IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සාමනේර හිමිවරුන්ට පහරදුන් සිද්ධියේ සැකකරුට අත්හිටවූ සිර දඬුවම්

(උපාලි ආනන්ද)

හොරෙව්පොතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙනෙහි සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදීමේ  සිද්ධිය  සම්බන්ධයෙන්  චෝදනා ලැබ  රිමාන්ඩ් ගත  කර සිටි සැකකරුට වසර එකහමාරක සිර දඬුවමක් නියම කළ  කැබිතිගොල්ලෑව දිසා විනිසුරු, මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා එම සිර දඬුවම වසර 5කට අත්හිටුවීමටද නියෝග කළේය.
 
ඊට අමතරව සැකකරුට රුපියල් 1,000ක දඩයක්ද නියම කෙරිණ.
 
මෙසේ දඬුවම් නියම වූයේ   හොරොව්පොතාන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකුටය.
 
මෙම සිද්ධියට අදාළ  නඩුව කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (24) යළි කැඳවූ  අවස්ථාවේ තමන් වරද පිළිගන්නා බව පැමිණිලිකාර සාමනේරු හිමිවරුන්ට විවෘත අධිකරණය්දී වැඳ නමස්කාර කරමින්  සැකකරු  ප‍්‍රකාශ කිරීමෙන් පසුව ඔහුට මෙලෙස දඬුවම් නියම කරනු ලැබීය.
 
සුළු සිද්ධියක් පදනම් කර ගනිමින් වයස  අවුරුදු 10 සහ 14 වියෙහි පසුවන සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික පහරදීම සම්බන්ධයෙන් සැකකරු ලැජ්ජාවට  පත් විය යුතු බව ඔහුට දඬුවම් නියම කරමින් ප‍්‍රකාශ කළ විනිසුරු අල්විස් මහතා සැකකරු සම්බන්ධයෙන් යළි මෙවැනි  සිද්ධීන් වාර්තා වුවහොත්  ඔහුට උපරිම දඩුවම් ලබාදීමට අධිකරණය පසුබට නොවන බවටද දැන්වීය.

උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප‍්‍රතාප් සෙනරත් සදුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් කැබිතිගොගල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා සදහන් කළේ මෙම සිද්ධිය පිලිබදව උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සදුන්ගහවත්ත මහතාගේ නියෝග මත පොලිස් කන්ඩායම් තුනක් මගින් විමර්ශන මෙහෙයවූ බවයි.
 
අදාල සියලු විමර්ශන මේ වන විට අවසන්ව ඇති බවද අධිකරණයට සැලකළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා සැකකරු මෙම පරදීම සිදු කර ඇත්තේ ආගමික ගැටුමක් නිර්මාණය කිරීමේ අරමුණින් නොවන බවට එම විමර්ශනවලදී තහවුරු වී ඇතැයිද කීවේය.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය පිළිබඳව මුල් බී වාර්තාව මගින්   ප‍්‍රධාන  පොලිස් පරික්ෂක කීර්ති ජයන්ත මහතා සඳහන් කළේ සැකකරුට  අයත් කුඩා වෙළෙදසැලක් හොරොව්පොතාන  මැදගම ප‍්‍රදේශයේ පිහිටා ඇති බවයි.
 
එම වෙළෙද සැලෙන්   දියර කිරි පැකට් මිලදී ගැනීමට මෙම සාමනේර හිමිවරුන් ෙඉකුත් 10 වන දින පැමිණි අවස්ථාවේ සැකකරු  මෙම පරදීම සිදු කර ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය. රුපියල් 10 ක් වටිනා චොක්ලට් දෙකක් මුදල් නොගෙවා හොරෙන් ලබා ගත් බවට චෝදනා කරමින් සැකකරු  සාමනේර දෙනමට මෙලෙස අමානුෂික ලෙස  පහරදී ඇති බව දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බව  අධිකරණයට සැලකළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාමනේර දෙනම මුදල් නොගෙවා හොරෙන් සැකකරුට අයත් වෙළෙඳ සැලෙන් චොක්ලට් ලබා ගෙන නැති බව  පොලිස් විමර්ශනවලදි  තවදුරටත් හෙළි වී ඇතැයිද අවධාරණය කළේය.  

සැකකරු සාමනේර හිමිවරුන්ගේ පහර දෙන  අයුරු සිද්ධිය වූ ස්ථානය අසළ සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන්ව  ඇති බවද අධිකරණයට කියා සිටි ප‍්‍රධාන පොලිස් පරික්ෂක  ජයන්ත මහතා සැකකරුට ඇප ලබා දුනහොත්  මහජන කැළඹීමක් ඇති වීමේ දැඩි අවදානමක්   පවතින බවද කීවේය.
සැකකරුගේ  පහරකෑමට ලක් වූ සාමනේර දෙනම හොරොව්පොතාන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති  බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා තවදුරටත්  අධිකරණයට  දැන්වීය.
 
කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරි කොඩිසිංහ මහතා ලබා දුන් විශේෂ නියෝගයකට අනුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසින් සැකකරු සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු  සිදු කර ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය..



අදහස් (4)

සාමනේර හිමිවරුන්ට පහරදුන් සිද්ධියේ සැකකරුට අත්හිටවූ සිර දඬුවම්

Hafeel Tuesday, 24 September 2019 08:20 AM

රුපියල් 1,000ක දඩය මෙම නඩුව ගොනුකරන්න තරමටත් වටින්නේ නැහැ...

:       0       0

malaka Tuesday, 24 September 2019 08:32 AM

අපූරු දඩුවම. ඒකත් නොදී හිටියනම් හරි.මාර නීති මේවා.කාට කියන්නද?

:       0       1

චමින්දWednesday, 25 September 2019 01:36 AM

දැන් තමා මේ පුද්ගලයාට නරකම කාලය වන්නේ... ඔහුට අවුරුදු 5ක් යනතුරු ඔහු අතින් සුළු හෝ වරදක් නොවන ලෙස සිටීමට සිදුවෙනවා. සිරගෙදර අවුරුදු එකහමාරක් සිටිනවාට වඩා මෙය බරපතල විය හැකියි.

:       0       0

Rathnayake Tuesday, 24 September 2019 09:04 AM

බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය දිහා බලනකොට වරදට දඩුවම් ලැබිය යුතු පිරිස තවත් බොහෝ සිටින බව නොපෙනේද මිනිසුනේ ? රජය යන්නේ කොහෙද ? එය යා යුත්තේ කොහෙටද? මට කැකිල්ලේ නඩු තීන්දුව මතකයට නැගේ.

:       64       3

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 111 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 129 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 114 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 317 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 697 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 132 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site