IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිස්බුල්ලාගේ ප්‍රකාශයට දුමින්දගේ විරෝධය

(ඩයනා උදයංගනී)
            
හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කර ඇති ප‍්‍රකාශය නොකළයුතු ප‍්‍රකාශයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් රටේ ප‍්‍රශ්න අවුලුවන පිරිසක්ද සිටින බව කී දුමින්ද දිසානායක මහතා පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා එක්ව සැලසුම් කළ දෙයක්ද යන්න සැකසහිත බවද ප‍්‍රකාශ කළේය.

මෙම තේරීම් කාරක සභාව පත්කරන ලෙස ඉල්ලා පළමුව අත්සන් කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරන සුසන්ත පුංචිනිලමේ මන්ත‍්‍රීවරයා විසින් බව ද ජාතික සංවිධායකවරයා කීවේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇති ප‍්‍රශ්න විසඳානොගෙන කැබිනට් මණ්ඩලය නොපවත්වමින් ජනතාව පීඩාවට පත්කිරීම තමන් ද අනුමත නොකරන බව ද දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (13) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

දුමින්ද දිසානායක මහතා මෙසේ ද කියා සිටියේය.

‘‘අපේ හිටපු ආණ්ඩුකාරවරයෙක්, ඇමතිවරයෙක් මෙන්ම අපේ පක්‍ෂයේ සාමාජිකයෙක් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා තමන් ලංකාවේ සුළු ජාතිය වුණත් ලෝකයේ මහ ජාතිය බවට ප‍්‍රකාශ කර තිබෙනවා. අපි එතුමාට ඉතා ආදරයෙන් කියන්නේ මෙවැනි අනවශ්‍ය දේ ප‍්‍රකාශ කර රට තුළ ප‍්‍රශ්න ඇති නොකරන ලෙසයි. ලෝකයේ මහ ජාතිය කවුරුන්ද යන්න මේ මොහොතේ අවශ්‍ය දෙයක් නෙවෙයි. අපි රට තුළ පවතින ප‍්‍රශ්න විසඳාගත යුතුයි. ඒ නිසා රට තුළ සමගියට හානි වන ආකාරයේ ප‍්‍රකාශ නොකරන ලෙස අපි එතුමාගෙන් ඉල්ලනවා. 

මුස්ලිම් ඇමතිවරුන් එක්ව තනතුරුවලින් අස්වීමෙනුත් රටට වැරදි පූර්වාදර්ශයක් ලබාදෙනවා. අපි මේ ප‍්‍රශ්නයේ මුලට නොගොස් කොනකින් අල්ලාගැනීම වැරදියි. සමහරු 8 දෙනෙකු කළ වරදට සමස්ත මුස්ලිම් ජාතියම අපහසුතාවට පත්කරන්නේ ඇයිදැයි අහනවා. ඔවුන්ගේ පල්ලි පරීක්‍ෂා කරන්න සිදුවුණේ, ඒවාට නිල සුනඛයින් රැගෙන යාමට ආරක්‍ෂක අංශවලට සිදුවුණේ සිංහල, දෙමළ ජනතාව හෝ ඒ ආරක්‍ෂක අංශ කළ වරදක් නිසා නොවෙයි. ඔවුන්ගේම ජාතියේ ඔවුන්ගේම ආගම අදහන කොටසක් කළ වරදක් නිසයි. දැන්වත් මේ දේ තේරුම් ගෙන ප‍්‍රශ්නය විසඳීමට ඉඩදිය යුතුයි’ යැයි ඒ මහතා පැවසීය.



අදහස් (1)

හිස්බුල්ලාගේ ප්‍රකාශයට දුමින්දගේ විරෝධය

Kriss Thursday, 13 June 2019 12:34 PM

මේ එළඹෙමින් තිබෙන්නේ දේශපාලන වීරයන් බිහිවීමේ කාලයයි. එහෙත් ඒවා කදිමට අධ්‍යක්ෂණය කල නාට්‍යයන් බව සමහර වෙලාවට ජනතාවට වැටහෙන්නේ නැත.

:       0       428

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site