IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධූරය අවලංගු කරන්න’


(රෝහණ සමරවීර)

‘අපේ ජනබල පක්‍ෂය’ට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ  අද(21)ඇඹිලිපිටියේදී පැවැසූහ.

“අපේ ජනබල පක්‍ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරට කවුරු එනවද කියලා තවම නිශ්චිත කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ඒ තත්ත්වය යටතේ සිවුරු පොරවාගත් පාතාල නායකයින්, කණ්ඩායම්, වංචනිකයන්, ආත්මාර්ථකාමීන්, අවස්ථාවාදීන්  අපේ ජනබල පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ හැකියාවක් තිබෙනවා. මෙම ගැටලුව බෞද්ධ ජනතාවගේ මෙන්ම  මහා සංඝ රත්නයටත් අවමානයක්, අපහාසයක්, උපහාසයක්. එම නිසා එම තනතුර අවලංගු කරන්නැයි ඉල්ලා සිටිනවා” යැයිද සෝභිත හිමියෝ සඳහන් කළහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරම විහාරස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ එහිදී මෙසේද  පැවැසූහ.

“මම මෙම විශේෂ ප්‍රකාශය කරන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාවේ නියමය අනුවයි. අපේ ජනබල පක්‍ෂයේ දේශපාලන ව්‍යාපාරය අනුව මේ වනවිට ඇතිවෙලා තිබෙන මෙම ගැටලුව ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවගේ පමණක් නොවෙයි, සදාචාර සමාජයේ මහත් කම්පනයට පත්වෙලා තිබෙනවා.

මෙම පක්‍ෂයේ  උදවිය රටට ප්‍රකාශ කළ දේ ඉටු නොවන තත්ත්වයක් වර්තමානයේ උදාවෙලා. 67,000 ක ජන්ද දායකයින් පිරිසක් ඡන්දය පාවිච්චි කළේ එක්තරා චරිත කිහිපයක් මුල්කරගෙන. නමුත් එයින් ලැබුණු එකම මන්ත්‍රී ධූරය බෙදා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලු පැන නැගිලා තිබෙනවා.

මෙම ඉල්ලීම නීත්‍යානුකූල නොවන බව ඇත්ත. නමුත් අවශ්‍යතාවය ඇති තැන නීතිය වුණත් සකස් කරන්න හැකියාව තිබෙනවා. මොකද නීතිය පවතින්නේ ජනතාව සදහායි. ජනතාව නීතිය සදහා නොවේය කියන සංකල්පය යටතේ  අවශ්‍යතාවයක් පැන නැගුනාම ඒ අනුව නීතිය සක්ස්කර ගන්න බැරි කමක් නැහැ. එවැනි ආදර්ශ අපි අනන්ත දැකලා තිබෙනවා.

නමුත් නීතිය ඉක්මවලා ගිය සාධාරණත්වය, ධාර්මිකත්වය. ශාසන ගෞරවය සලකා බලනවා නම් අපේ ඉල්ලීම සාධාරණයි. මහා සංඝයා වහන්සේලාගේ ගෞරවයත්, ශාසනයේ ගෞරවයත්, සාමාන්‍ය සදාචාරයත් ගැන සිතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මෙම ඉල්ලීම ඉටුකිරීමේ හැකියාව ඇති කියලා අපි විශ්වාස කරනවා” යැයිද සෝභිත හිමියෝ පැවසූහ.



අදහස් (29)

‘අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධූරය අවලංගු කරන්න’

kusal02 Friday, 21 August 2020 09:39 AM

තවත් භික්ෂුවකට වැදගත් වෙන්නේ මස්, මාංශ ගැනීම සහ දුරාචාරවලින් තොර බෞද්ධ ජීවිතයක් නේද?

:       175       29

ChampaFriday, 21 August 2020 11:46 AM

සාංඝික දානවලට මස් මාංශ පූජා කිරීමෙන් බෞද්ධයා වැලකී හිටියා නම් හොඳයි. සමහර වෙලාවට නොදන්නාකමට එහෙම කළත් පැත්තකට වෙලා කල්පනා කරන කොට හිතෙනවා සාංඝික දාන වලට මස් මාංශ දෙන එක කොච්චර වැරදිද කියලා. බුදුරජාණන් වහන්සේ අසනීප වුනේ දානෙකට දුන්න සූකර මස් අනුභව කළනිසා කියලා පත පොතේ තියෙන එක ගැන මම විශ්වාස කරන්නේ නැහැ. සූකර මස් දුන්නා නම් බුදුරජාණන් වහන්සේ ඒ බව දන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න තරම් අසනීප වුනේ දීපු ආහාරය විස වුනු නිසා වෙන්න ඕනේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ඉන්දියාවේ නොවෙන්න ඕනේ. වෙන තැනක මම කියැව්වා බුදුරජාණන් වහන්සේට දුන්නේ හතු සමඟ බත් කියලා සහ ඒ හතු විෂ හතු වර්ගයක් හෝ නැත්නම් හතු විෂ වුණා කියලා. ඒ හතු තමයි සූකර මස් කියලා පස්සේ වෙනස් කළා වෙන්න පුළුවන්....

:       6       89

kusal02Saturday, 22 August 2020 11:17 AM

ඔයතරම් ප්‍රාතිහාර්ය දිවැස් බලයක් ලබපු බුදුරජාණන් වහන්සේට ... බිම්මල් සහ සූකර මාංශයේ වෙනස දැනගන්න නොලැබුණේ ඇයි? චම්පා, බුදුකෙනෙකුට කිසිවෙකුට රවට්ටන්න හෝ ළංවෙන්නවත් බැහැ කියලා අපි දහම් පාසලේදී ඉගෙන ගත්තා නේද? මොනවද ඔයා මේ ලියන්නේ?

:       16       11

ChampaSaturday, 22 August 2020 01:47 PM

kusal02 - මම කියලා තියෙන්නේ පත පොතේ තියෙන දේවල්. ඔබට යමක් කියවා වටහා ගැනීමේ හැකියාව අඩු බව පේනවා. මම පෙන්වලා දුන්නේ බුද්ධ චරිතය ගැන බොහෝ තැන්වල වැරදි විදිහට සඳහන් කරලා තියෙන බව. ඒකයි කිව්වේ සූකර මස් වුනා නම් බුදුරජාණන් වහන්සේ ඒ බව දන්නවා කියල. නමුත් ලියන කොට හතු, සූකර මස් කරලා බුදුරජාණන් වහන්සේ මස් වැළඳුවා කියල වැරදි අදහසක් දීලා තියෙනවා. ඒකයි මම කිව්වේ සූකර මස් වලඳපු කතාව මම පිළිගන්නේ නැහැ කියලා. මම නම් දහම් පාසල් ගිහින් නැහැ. මම බුදු දහම ගැන ඉගෙන ගත්තේ ගෙදරදී තාත්තාගෙන්. ඊට අමතරව දැනට මම බුදුදහම ගැන දන්නා සියලු දේ ඉගෙන ගත්තේ තනිවම. ඒ කෑම විෂ වෙන බව හෝ ඒ කෑමෙහි වස තියෙන බව හෝ දන්නා නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ දානය පිළිගන්න පෙරම තමන් පමණක් ඒ දානය වැළඳිය යුතුයි සහ දානයේ ඉතුරු ටික තමන් සමඟ සිටි වෙන කිසි හාමුදුරු කෙනෙකුට වළඳන්න ඉඩ නොදී වල දැමිය යුතුයි කියලා කියල තියෙන්නේ. බුදුවරයෙක් වුනත් මරණය වළක්වන්න බැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දුන්නු පණිවිඩය. නමුත් පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන තරමට අසනීප වෙලා තියෙන්නේ ස්වභාවික හේතුවක් නිසා නෙමෙයි.

:       0       0

ChampaSaturday, 22 August 2020 05:25 PM

බුදු කෙනෙකුට කිසි කෙනෙකුටත් ලං වෙන්න බැහැ කියලා කොයි දහම් පාසලේද ඉගැන්නුවේ? දෙව්දත් බුදුරජාණන් වහන්සේගේ හිසට පෙරලපු ගලෙන් ගල් පතුරක් කැඩිලා ඇවිත් බුදුරජාණන් වහන්සේගේ පාදයේ වැදිලා තුවාල වුණු බව තමයි මම නම් ඉගෙන ගත්තේ.

:       0       0

wedage Friday, 21 August 2020 09:59 AM

පිස්සුද හලෝ...?

:       31       122

Champa Friday, 21 August 2020 10:38 AM

ඒ කොහොමද හාමුදුරුවනේ එහෙම අපේ ජනබල පක්ෂයට හිමි මන්ත්‍රී ධුරය මැකෝ අහෝසි කරන්නේ? ඒක තනිකරම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වැඩක්නේ. අනික මැකෝ මීට කලින් කියලා තියෙනවා පක්ෂවල අභ්‍යන්තර ප්‍රශ්න එයාට වැඩක් නැහැ කියලා. පක්ෂයේ ලේකම් හාමුදුරුවෝ වංක හිතින් තමන්ගේ නම මන්ත්‍රී ධුරයට නම්කරලා යවපු එකට දැන් පක්ෂය විරෝධය පලකරලා තියෙන හින්දා මැකෝට කරන්න තියෙන්නේ ඒ නම අහෝසි කරලා ඒ වෙනුවට විකල්ප නමක් යෝජනා කරන්න කියලා පක්ෂයට දැනුම් දෙන එක... එතකොට රතන හාමුදුරුවෝ ඇතුළු ජනබල පක්ෂයට තියෙන්නේ ඥානසාර හාමුදුරුවන්ව මන්ත්‍රී ධුරයට නම් කරලා යවන එක. මේ ප්‍රශ්නේ ඇති කලේ ඥාණසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු යන එක නවත්තන්න මිසක් වෙන දෙයකට නෙමෙයි. අලි සබ්‍රි, සිරිසේන පාර්ලිමේන්තු එනකොට කවුරුවත් විරුද්ධ වුනේ නැහැ. මන්ත්‍රී තනතුරු දෙන්න එපා කිව්වෙත් නැහැ...

:       404       355

Naushi Friday, 21 August 2020 01:44 PM

මේකට අලි සබ්‍රි හෝ සිරිසේන සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ ගොල්ලන්ගේ මණ්ඩලේ කචල්වලට අහක ඉන්න කට්ටිය ඇදලා දාන්න එපා.

:       517       418

ChampaFriday, 21 August 2020 03:53 PM

සිරිසේන කියන්නේ පාස්කු ප්‍රහාරය දැනගෙන මිනිස්සු මැරෙන්න ඉඩ හැරලා නිකම් හිටිය අපරාධකාරයෙක්... සිංගප්පූරුවේදී උදේ 10ට දැනගත්ත කියලා ලංකාවට ආවේ ඊට පහුවෙනිදා. අලි සබ්‍රි කියන්නේ රට වෙනුවෙන් කතා කරපු සිංහලයන් ජාතිවාදීන් කියලා ලේබල් කරපු මුස්ලිම් ජාතිවාදියෙක්. 2015 ඉඳන් රට ජාතිය වෙනුවෙන් කතා කරපු මධුමාධව ජාතිවාදියෙක් කියලා ගෝඨාභය මහතාට ගතු කියල මධු මාධව හෙළ උරුමයෙ සියලු තනතුරු වලින් අයින් කෙරෙව්වේ අලි සබ්‍රි. කලින් ඇමති මණ්ඩලයේ ගම්මන්පිල හැර අනිත් අයට ඇමති තනතුරු දුන්න හේතුවක් ඒකයි. මේ ඡන්දෙන් මධුමාධව පැරදුනු එකත් අවිශ්වාසයි. 2015 ඉඳන් රට වෙනුවෙන් හිටපු මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමතිකම් නැහැ. හැබයි උඩින් වැටුණු අලි සබ්‍රිට ප්‍රධානම ඇමතිකමක්. සිංහල ජාතිය ඉලක්ක කරලා, උප්පැන්නයේ කොටු 18ක් අයින් කරලා අලුත් උප්පැන්න සහතිකයක් හඳුන්වා දුන්නු එක ගැන උදම් අනපු අලි සබ්‍රි පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනැල්ලා අධිකරණ ඇමතිකම වගේ භාරධූර ඇමතිකමක් දීලා රටේ ව්‍යවස්ථාව හදන්න බාර දුන්නු එක ගැන කට වහන ඉන්න සිංහල බෞද්ධයින්, ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු එන එකට විරුද්ධ වෙන්නේ මොකද කියලයි මම ඇහැව්වේ.

:       0       0

ChampaFriday, 21 August 2020 03:30 PM

ඥාණසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගේන්න සිංහල බෞද්ධයින් පෙළ ගැහෙන්න ඕනේ. හාමුදුරුවන්ගේ නම සහ බොදුබල සේනා නම fb එකේ තහනම් කරලා. කාගේ වැඩක්ද? කලින් කිව්වා වගේම ජාතික ලැයිස්තු තනතුර ඥානසාර හාමුදුරුවන්ට දෙන එක නවත්තන්න කුමන්ත්‍රණයක් යනවා. ශාසනයට අගෞරවයක්ලු... පහුගිය කාලේ ශාසනයට අගෞරව වෙන මොනතරම් දේ වුණාද? කවුද කතා කලේ? ගුරුකන්ද විහාර භූමියේ කෝවිලක් හදන්න කියලා 200ක පිරිසක් යවපු රාඝවන් පොහොට්ටු ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවා. ඒකට විරුද්ධව කවුරුවත් කතා නැහැ. හැබැයි ගුරුකන්ද විහාරය වෙනුවෙන් කතා කරපු, ලොකු හාමුදුරුවෝ ආදාහනය කරන්න ඉඩ නොදුන්නු කොට, එතැනට වැඩම කළ ඥාණසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු එනඑකට අපේම සිංහලයින් විරුද්ධ වෙනවා. ගුරුකන්දෙ හාමුදුරුවෝ අපවත් වීමත් සැකයි කියලා මම ඒ දවස්වල ලිව්වා. මුස්ලිම් අන්තවාදයට වෙනස් අර්ථකතන දුන්නු, සිංහල උප්පැන්නේ වෙනස් කල එක සාධාරණීකරණය කල අලි සබ්‍රි පොහොට්ටු ලැයිස්තුවෙන් එනකොට කට වහන් හිටපු සිංහල බෞද්ධයින්, ඥාණසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු එන එකට වැරදි කියනවා. තමන්ගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් සිංහලයෙක් ඉදිරිපත් වෙනකොට ඊට ගරහන, අකුල් හෙලන එකම ජාතිය සිංහල ජාතිය... ලැජ්ජයි..

:       80       3

sampath Friday, 21 August 2020 10:50 AM

ඒකට දැන් කරන්න දෙයක් නැහැ. ඡන්දෙ දීපු මිනිස්සු මොලේ කල්පනා කළා නම් හරි. මේ පක්ෂයට ඡන්දය දීපු අය සංඝභේදයට උදව් කරලා ආනන්තරීය පාපකර්මයක් කරගත්තා.. ව්‍යවස්ථාවෙන්ම කිසිඳු පූජ්‍ය පක්ෂයකට ඡන්දෙ ඉල්ලීම තහනම් කරන්න ඕනේ.. එය රටේ ජනතාවත් වගබලාගන්න ඕනේ...

:       44       130

ChampaFriday, 21 August 2020 11:28 AM

එහෙම කොහොමද? මේ රටේ ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තියෙනවා තමන්ට කැමති කෙනෙකුට ඡන්දය දෙන්න. තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරන එක සංඝ භේදයක් වෙන්නේ කොහොමද? නිකාය භේදයක් ඇති කලේ කවුද මුලින්ම මේ රටේ? ඒක නම් ආනන්තර්ය පාප ක්‍රමයක්.

:       26       37

Sanath KandyFriday, 21 August 2020 03:41 PM

මේ අයට ඡන්දය දුන් මිනිස්සුන්ට දැන්වත් තේරෙනවද කරපු මෝඩකම? මේ ඡන්ද 67000න් 10000ක් ජාතික ජනබලවේගයට දුන්නා නම් මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් හිමි වෙන්නේ ඔවුන්ට... මාලිමාවට ඡන්දය දුන්නු අයට විතරයි කිසිදිනක තමන් පාචිච්චි කළ ඡන්දය ගැන කළකිරීමක් නැත්තේ...

:       175       169

SAKRADEVENDRA Friday, 21 August 2020 10:55 AM

මේ සෝභිත හාමුදුරුවෝ දැන් බණ කියනවා. මුන්නාන්සේටත් නීතියක් නැහැනේ. ඇඹිලිපිටිය අහිංසකයෙකුගේ ඝාතනයකදී පොලිසිය බේරගන්න කතාකළ හැටි රටටම මතකයි. ඔක්කොම එකයි, පාර්ලිමේන්තු ඇවිත් ශාසනේ විනාශකරනවා..

:       53       208

නුවන්සර Friday, 21 August 2020 11:27 AM

මේ වැඩවලින් අපහසුතාවයට පත් වන්නේ, එදිනෙදා අපට හමුවන දකින සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාය. දැන් ඇති... ව්‍යවස්ථා සංශෝධයෙන් භික්ෂු දේශපාලනය තහනම් කළ යුතුය. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලා හඬක් නගන්න. විය යුත්තේ එයයි.

:       13       220

Aru viraj Friday, 21 August 2020 11:39 AM

මෙකේ සභාපති ඉන්නෙත් මිනීමැරුම් 5ක් කරපු පුද්ගලයෙකි. තාම නඩුවලට උසාවි යනවා. සුද්දෙක් හදලා දීපු හෝටලේ විකුණලා තමයි දේශපාලනයට ආවේ... කිසිම විනයක් නැති නම් මේ පක්ෂය තහනම් කළ යුතුය.

:       3       615

ChampaFriday, 21 August 2020 03:58 PM

ඒ පක්ෂයේ තනතුරු ඥාණසාර හාමුදුරුවන්ට අදාළ නැහැ. ඒ ගැන වගකීම ගන්න ඕනේ රතන හාමුදුරවෝ. අනික පිල්ලෙයාන් සහ චොකා මල්ලි ඉන්න පක්ෂ ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

:       0       0

banda Friday, 21 August 2020 11:43 AM

මේ පක්ෂෙට ඡන්දෙ දීපු අයට ගහන්න ඕනෑ.

:       8       166

wasantha Friday, 21 August 2020 12:17 PM

නිකාය තුනේ හිමිවරු ඡන්දයක් තියලා තීරණය කරන්න කව්ද යන්නේ කියලා.. ගිහියන් පටලවන්නේ නැතුව...

:       1       23

Buddika Friday, 21 August 2020 12:31 PM

ඔබ වහන්සේ නිවැරදියි.. පාතාලකරුවන්, රස්තියාදු කාරයින් ඒ උතුම් චීවරයේ ගෞරවය කෙළෙසනවා. සිවුර කියන්නේ පූජනීය දෙයක්.. ඒ උතුම් වස්ත්‍රයට බෞද්ධයින් දණ නමා වන්දනා කරනවා. ඒ උතුම් සිවුරට මුවාවෙලා ඇතැම් අය කරන්නේ ධර්මයට ගැරහීමයි. මේවා නවත්වන්න මහානායකවරු කෝ? දේශපාලකයින්ට පිරිත් නූල් බඳින එක නෙමෙයි බුදුදහම කියන්නේ...

:       31       105

ranjithSaturday, 22 August 2020 01:24 AM

මේ අදහස වටිනවා.

:       0       0

mavilmada vajira himiSunday, 23 August 2020 03:11 PM

මංගල සමරවීර මේ ටික කියලා අන්තිමේදී දේශපාලනය දාලා යන්න සිද්ද කරා.

:       0       0

chandima Friday, 21 August 2020 04:09 PM

හැමදුරුවනේ ඕක ඡන්දෙට කලින් කිව්වනම් නේද හොඳ.?

:       0       0

Jakson Friday, 21 August 2020 11:28 PM

බුදුන් වදාලේ සංඝයාට දේශපාලනය අකැප බවයි.

:       0       0

[email protected] Saturday, 22 August 2020 05:01 AM

අනේ සාදු...!!!

:       0       0

badrani Saturday, 22 August 2020 06:03 AM

පැවිද්දෝ ගිහිගෙයින් ඇවිත් අවවාද කරනවා. බලන්න ලස්සනයි.

:       0       0

lalithm Saturday, 22 August 2020 06:18 AM

කහ සිවුරු යටින් පාතාලයෝ ඉන්නවා කියලා මහ නාහිමි පිළිගන්නවා එහෙනම්... අනේ බුදුසසුනට ගිය කලක්...

:       0       0

Saman කොස්ගොඩ Saturday, 22 August 2020 07:30 AM

අපෝ මේ අපේ හාමුදුරුවන් වහන්සේ පැහැරගෙන ගොස් පිස්තෝලයකින් ගහපු ආරම්භයේම පව් පුරවා ගත්තා. එක සිංහල බෞද්ධයෙක් දෙන්න එපා සහයෝගයක්...

:       1       19

Nadeera Monday, 24 August 2020 01:50 AM

එක කකුලුවෙක් තව කකුලුවෙක්ට කෙලින් යන්න කිව්වලු....

:       4       70

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 32 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 189 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 72 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 501 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 670 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 357 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site