Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 ජනවාරි මස 17 වන ඉරිදා
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පැවති රැස්වීමකට අද (08) සහභාගි වූ අතර ඒ අවස්ථාවේදී එහි රැඳීසිටි පිරිස් අරුවක්කාලු කසල අංගනය පිළිබඳ හිටපු ජනාධිපතිනියගෙන් විමසූ අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කරතිව් නගරයේ පැවති රැළියකට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
රැස්වීම අවසානයේ බණ්ඩාරනායක මහත්මියගේ කතාව අවසන් කිරීමත් සමඟ අරුවක්කාලු කසල අංගනයට විරෝධය පළකරන පුත්තලම නගරයේ පිරිසක් කසල අංගනය පිළිබඳව එතුමියගේ ස්ථාවරය විමසුවේය.
එහිදී අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිස් පවසා සිටියේ මේ වන විට කසල අංගනයේ පිපිරීම් පවා ඇතිවී ඇති බවත් ඒ සමඟම මෙවැනි ව්‍යාපෘති නිසා තවත් වසර පහකින් මේ ගම්මාන දමා යාමට ජනතාවට සිදුවන බවත්ය.
එහිදි බණ්ඩාරනායක මහත්මිය පවසා සිටියේ මේ සඳහා විසඳුමක් ඡන්දයෙන් පසුව ලබා දෙන බවයි. එයට විරෝධය දැක්වූ පිරිසකට තවත් පිරිසක් පහර දීමට සැරසුන අතර ඒ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
Chanak Los Angeles Friday, 08 November 2019 07:14 PM
මේවා සාටකයින්ගේ ක්‍රියාවන් ..
Reply : 551 652
sisira Friday, 08 November 2019 09:41 PM
කසල ගොඩක් එක්ක කසල අංගනයක් ගැන කතාවකට ගිහින්.
Reply : 66 500
ලුම්බිණි Friday, 08 November 2019 11:50 PM
අරුවක්කාලු කසල අංගනය ගැන චන්ද්‍රිකාගෙන් අහන එකේ ඵලය කුමක්ද?
Reply : 158 284
සේන Saturday, 09 November 2019 03:28 AM
වෙල්ගම උන්නැහේයි, මැතිණියයි දැන් U.N.P වෙලා නේද? මේ අයට තියෙන්නේ තනිකරම පෞද්ගලික ප්‍රශ්නයක්..
Reply : 2411 2320
බමුනා මිසින් Saturday, 09 November 2019 05:29 AM
රජතුමයි, පවුලේ අයයි, අනික් කට්ටියයි පොහොට්ටු පුප්පනකොට සෙල්ලම් සේන බුදිද?
Reply : 695 765
Rata Perata Saturday, 09 November 2019 08:19 AM
ඇමෙරිකන් කාරයෙක් හදපු පක්ෂයකින් ඉල්ලලා තවත් ඇමෙරිකන් කාරයෙක් රටේ නායකයා වෙන්න හදන එක පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?
Reply : 602 874
ranjith Saturday, 09 November 2019 04:03 AM
1970-77 කාලයේ මේ රට හොඳට දියුණුවෙලා තිබුණා. ඊට පස්සේ මේ දක්වා රට විනාශ කරපු නායකයින් තමයි ඉන්නේ....
Reply : 261 411
lalithm Saturday, 09 November 2019 07:16 AM
70-77 කාලේ දියුණුවෙන්න උත්සාහ කළා. එ්කට හේතු වුනේ හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හින්දා අපිට වුණු සම්බාධකයි. එ්ත් ඒ කාලේ කරපු සමහර දේවල් තරමට වැඩි, බෙහෙත් ද්‍රව්‍ය හිඟකම, ආහාර හිඟය තමන්ගේ කුඹුරේ වී ටිකවත් ගෙදරට ගෙනයන්න දමපු තහනම් නීති වගේ දේවල් කළමනාකරණය වුනේ නැහැ. ඒ වගේම කුණු බාල්දි අවුස්සගෙන කන තරමට නගරවල ආහාර හිඟයක් තිබුණා. අඳින්න අවම තරමට අවශ්‍ය රෙදිපිළිවත් තිබුනේ නැහැ. ඒ වගේ කරලා රටක් ගොඩ නගන්න බැහැ.
Reply : 219 26
Mahee Saturday, 09 November 2019 07:58 AM
ඔබ හරියටම හරි, මැතිණියගේ අකාර්යක්ෂම, අදූරදර්ශී පාලනය නිසා මමත් අනන්ත දුක් වින්දා... මගේ සියලුම නිවාඩු ඉවරවුනේ පොඩි එකාට කිරිපිටි, සීනි හොයන්න පෝලිම්වල ලැගලා. දෙල්කඳ පොලේ හොරෙන් හොරෙන් විකුණපු හාල් සේරුව හංගගෙන ගෙදර ආවේ හරි බයෙන්... හැබැයි එයාගේ වටේ හිටපු ඇමතිවරු රජ සැප වින්දා...
160 70
Dharmasiri Saturday, 09 November 2019 09:54 AM
අමතකද පිහි ඇනුම් ගිහින් කීපදෙනක් මැරුණා. පාන් පෝලිම් වල ඉඳලා...
0 18
waruna Saturday, 09 November 2019 07:36 AM
70-77 කාලයේ ජීවත් වුණු කෙනෙක් නෙමේ වගෙයි. එසේ වුණා නම් මෙවැන්නක් කියන්නේ නැහැ.
Reply : 23 41
kamal Saturday, 09 November 2019 08:00 AM
70දී අපි බංකොලොත් සමාජවාදී ආර්ථිකයකට යන්න නලියනකොට 1963දී නිදහස ලබපු සිංගප්පූරුව බටහිර ගති ධනවාදී ක්‍රමයට ගියා... අද අපි සිංගප්පූරුවේ මෙහෙකාරකමට යනවා. එදා වේල රැකගන්න. 70 කරපු වැරදිවල මහිම තමයි. අපේ මිනිසුන්ට සත්‍ය තේරෙන්නේ නැත්තේ අැයි? 70දී හැන්දෙන් ගෙනත් දීපු හාල් කැවිලා නිසාද?
Reply : 17 29
dilan Saturday, 09 November 2019 04:05 AM
ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය පිළිබඳ සිතාගන්න ජනතාවට වෙන කිසිවක් අවශ්‍ය නැහැ. මේ සිදුවීම ඇති. චන්ද්‍රිකාව නෙමෙයි, සහරාන්ගේ හරි ප්‍රභාකරන්ගේ හරි බිරින්දෑවරුන්ව හරි ස්ටේජ් එකට නග්ගලා ඡන්දෙ දිනන්න පුලුවන් නම් මේ මිනිස්සු එ්කත් කරනවා. ඒ තරමටම බලයට වියරු විදියට වහ වැටිලා..
Reply : 1226 1269
කෝසල Saturday, 09 November 2019 05:06 AM
එතකොට ඔයාලගේ කට්ටිය බලයට වහවැටිලා නෙමේද? වලපයයි, ගොඩපයයි තියාගෙන ඔය එන්න හදන්නේ. දහ අටවෙනි සංශෝධනයෙන් ජීවිත කාලයේම බලයේ ඉන්න හැදුවේ...
Reply : 542 627
janahitha Saturday, 09 November 2019 08:09 AM
19වැනි සංශෝධනේ කොහොමද? මල්ලියේ බෝම්බ මලු බැඳන් මරාගෙන මැරෙනකම් එකෙක් දන්නේ නැහැ. සිරිසේනට ආණ්ඩුව අන්දලා ගහපු ගැටෙන රට අනාරක්ෂිත වුණා. පාරම්පරික දේශපාලනේ අත්හරිමු. ආණ්ඩුව පෙරළමු හරිවැරදි පසුවට..
320 165
dilan Saturday, 09 November 2019 12:12 PM
මල්ලි, ඔය මානසික වහල් බැම්ම කඩාගන්න පුළුවන් වුනොත් ඔයා ගොඩ. මම ප්‍රිය කරන නායකයින් කීපදෙනෙක් මේ රටේ හිටියා, නම් වශයෙන් කියනවා නම් ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, විජේතුංග, මහින්ද වගේ මිනිස්සු. හැබැයි ඒ සමහර නායකයන්ගේ පුත්තු නම් වටින්නේ නැහැ. එක්කෙනෙක් නිධන් හාරන දඩයක්කරුවෙක්, තවත් එක්කෙනෙක් අර බෝම්බ ප්‍රහාරය වෙලේ මාධ්‍යයට හොරෙන් "බක බක" ගගා හි විදියෙන්ම ජනතාවට ඇති ආදරය පෙන්නුවා. හැබැයි අපි "පක්ෂ මානසිකත්වය" පැත්තක තියලා බැලුවොත් මේ ගමන "ගෝඨා" දිනුවේ නැත්නම් අපේ ජාතියේ මළගමත් එතැනින්ම ලියැවෙයි.
108 253
Mahee Saturday, 09 November 2019 04:18 AM
එතුමිය කිව්වා හරිනේ. 'ඡන්දෙන් පස්සේ විසඳුමක් දෙන්නම්'. ඉතින් ඊට වඩා දෙයක් කියන්නේ කොහොමද? බලයට ආවොත් මොකක් හරි කරනවා, ආවේ නැත්නම් නිකම් ඉන්නවා, එච්චරයි.
Reply : 92 336
සඳුන් Saturday, 09 November 2019 05:03 AM
මේ උද්ඝෝෂණය කරන අය ඒකවත් නිදහසේ කරන්නේ මේ යහපාලන රජය නිසා, මතකද වතුර ඉල්ලලා උද්ඝෝෂණය කළ අයට රතුපස්වලදී වෙඩි තිබ්බා...
Reply : 268 362
janahitha Saturday, 09 November 2019 08:06 AM
රතුපස්වල රතු හමුදාව හමුදාවට ගැහුවා කළුගල් වලින් ඔළුවට... ඔවුන් අහසට වෙඩි තිබ්බ උතුරේ හිටපු හමුදාවට කළුගල් වලින් කිසිදා පහර ලැබුණේ නැත. ලැබුනේ අත්බෝම්බ, ක්ලේමෝ බෝම්බ.... ඒ අය වෙඩි තැබුවා, එලව එලවා ගැහුවා, ගල් ගහපු රතු හමුදාව ඔවුන් පෙර පරිදිම පැන දිව්වා...
Reply : 16 214
එරංග Saturday, 09 November 2019 05:08 AM
මතක නැද්ද කොළඹ කුණු කන්ද? ඔය බලය ඉල්ලන කට්ටිය ඒක ගහක් වගේ උස යන්න ඇරියා මිසක් විසඳුමක් දුන්නද?
Reply : 7 124
ඒකනායක Saturday, 09 November 2019 05:10 AM
ඔය උද්ඝෝෂණ කරන කට්ටිය කල්පනා කරන්න මේ නිදහස ලබලා දුන්නේ කවුද? එයාලට ඕනෑ මල්ලි ජනාධිපති, අයියා අගමැති, අනිත් අයියා කතානායක, අනිත් අයියා ආර්ථික ඇමති, නංගි තව ඇමති කෙනෙක්, අයියගේ පුතා තව ඇමති කෙනෙක්, අනිත් අයියගේ පුතා තව ඇමති කෙනෙක්, එහෙමද?
Reply : 417 657
samanwimala Saturday, 09 November 2019 05:55 AM
නිදහස, ඔව් නිදහසේ මැරෙන්න.. ගොන්නු නිදහසේ තණකොළ බුදීමට කැමැතිය. ඒ උන් ගොන්නු නිසායි.
Reply : 195 272
Lebbe Saturday, 09 November 2019 05:49 AM
බොරුද කියල බලන්න 17 රෑට ආච්චි අාපහු එනගලන්තේ යන්නේ නැද්ද කියලා නොඑන්නම...? දැනටමත් ටිකට් බුක් කරලා ඉවරයි.
Reply : 442 515
කැප් Saturday, 09 November 2019 07:20 AM
බණ්ඩාරනායකලා පැනලා යන්නේ නෑ.. එ් රාජපක්ෂලා... ඔයාට වැරදිලා...
Reply : 179 132
Chandi Sunday, 10 November 2019 08:30 AM
ඔව් ඉතින් පැනලා යන්න ඕනෑ නැහැ. තමන්ගේ ආසනේ වත් දිනාගන්න බැහැනේ... ජනතාව පන්නලා ඉවරයි.
0 0
janahitha Saturday, 09 November 2019 07:58 AM
අන්දෘගේ මාලිගාව මට අරන් දුන්නේ නුඹලගේ සල්ලිවලින්... මම එජාපයට යන්නේ නුඹලා වෙනුවෙන්ම නොවේ. මාලිගාවේ ඉතුරු වැඩ ටික කරගන්න. එහෙ හැමදෙයක්ම බොහොම ගණන්....
Reply : 2 58
Harin Sunday, 10 November 2019 02:15 AM
දැන් වෙල්ගමත් එක්කද? ඇයි ඒ දවස්වල මන්දිරයේ දමාගෙන හිටිය සනත්ට මොකද උනේ ?
Reply : 10 21
Bandara Sunday, 10 November 2019 08:25 AM
යන යන තැනින් මෙහෙම යවා ගත්තා නම් රටට හොඳක් වෙයි.
Reply : 0 49
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.