපෑම් එල්ල වෙද්දී ඒවා නොතකමින් ඒ මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීම යහපත් තීරණයක් බවත් උන්වහන්සේ දෙනම ප්‍රකාශ කර සිටිති.

මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතාට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම අවධානය යොමු කළ යුතුව තිබෙන බවද පැවැසුහ.

යුද ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ රණවිරුවෙකු ලෙස ප්‍රකට ශවේන්ද්‍ර සිල්වා මහතාට ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ ශක්තිය ඇතැයි ද යුද හමුදාපති ධූරය ශවේන්ද්‍ර සිල්වා මහතාට පිරි නැමීමට ජනපති ගත් තීරණය සම්බන්ධව රටම සතුටු වූ බවද අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ සඳහන් කළහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරිම සම්බන්ධයෙන් ඇමරිකාව,කොටි ඩයස්පෝරාව හා උතුරේ දෙමළ දේශපාලනඥයින් සුළු පිරිසක් අකමැත්ත ප්‍රකාශ කර තිබූ නමුත් ජනපති ඒ කිසිවක් ගණන් නොගෙන විය යුතු දේ කර තිබෙන බව ද සඳහන් කළහ.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ යුද හමුදාපති ධූරයට සුදුසු අයෙකු පත් කිරීම රාජ්‍යය නායකයා ලෙස ජනපතිවරයාට හිමිවන ස්වාධීන අයිතියක් බවත් ජනපති කිසිවකුගේ බලපෑමට යටත් නොවී එම අයිතිය පාවිච්චි කර තිබෙන බව අනුශාසනාවක් කරමින් සඳහන් කළහ.

 

 



අදහස් (9)

‘‘ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කිරීමට ජනපති ගත් තීරණය අගය කරනවා‘‘

කරුණාවති Sunday, 25 August 2019 04:07 PM

උන්වහන්සේලාගේ ප්‍රකාශයට ලංකාවේ සහ පිටරට ඉන්න එන්.ජී.ඕ. කාරයින් නම් කැමතිවෙන එකක් නෑ.

:       2       378

Janesh kumar de Silva Sunday, 25 August 2019 04:12 PM

හොඳ හදවතක්... ඔබතුමාට තෙරුවන් සරණයි.

:       2       310

Chanak los angeles Sunday, 25 August 2019 05:18 PM

ඔව් ඉතින් දැන් සාටකයන්ට හිතුමනාපෙට ඡන්ද වැඩටික කරගෙන යන්න පුළුවනි .හදීසි නීතිය අයින් කරවා යහපාල අවශ්‍ය කෙනා පත්කරලාම දුන්නා .

:       231       14

Kumar Sunday, 25 August 2019 05:23 PM

ලංකාවේ ඉන්න එන් ජී ඕ ලගේ විසා අවලංගු කලානම් සෑම ප්‍රශ්නයක්ම විසදෙනව. එසේත් නැතිනම් ලංකාවේ කවුරුත් කැමති හමුදාපති කෙනෙක් පත්කරනවට අකමැතිනම් අපසු තම රටට යන්න කියන්න. වටින් පිටින් දේ කියනවා මිස එන් ජි ඕ ලගේ මුහුණට කෙලිම කියන්න තරම් ලොක්කන්ගේ කොඳු පන නැතිව ඇති.

:       0       115

DD Monday, 26 August 2019 01:18 AM

මේක කරන්න තිබුනේ 2015 මයි. මොලේ පැදෙනකොට පෙරහැර ගිහින්. එත් කමක් නැ දැන්.

:       1       45

sharm warn Monday, 26 August 2019 03:38 AM

ඔහුට සුදුසු තැනක් ලැබීම ගැන අපි සතුටු වන්නෙමු . බටහිර රටවල කැමැත්ත අකමැත්ත මත අප තීරණ නොගත යුතු අතර කරුණාකර ආර්ථික සම්බාධක ගැන දෙඩවීමෙන් වලකින්න . ජිනීවා සම්මුතියේ පැහැදිලිවම සදහන් වන කරුණක් තමයි කිසිම රටක් තවත් රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගැසිය යුතු බව . ඒ නිසා බටහිර රටවල අවස්ථාවාදී අදහස් වලට උඩ ගෙඩි නොදෙන ලෙසට සිංහල සහ ශ්‍රී ලාංකික සියල්ලන්ගෙන්ම කාරුණිකව ඉල්ලමි .

:       1       115

කල්පMonday, 26 August 2019 06:45 AM

ඔබේ අදහසට මාත් එකඟයි. සමහරු පිටරටට වෙලා ඉඳගෙන වින කටින්නේ තමන් උපන් ශ්‍රී ලංකාවටමයි .

:       0       41

සනත් ඉතාලිය Monday, 26 August 2019 07:52 AM

ඔය කිව්වේ ලොස් ඇන්ජලීස් චානට නේද?

:       0       77

Anuradha. Monday, 26 August 2019 11:17 AM

ඔබතුමාට ශ්‍රී දළදා සමිඳු පිහිටයි! ගුණමකුවන් හැර මුළු රටම ඔබතුමා සමඟයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 689 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 870 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site