IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘මම ඉන්නකම් ෆෙඩරල් නෑ‘

(අජන්ත කුමාර අගලකඩ)
 
‘මම මේ පුටුවේ  ඉන්නකම් උතුරු නැගෙනහිර එකතු කරන්නෙත් නැහැ, ෆෙඩරල් කරන්නෙත් නැහැ.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.
 

එම කරුණු දෙක ඉටු කර ගැනීමට නම් තමා මරා දැමිය යුතු යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.
 
එසේ වුවද උතුරු නැගෙනහිර එකතු කරනා බවට හා ෆෙඉරල් දෙන බවට සමහරුන් සපථ කර ඇතැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.
 
මහින්ද රාජපක්ෂ මහතාත්, තමාත් අවබෝධයෙන් කටයුතු කරන බව පවසා ඇති ජනාධිපතිවරයා ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි කී ජනාධිපති සිරිසේන මහතා ඒ ගැන බියක් ඇතිකර නොගන්නැයි ඉල්ලීමක්ද කර ඇත.
 
මෙම හමුව ජනාධිපති මන්දිරයේදී අද (31) දහවල් පැවැත්විණි.



අදහස් (26)

‘මම ඉන්නකම් ෆෙඩරල් නෑ‘

ගල්කටස් Wednesday, 31 October 2018 02:38 PM

ඔබතුමා දැන් කියන දේත්, කරන දේත් පසුගිය මහ මැතිවරණය තුලදී ගත්තා නම් රට අද මෙවන් අරාජික නොවන්න තිබුණා. පසුවෙලා හරි මෙවන් තීරණයක් ගැනීම ගැන ඔබට පිං....

:       612       1437

Kumar (Gulf)Wednesday, 31 October 2018 07:55 PM

පුහු කතා පමණයි.. හෙට එළිවෙනකොට ඕවා අනිත් පැත්ත හැරෙන්න පුළුවන්.

:       0       0

Chandana Wednesday, 31 October 2018 02:40 PM

ඒ විතරක් නෙවෙයි.., මෙයා ඉන්නකම් රටට අනාගතයකුත් නැහැ.

:       7115       7678

BamunuarachchiWednesday, 31 October 2018 03:12 PM

දැන් අරගොල්ලන්ගෙන් අනාගතේ තිබ්බාද? මොන පැත්තෙන්ද කතා කරන්නේ...? හලෝ අවුරුදු තුනාහමාරක් රනිල් සමග ඉඳලා මොකද රටට වුනේ...?

:       113       46

LalithWednesday, 31 October 2018 11:26 PM

අපේ රටට අනාගතයක් නම් නැතිවෙයි කියමුකෝ. එ්ත් අරය උන්නොත් රටක් නැතිවෙයි. අනාගතේ බලාගෙන රට නැතිකර ගන්නවද? රට ආරක්ෂා කරගෙන ඉන්පස්සේ අනාගතේ හොයලා බලනවද?

:       0       0

Shanaka Wednesday, 31 October 2018 11:34 PM

රනිල් ගන්න කියන්නේ...

:       0       0

Bamunuarachchi Wednesday, 31 October 2018 03:07 PM

මට අහන්න ඕනේ ඔයටික විතරයි.. පණ වුනත් දෙන්නම්. රනිල් හැදුවේ 20 ගෙනැල්ලා ෆෙඩරල් දෙන්නයි. ප්‍රභාකරන්ට අවුරුදු 10කට රට දෙන්න ගිය මිනිහනේ... මෙයා පස්සෙ යන්නේ ගොබ්බ සිංහලයින් තමයි.

:       0       0

sandy Wednesday, 31 October 2018 03:13 PM

දේශපාලන කටුස්සන් ගැන කවර කතාද? ඉස්සර නම් මන්ත්‍රීවරු, ඇමතිවරු කටුස්සන් වගේ පාට මාරුකරනවා. නමුත් දැන් තමා අපි දැක්කේ ජනාධිපති කටුසු වෙස් අරන් කියලා. මේ කියනදේ නෙමේ ඊළඟ පාර කියන්නේ. සත පනහේ ලොසින්ජර කතා විතරමයි.

:       1       30

menna Wednesday, 31 October 2018 03:19 PM

මට පොඩ්ඩක් තේරෙනවා වගේ... ඔබතුමා යුද්ධය අවසන් කලේ ඔබතුමයි කියල කියපු එකේ තේරුම... එම වීඩියෝ පටිය දුටු අවස්ථාවේ මෙතුමා මොනවද මේ කියන්නේ කියලා හිතුණා. ෆීල්ඩ් මාර්ෂල් කිව්වා අවසානයේ තිබුණේ කෝප්‍රල්ලට, සාජන්ලට කරන්න තරම් යුද්ධයක් විතරයි. කෝප්‍රල්ලා, සාජන්ලා වගේ හිතන අයට එම කතාව හොඳයි කියලා දැන් තේරෙනවා ඔබතුමා කිව්වේ මොකක්ද කියලා... යුද්ධය අවසන් කිරීමට සෑම පාර්ශවයකටම වුවමනාව තිබුණත්, අවසන් කිරීමෙන් පසු ඉදිරියේදී ඇතිවන තත්වය ගැන කල්පනා කර කටයුතු කිරීමට කාහටවත් නිර්භීතකමක් නොතිබූ බව හා බලලෝභී පාර්ශවයන් සමග කටයුතු කිරීමට කාහටවත් නිර්භීතකමක් නොතිබූ බව දැන් වැටහෙනවා. ඉදිරිය ගැන සිතනවාට වඩා යුද්ධ කර කර තමාගේ මඩිය තරකර ගන්නවා හොඳයි කියලා හිතපු නායකයෝද සිටියා වියහැක. එදා ශ්‍රී ලංකා නි. පක්ෂයේ ලේකම්තුමා හිටියට ඔබතුමා රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට කාහටවත් නොපෙනෙන සේවයක් සිදුකර තිබෙන බව වැටහෙනවා. එදා රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපයට විරුද්ධව ජනාධිපතිවරණයට තරඟ කිරීමෙන් ඔබතුමාගේ එඩිතරබව මනාව පෙන්නුම් කරනවා. මට නැවත යුද්ධයක් එපා. මට දෙකඩවුන රටකුත් එපා. මට ව්‍යවස්ථාව තේරුම් ගන්න බැරි භාෂා දෙකතුනකුත් එපා.

:       1       8

Shan Wednesday, 31 October 2018 03:22 PM

දැන් නිකම් සංදර්ශන කතාදානවා. එක හොරෙක් අල්ලන්න දුන්නද? පින්සිද්ද වෙයි යන්න.

:       0       29

Sisira Wednesday, 31 October 2018 03:22 PM

මෙයාට පිස්සු. මරු විකල්ලෙන් දඟලනවා.

:       0       22

Amila Wednesday, 31 October 2018 03:32 PM

මෙයා නම් සත පහකට විශ්වාස කරන්න බෑ. එදා මුලින්ම කිව්වා මහින්ද මහත්තයාට එදා යන්න හෙලිකොප්ටර් දුන්නේ එයා නෙමෙයි කියලා. ඒට පස්සෙ දවසක කිව්වා එයාම තමයි දුන්නේ කියලා. ඇයි අර ප්‍රතිපත්ති ප්‍රකාශනෙ කතාවත් එහෙමනේ. අනික ඔයාම නේද ඔය කටින් කිව්වේ මහින්ද හොරෙක් අරකයි, මේකයි කියලා. දැන් අපි විශ්වාස කරන්න ඕන එදා කියපු එකද අද කියපු එකද?

:       0       0

sirimal Wednesday, 31 October 2018 03:32 PM

පසුගිය මැතිවරණ කාලයේදීත් ඉන්පසුව ජනාධිපති වශයෙනුත් කියපු දේවල් කීයක් නම් ක්‍රියාත්මක කළාද කියලා පෙන්වන්න පුළුවන්ද ජනාධිපතිතුමනි... ඉතින් මේ කතාවත් ඒ වගේ ප්‍රලාපයක් කියලා තමයි අපට කියන්න තියෙන්නේ... ඔබතුමා මේ සතිය තුළ කියපු කරපු දේවල් නිසා ඔබතුමාගේ ක්‍රියා කලාපය ගැන අසාමාන්‍ය මහජන අප්‍රසාදයක් ගොඩනැගෙමින් පවතින බව තවමත් තේරෙන්නේ නැද්ද? ජනමාධ්‍ය මර්ධනයෙන් හෝ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කාර්යාල වැටලීමෙන් හෝ මේ දියාරුවේගෙන යන හොඳනම හදා ගන්නට නම් පුළුවන් වෙන එකක් නැහැ මහත්තයෝ. දැන් පෙනෙන්නේ දේශපාලන පක්ෂපාතීත්වයක් හෝ බැඳීමක් නැති විශේෂයෙන් උගත් සහ තරුණ පිරිස් ඔබතුමාට වරුද්ධව ඒකරාශී වෙන්නට පටන් අරගෙන බවයි. කොල්ලුපිටිය රැස්වීමේ ඒවගේ පිරිස් බොහොමයක් හිටියා. බේබද්දෝ බජව්කාරයෝ දැක්කේ නැත්තේ ඒකයි. ඔය වටේට ඉඳගෙන පින්පඩි කන උපදේශක බකපණ්ඩිතයෝ මේ නස්පැත්තිය පෙන්වා දෙන්නේ නැද්ද?

:       0       0

Hafeel Wednesday, 31 October 2018 03:40 PM

මහින්ද රාජපක්ෂ එපා වෙලානේ 2015 දී එළියට ඇවිල්ලා මරණය ගැනත් කිව්වා. දැන් කරපු වැරැද්දට මොනවා හරි දොඩලා ජනතාව මුලා කරනවා.

:       0       0

Ramendra Wednesday, 31 October 2018 05:24 PM

මේ ප්‍රකාශයෙන් පැහැදිලිවෙන්නේ සම්බන්ධන් සහයෝගය දෙන්න බැහැ කියලා වගේ...

:       0       0

Malka Wednesday, 31 October 2018 09:58 PM

දේශපාලන පරිණත භාවයක් තියෙනවා කියලා කිව්වට මෙයාට රටක් පාලනය කරන්න මොලයක් නෑ. මෙයා දන්නේ අනුන්ගේ වැරදි කියකිය තමන් සුදනා වෙන්ට විතරයි. අනුන්ගේ පිනෙන් පහල වූ ජනාධිපති කෙනෙක්. හනුමා වගෙ ගින්දර නොතියා මිනිස්සු කුලප්පු නොකර කරන්න පුළුවන් කෙනෙකුට දීලා අයින් වෙන්න. රටට තවත් අන්දරේ කෙනෙක් නොවී. අපිට දේශපාලකයෝ අප්‍රසන්නයි. අපි ඉන්නේ රට. නමුත් ලංකාව ගැන දුකයි.

:       0       0

rocky Thursday, 01 November 2018 12:04 AM

රටක පාලකයා විය යුත්තේ උගත්, අපක්ෂපාත සාධාරණ පුද්ගලයෙකු බව අපට අමතක වීමයි මේ ජල්බරියට හේතුව!

:       0       0

chathuri Thursday, 01 November 2018 02:36 AM

තිරුපති වඳින්න ගිහින් වුණුදේ මතකද? තමුන්ට කෝවිලේ දොරඇරුනේ නැහැ. උතුරේ ඉන්නේ ඒ දෙවියන් අදහන මිනිස්සු... මහින්දට මොකද වුනේ? තිරුපති ගියා නැවත රජවෙන්න.. පැරදිලා ගෙදර ගියා. දෙමළ ජාතියට කරපු දේවල්වලට මිනිස්සු රැවැට්ටුවට දෙවියෝ රැවටෙන්නේ නැහැ. දැන් පාන් කියාගන්නත් බැරිව ඇති..

:       0       0

vipula Thursday, 01 November 2018 03:31 AM

ඔබතුමාට කෙලින් මේදේ කියන්න පුළුවන් වුනේ මහින්ද අගමැති කළ නිසයි. මහින්ද ඉන්නකන් ඒවා කරන්න ලැබෙන්නේ නැහැ කියලා ජනතාව දන්නවා...

:       0       0

polytricks Thursday, 01 November 2018 04:04 AM

ෆෙඩරල් දෙන්න හරි රටක් තියෙන්න එපැයි..නිකන් බොරු කියල මිනිස්සු රවට්ටන්න එපා. ජාත්‍යන්තරයට ණය ගන්නකොට පොරොන්දු වූ දේවල් එළිකරන්න නිකන් බොරු නොකර...

:       27       54

lal Thursday, 01 November 2018 04:11 AM

ලෝකේ අසාර්ථකම රාජ්‍ය පාලකයා.

:       24       63

Nimal Thursday, 01 November 2018 05:11 AM

මෙයා අායෙමත් ඒම නම් පවක්, ඇපත් නැතුව යන්න වෙන්නේ, කෙසේ වෙතත් පෙරාතුව මරා මෙයාට වැඩේ දෙනවා පොළොන්නරුවට වෙලා ඉන්න. අපි නොදන්නා මරා.

:       184       163

Sanath Kandy Thursday, 01 November 2018 06:48 AM

අැයි? අමතකද ? චන්ද්‍රිකා ගෙනාව ෆෙඩරල් පැකේජ් එකට අත ඉස්සුවා. යන්තම් ජවිපෙ පරිවාස කොන්දේසි දාල ඒක අයින් කර ගත්තා.

:       2       54

rocky Thursday, 01 November 2018 07:09 AM

ඔබතුමා කියන දෙයක් දැන් විශ්වාස කරන්නේ කවුද?

:       0       0

sirimal Thursday, 01 November 2018 07:41 PM

පසුගිය මැතිවරණ කාලයේදීත් ඉන්පසුව ජනාධිපති වශයෙනුත් කියපු දේවල් කීයක් නම් ක්‍රියාත්මක කළාද කියලා පෙන්වන්න පුළුවන්ද ජනාධිපතිතුමනි... ඉතින් මේ කතාවත් ඒවගේ ප්‍රලාපයක් කියල තමයි අපට කියන්න තියෙන්නේ. ඔබතුමා මේ සතිය තුළ කියපු කරපු දේවල් නිසා ඔබතුමාගේ ක්‍රියා කලාපය ගැන අසාමාන්‍ය මහජන අප්‍රසාදයක් ගොඩනැගෙමින් පවතින බව තවමත් තේරෙන්නේ නැද්ද? ජනමාධ්‍ය මර්ධනයෙන් හෝ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කාර්යාල වැටලීමෙන් හෝ මේ දියාරුවේගෙන යන හොඳනම හදා ගන්නට නම් පුළුවන් වෙන එකක් නැහැ මහත්තයෝ. දැන් පෙනෙන්නේ දේශපාලන පක්ෂපාතීත්වයක් හෝ බැඳීමක් නැති විශේෂයෙන් උගත් සහ තරුණ පිරිස් ඔබතුමාට වරුද්ධව ඒකරාශි වෙන්නට පටන් අරගෙන බවයි. කොල්ලුපිටිය රැස්වීමේ ඒවගේ පිරිස් බොහොමයක් හිටියා. බේබද්දෝ බජව්කාරයින් දැක්කේ නැත්තේ ඒකයි. ඔය වටේට ඉඳගෙන පින් පඩි කන උපදේශක පණ්ඩිතයෝ මේ නස්පැත්තිය පෙන්වා දෙන්නේ නැද්ද?

:       2       17

ආර්. කේ. ලෙනෝරා Saturday, 10 November 2018 09:50 AM

අතිගරු ජනාධිපතිතුමනි, ඔබ ගත් එඩිතර තීරනයට මගේ හඳපත්ලෙන්ම ස්තූති කරමි.ඔබතුමාට දීර්ඝායුෂ පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 311 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 651 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 793 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 434 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 507 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 178 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site