IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හතර මහ නිධානය සොයන්න ගිහින් අත්අඩංගුවට

(අජිත්ලාල් ශාන්තඋදය)

ලාහුගල, බක්මිටියාව තිඹිරිගොල්ල රක්‍ෂිතයේ නිධානයක් හාරමින් සිටි පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු , නිධානය හෑරීමට යොදාගත් එක්ස්කැවේටර් යන්ත්‍රයක්, ජෙනරේටරයක් ඇතුළු උපකරණ තොගයක් සහ පූජාභාණ්ඩ කිහිපයක් අද (25) දහවල් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලාහුගල ජාතික උද්‍යානය සහ බක්මිටියාව තිඹිරිගොල්ල රක්‍ෂිතය මායිම්වන කරඳ ඔය ආසන්නයේ මෙම නිධන් හෑරීම සිදුකර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවැසීය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ලාහුගල කඳවුරේ නිලධාරීහූ මෙම වැටලීමට එක්ව සිටි සිටියහ. මෙම නිධන් හෑරූ බව කියන ස්ථානයට ‘හතරමහ නිධානය’ ලෙස හඳුන්වන බවද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය. 

එක්ස්කැවේටර් යන්ත‍්‍රයක්, ජෙනරේටරයක්, ජලයේ ගිලවන වතුර මෝටරයක්, ගල් විදින ශකර් යන්ත‍්‍රයක්, කලුගල් පලු කිරීමට ගන්නා යාන්ත‍්‍රික තල, අලවංගුවක්, පොරවක් ද එහි තිබී අත්අංඩගුවට ගෙන ඇත.

ඊට අමතරව බහිරව පූජාවක් පැවත්වීමේ දී ගන්නා පූජාභාණ්ඩ, දුම් කබලක්, පන්දම්, ආරක්‍ෂක මුට්ටි අටක්, බිල්ලට දීමට ගෙනා කකුළෙක්, මල්තටුවක් ආදියද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (3)

හතර මහ නිධානය සොයන්න ගිහින් අත්අඩංගුවට

lankasri Sunday, 25 August 2019 06:39 PM

සතර මහා නිධානෙ තිබිල නේන්නම්... එක්ස්කැවේටර් යන්ත‍්‍රයක්, ජෙනරේටරයක්, ජලයේ ගිලවන වතුර මෝටරයක්, ගල් විදින ශකර් යන්ත‍්‍රයක්, කලුගල් පලු කිරීමට ගන්නා යාන්ත‍්‍රික තල, අලවංගුවක්, පොරවක්, ද එහි තිබී අත්අංඩගුවට ගෙන ඇත

:       0       33

Bandara Sunday, 25 August 2019 09:58 PM

අර ජනදුක හඳුනන දේශපාලුව නිවෙයි නේද?

:       2       113

saliyaMonday, 26 August 2019 07:41 AM

ඒවගේ අය එනකොට මේ වගේ දේවල් වෙනවා. අපිට කියන්න තියන්නේ, රජා භවතු ධම්මිකෝ... කියලා තමයි.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 109 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site