ජනාධිපති ධූරය වැනි භාරදූර තනතුරක් දරාගත නොහැකි පුද්ගලයකුට රටක් පාලනය කළ නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි මහත්මයෙක්  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එම තනතුර දැරීමට තමුන් සුදුසු බව මුළු රටටම ඔප්පු කර පෙන්වීමේන් පසුව බව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගැටඹේ විහාරස්ථානයට අද (14) පැමිණි අවස්ථාවේදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත් පැතීමේ විශේෂ පිරිත් දේශනාවක්  ද මෙහිදී මහා සංඝරත්නය විසින් සිදු කළහ.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)