IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


‘‘මහමැතිවරණයේදී තැබැරුම් හිමි පුද්ගලයන්ට අපේක්ෂකත්වය දෙන්න එපා‘‘

(මුදිතා දයානන්ද)

මහ මැතිවරණයේදී තැබැරුම් බලපත්‍ර හිමි කිසිවෙකුට අපේක්ෂකත්වය මෙන්ම ඡන්දයද ලබානොදෙන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමියෝ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හා ජනතාවගෙන් අද (10) ඉල්ලා සිටියහ.

මහානාහිමියෝ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මහනාහිමියෝ එහිදි මෙසේද පැවසූහ.

      ‘‘අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළේ 1912දී කොළඹ ආනන්ද විද්‍යාලයේදී. 1917- 18 වන විට ශාඛා සංවිධාන සීයකට වැඩිය පිහිටුවන්න හැකිවුණා. 1918 සිට 1928 දක්වා කාලය තුළ වනවිට ශාඛා රා තැබෑරුම් 3818ක් අරක්කු තැබෑරුම් 4113ක් වසා දමන තරමට එය ප‍්‍රබල බලපෑමක් කළා. අපි ඒ අතීතය ගැන සතුටු වෙන්න පුලූවන්.

වර්තමානයේ වසරකට දුම්පානයෙන් 220,000ක් පමණ මිය යනවා. මධ්‍යසාරයෙන් 18,000ක් පමණ මිය යනවා. අනෙතුත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් 2000ක් පමණ මිය යනවා.

වසරකට කෝටි දෙකහමාරක් පමණ දුම්වැටි හා මත්පැන් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව වැය කරනවා. ඉදිරියේදී තරුණ වැඩපිළිවෙළ, විහාරස්ථාන ආශ‍්‍රිතව වැඩසටහන්, වැඩිහිටියන් ආශ‍්‍රිත වැඩසටහන් ආදී ලෙස අපි වැඩසටහන් රැසක් දියත් කර මත් උවදුර පරාජය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මත්උවදුරෙන් මේ සමජය මුදවා ගැනීමේදී අමද්‍යප මහා සභාවට පැවරි ඇති කාර්ය භාරය ඉතා විශාලයි‘‘.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා) 



අදහස් (0)

‘‘මහමැතිවරණයේදී තැබැරුම් හිමි පුද්ගලයන්ට අපේක්ෂකත්වය දෙන්න එපා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1108 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1131 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 426 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site