IMG-LOGO

‘ප්‍රතිත්‍රස්ත පනත ගැන සාකච්ඡා කර තීරණයක් ගතයුතුයි’

(නිමල කොඩිතුවක්කු)
 
ප‍්‍රතිත‍්‍රස්ත පනත ගැන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව කොළඹ  දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.
 
යෝජිත ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් විවිධ මත පළවෙන බැවින්  මේ පිළිබඳ එක ස්ථාවරයක් ගත යුතු යැයිද   මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එමෙන්ම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද ඉදිරියේදි ප‍්‍රකාශ කරන බවද ඔහු එහිදී පැවැසීය.
 
ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට විශ්වාස භංග යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළ මන්ත‍්‍රීවරයා ඒ සියල්ලක්ම ආණ්ඩුව ඉතා පහසුවෙන් පරාජයට පත් කළ බවද කීවේය.
 
එමෙන්ම තමන්ට එරෙහිව විවිධ චෝදනා නගන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට එරෙහිවත් ඉදිරියේදී නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.



අදහස් (12)

‘ප්‍රතිත්‍රස්ත පනත ගැන සාකච්ඡා කර තීරණයක් ගතයුතුයි’

shan Monday, 20 May 2019 10:29 AM

අලුතින් කිසිම ප්‍රතිත්‍රස්ත පනතක් හෝ ත්‍රස්තවාදීන් වෙනුවෙන් හෝ ඔවුන් විනාශ කිරීම සඳහා නව පනතක් රටට කිසිසේත් අවශ්‍ය නැත. තිබෙන පනතින් වසර 30ක යුද්ධය හා ත්‍රස්තවාදය විනාශ කළ හැකි වූවානම් වෙනකිසිම දේශයක් අවශ්‍ය නැත. මේවා ඩොලර්වලට හා ඡන්ද එල්බ ගැනීම් සඳහා යොදාගන්න සිංහලයා වැනසීම සඳහා කරන ක්‍රියාවන්ය.

:       157       2279

පිටිගල මිලානෝ Monday, 20 May 2019 10:44 AM

ත්‍රස්තවාදය ගැන අපි බලාගන්නම්. ඔහේ කලබල නැතුව ඉන්නකෝ. මේක අපේ රට...

:       81       1723

sunil milano Monday, 20 May 2019 10:46 AM

අනේ බබා, කිසිම දෙයක් දන්නේ නැහැ.

:       84       1383

Rasika Monday, 20 May 2019 11:05 AM

ත්‍රස්තවාදීන් නැවතත් පටන් අරන් තියෙන්නේ... මාසයක නිශ්ශබ්දතාවයකින් පසුව...

:       51       1152

Hafeel Monday, 20 May 2019 12:18 PM

මෙම ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ ජිනීවා සහ දෙමල ඩයස්පෝරාවේ වුවමනාවකට මිස රටේ ජනතාවගේ ඉල්ලීමට නොවේ. දැන්වත් රටේ ජනතාවගේ අදහස්වලට ඇහුම්කම් දෙන්න.

:       1       431

පුංචිරාල Monday, 20 May 2019 01:34 PM

ත්‍රස්තවාදියෝ මැඩලන්නට පනතක් තියෙද්දී ඔය අලුත් එකක් ගේන්නේ ඒකෙන් ආණ්ඩුවට එරෙහි විරෝධතා මැඩලන්ට පුලුවන් නිසාය කියලා කවුද මහත්තයෙක් ලියලා තිබුණාලු. අනේ මන්දා ආයුබොවන්ඩ අපිට ඕවා තේරුම් ගන්ට අමාරුයි.

:       6       246

Bandula. Monday, 20 May 2019 02:47 PM

එ්ක අපේ අය කරගනීවි.. ඔයා පාඩුවේ ඉන්න.

:       25       1111

yamuna Tuesday, 21 May 2019 01:31 AM

ප‍්‍රතිත‍්‍රස්ත පනත ගැන සජිත් ප්‍රේමදාස මහතා කිව්වනේ .

:       0       2

janahitha Tuesday, 21 May 2019 02:08 AM

2015 ජනවාරි 08 ආරම්භ වුනේ ශුද්ධ වන්තයින්ගේ පාලන සමයක් බව ජනතාව දනී.

:       0       3

දිලුම් Tuesday, 21 May 2019 03:45 AM

ඒ ගමන්ම අගෙ ඉදන් කන කන අය ගැන බලාගන්නත් පනතක් හැදුවනම් හරි.

:       0       22

ranjith Tuesday, 21 May 2019 04:30 AM

පාර්ලිමේන්තුවේ කොහොම හරි ගැට ගහගත්තට මැතිවරණයේදී ජනතාව හරියට පිළිතුරු දේවි!

:       0       12

මහේන්ද්‍ර Friday, 24 May 2019 03:36 PM

රටේ සුළු ජාතියක් හැටියට ඉඳගෙනත් මොවුන් තුළ ඇති දේශපාලන බලය කොතරම්ද? වහාම මේ තත්වය පාලනය නොකළහොත් අනාගතයේ සිංහලයාගේ ඉරණම අතිශය ශෝකජනකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site