IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


විපක්ෂ නායකට සහ බිරියට කොරෝනා

(යොහාන් භාසුර)
විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය ‘කොවිඞ් 19’ ආසාදිතයන් බවට තහවුරුවීම නිසා රෝහල්ගත කර තිබේ.
සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිලාභ ලබති.
සිය බිරිඳ ප‍්‍රතිකාර සඳහා  රෝහල්ගත කළ බව පේ‍්‍රමදාස මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබේ.
බිරි`දට රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා රෝහල්ගතව කළ පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් ඇය ආසාදිතයකු යැයි සනාථ වීම නිසා තමන් ද පී.සී.ආර්. පරීක්‍ෂණකට ඉදිරිපත් වූ බවත් එම පරීක්‍ෂණයෙන් තමන්ද ආසාදිත බවට තහවුරු වූ බවත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ෆේස්බුක් සටහනේ දක්වා තිබේ.
සජිත් පේ‍්‍රමදාස මහතාට රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව ද ඔහු පවසයි.

 

 



අදහස් (47)

විපක්ෂ නායකට සහ බිරියට කොරෝනා

Buddika Sunday, 23 May 2021 08:07 AM

ඔබ දෙපළට ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා. දුර්වල සහ හිතුවක්කාර පාලකයින් නිසා අද රට විනාශ වේගෙන යනවා. මේ මොහොතෙදී මිනිස්සු ගැන, රට ගැන හිතන ඔබව ලාංකීය ජාතියට අත්‍යාවශ්‍යයි....

:       76       111

pjSunday, 23 May 2021 09:07 AM

මේ දෙපළටත්, රටේ සිටින සියළු කොරෝනා රෝගීන්ටත් තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා. රට ගැන හිතපු හැටි පෙණුන පියාගේ ජනපති බලයෙන් නුවරඑළියේ තුරඟ පිටියට යාබද වටිනා ඉඩම් සියල්ල අත්පත් කරගෙන කානේෂන් මල් වවලා අපනයනය කරලා ඩොලර් කෝටිපතියකු වුණු කාලේ... ලංකාවේ මුලින්ම පුරාවස්තු හාරන්න පටන් ගත්තේ මෙතුමා.. ඒ කාලෙ සිටම රට ගැන හිතපු නිසා වෙන්න ඇති. මෙයාගේ වැඩකිඩත් රජ පවුලට දෙවෙනි නැහැ. මේ ලිව්වේ ඉතාම කෙටියෙන්...

:       62       128

RaveendraSunday, 23 May 2021 10:55 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. නුවරඑළියේ කානේෂන් වගාව පිළිබඳව මධ්‍යස්ථව විස්තර සොයන ඕනෑම කෙනෙකුට ඔබ සඳහන් කළ විස්තර හොඳින්ම පැහැදිලි කරගත හැක. එමෙන්ම නිධන් වදුල පොත් පිංචයද මොහු විසින් හොඳින් පරිශීලනය කර ඇති බව දන්නෝ හොඳින් දනිති. කණගාටුවට කරුණ නම් මේ වැඩි දෙනෙකු අද ඊයේ ඉපදුණු ළදරුවන් වීම... ඒ කෙසේ වෙතත් සජී පුතාට මෙන්ම ඔහුගේ බිරිඳට සහ සියලුම රෝගීවූ ලක්වැසියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

:       21       66

මාදව Sunday, 23 May 2021 07:08 PM

අපි ඉතිං පොලිසි ගිහින් නීතියෙන් පියවර ගමුකෝ... රටේ ඉන්නේ ඔබතුමා කියන විදිහට...

:       0       1

WasudewaMonday, 24 May 2021 01:49 AM

මේ රවීන්ද්‍ර ගොයියා... නිතරම පෙනී හිටින්නේ කම්බ හොරු වෙනුවෙන්. ජවිපය කෝටි ගණන් කොච්චර හොරකම් කිව්වත් ජවිපයටත් එහෙම තමයි. තව සාධාරණ වෙනත් පාලකයෙකුට ඉස්සරහට එන්න ඉඩදෙන්න... කතා වැඩ කරන්න එපා..

:       1       1

විපරමා Monday, 24 May 2021 09:22 AM

ඔබ කියන දේ ඇත්ත. බලාගෙන ගියාම වැඩිහරියක් දේශපාලුවන් කරන්නේ කළ දුටු කළ වල ඉහගන්න එකනේ. දැන් ඉන්න පවුල් පාලනේ අය කියලා නිකම්ද? පියාගේ හයිය අරන් වැඩකරන දූෂිත දේශපාලුවන්ගේ පුත්තු පවා ඉන්නවා.

:       0       3

gamunuSunday, 23 May 2021 12:30 PM

රටේ සියලු පුරවැසියන් එන්නත් ලබාගන්නා තෙක් ඔහු එන්නත් ලබා නොගන්නා බව ප්‍රකාශ කළ විපක්ෂ නායකට තවත් බොහෝ කල් ඉන්න වේවි.. ඔහුගේ එන්නත ලබාගන්න. කෙසේ වෙතත් රටේ ජනතාවට සේවය කරන පිරිස පළමුව එන්නත් ලබාගැනීම ලෝකයේ වෙනත් රටවල සිදුවෙනවා. ඔහු රටේ සියලු පුරවැසියන් එන්නත් ලබාගන්න තෙක් ඔහු එන්නත් ලබා නොගන්නේ නම් සියලු ජනතා කටයුතුවලින් දුරස්ව දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටීම සුදුසු වේ. එන්නත් නොගෙන සමාජ දේශපාලන කටයුතුවලින් ඔහු රටටම ලබාදෙනු ලබන්නේ වැරදි ආදර්ශයකි. ඔබලාට ඉක්මන් සුවය පතමු.

:       15       67

FedricSunday, 23 May 2021 03:01 PM

මේ අය රටේ සේරටම කලින් ෆයිසර් විදගෙන ඇත්තේ... අපි ඉතින් හැමදාම ‍රැවටෙනවා. අපේ මිනිස්සු හිතන් ඉන්නේ අනේ ඉතින් අපි වෙනුවෙන්නේ මේ එන්නතක්වත් විදින්නේ නැතුව ඉන්නේ කියලා. ඔවුන් ඒවාට හැමතැනින්ම හිනාවෙනවා ඇති....

:       3       20

මැක්ස් Sunday, 23 May 2021 08:11 AM

දේශපාලන බේද පසෙකලා එතුමාට ඉක්මන් සුව පතමු...

:       8       128

Kodi Sunday, 23 May 2021 08:16 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!

:       7       98

kawindu Sunday, 23 May 2021 08:24 AM

ජලා හුටා කිව්වලු... දැන් ආණ්ඩු පක්ෂය හරිමඟට ගන්න වැඩ කරන්නේ කව්ද? මෙතුමන්ලා එන්නත් අරන් නැද්ද?

:       22       78

siri Sunday, 23 May 2021 08:44 AM

දැන් ඉතින් "අපෙන් අයෙකි ඒ මිනිසා" තමයි ඉතින්...

:       15       48

දීප්ත Sunday, 23 May 2021 08:50 AM

මෙතුමා ඇතුලු නායකයන් කිහිපදෙනෙක් කොරෝනා එන්නත ලංකාවේ සියලු ජනයාට ලබා දී අවසන් වනතුරු ඔවුන් ලබා නොගන්නා බව කිව්වා. එන්නත ගන්න කිව්වේ වැඩිපුර ජනතාව සමග ගැවසෙන බැවින් කොරෝනා ව්‍යාප්තියට දායකවන පුරුකක් නොවන්න. පුහු ජනප්‍රිය ප්‍රචාරණය පදනම්කරගෙන මෙයා මගින් තව කීදෙනකුට කොරෝනා ව්‍යාප්ත කරලා ඇතිද? මෙතුමාට කොරෝනා රෝගය පමණක් නොව පුහු මානය නැමති රෝගයද සුවවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

:       52       135

ranjith Sunday, 23 May 2021 09:06 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු... දේශපාලන විරසක ජාති, ආගම්... මේවා ඉදිරියට අරන් සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ මොනයම්ම ජාතියක මනුස්සයෙක්ට ලෙඩක් වැළඳුනාම..

:       3       85

මුණසිංහ Sunday, 23 May 2021 09:12 AM

එම දෙපලටම ඉක්මන් සුව පතමු. පහුගිය කාලෙත් පණ්ඩිත කතා කිව්වා. මම ගහගත්තෙත් නෑ කිව්වේ පණ්ඩිතකමට... දැන්වත් මතක තියාගන්න අනුන්ට බැනබැන ඉන්නේ නැතිව තමන් ප්‍රවේශම්ව ඉන්න. හැම දේකටම පවත්නා පාලකයන්ට දොස් කියකිය ඉන්න සිරිත අතහරින්න ඕනෑ.

:       42       116

VithanaSunday, 23 May 2021 09:45 AM

පණ්ඩිත කතා කියලා රට අවුලෙන් අවුලට ඇද දාලා තියෙන්නේ තමුන්ලාගේ නායකයා. මෙතුමා විපක්ෂ නායකයා වෙලා තානාපතිලා ගෙන්වලා උදව් ඉල්ලුවා. ඒකද ඔබ ඔය කියන පණ්ඩිත කතාව...? එහෙම දෙයක් අද වෙනකන් රටේ ජනාධිපතිට කරන්න බැරි වුණා... පණ්ඩිත කතා කියකියා ඉන්නවා එයා නම්.

:       81       53

kamalSunday, 23 May 2021 10:28 AM

පිටරටින් උදව් ඉල්ලන එක නායකත්වයක්ද? 

:       43       84

මුණසිංහSunday, 23 May 2021 04:31 PM

මෙයා පණ්ඩිත කතා විතරක් නෙවෙයි. මෝඩ කතා කියන්නත් ලෝක ප්‍රසිද්ධයි. තමනුත් ඒ ගෙඩේම ඉන්න බව පේනවා. ඔවැනි අය ඉන්නතාක් රටක් ගොඩ ගන්න බැහැ. හැම තිස්සේම රටේ නායකයා දෙස බලන් ඉන්න පුරුද්ද අත හැරලා තමන්ගේ වගකීම සහ යුතුකම ගැන හිතන්න පුරුදු වෙන්න. අනුන්ට අතපාල ජීවත්වෙන්න හුරු වෙන්න එපා.

:       0       3

විජිත් Sunday, 23 May 2021 09:19 AM

ඔබ දෙපළට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       3       55

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 23 May 2021 09:20 AM

ඔබ දෙදෙනාට ඉක්මන් සුවය ලැබේවා .. !!! රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීමේදී අප ඇතැම්විට ඔබ විවේචනය කළත්,ඔබ රෝගී වීම අසා අපි දුකට පත්වූවෙමු.

:       3       63

Vithana Sunday, 23 May 2021 09:29 AM

කාට හැදුණත් රාජපක්ෂ පරම්පරාවේ පන්සිය ගාණට හැදෙන්නේ නෑ. එයාලා ගිය අවුරුද්දේ සියලුම වර්ගයේ එන්නත් ගෙන්නගෙන ගහ ගත්තා.

:       106       75

karuSunday, 23 May 2021 10:58 AM

රාජපක්ෂ පරම්පරාවේ අයට තිබෙන රෝගවලට මේ ලෝකයේ තවමත් බෙහෙත් සොයාගෙන නැහැ. එය භයානක සමාජ රෝගයක් බව කවුරුත් දන්නවා. ඒ රෝගයෙන් රට ආරක්ෂා කරන්නට තිබෙන එකම පිළියම ඔය පවුලම ශ්‍රී ලංකාවේ දේශපාලනයෙන් යැවීමයි.

:       57       55

පොඩි මල්ලිSunday, 23 May 2021 11:40 AM

මොන එන්නත ගැහුවත් එ්කෙන් නොමැරී ඉන්නවා කියලා තාම හොයාගෙන නෑ.. අනික එන්නත් ගහලා මැරුණු මිනිස්සු ඉන්නවා ලංකාවේ... එක එක ලෙඩ නිසා... ලෝකේ තියන එන්නත් වලින් අපේ රටට 3ක් අවා. ෆයිසර්, ජෝන්සන් ඒවා මෙහෙට එකක් හරි ආවා කියලා ඔප්පු කරන්න පුළුවන්ද? අනික ඒවගේ වුණත් සංකූලතා තියනවා..

:       26       12

kamal Sunday, 23 May 2021 10:00 AM

අපේ ගෙදර නම් නෝනට හැදුණොත් මටත් හැදිලා, ඊටපස්සේ අනික් අයටත් හැදිලා නවතින්නේ නැහැ. ගමේ ඉන්න ඔක්කොටම බෝවන එක නවත්වන්න අමාරුයි. අපේ උන්දැගේ හැටි නොදන්නවැයි.

:       7       37

KDRF Sunday, 23 May 2021 10:01 AM

ඉක්මන් සුව පතනවා. ඉන්ජෙක්ෂන් ගැහුවා කියලා ලෙඩේ බෝවෙන්නේ නැතිව නෙමෙයි. එන්නත් කරන්නේ ලෙඩේ උත්සන්න වීම වළකාගන්න. ICU නොගිහින් ඉන්න.

:       0       42

kalyaani Sunday, 23 May 2021 10:02 AM

මේ උතුමා කළින් බෙහෙතක් කිව්වා නේද කොරෝනා වලට..? දැන් ඒකද ගන්නේ...?

:       26       65

Demuni Uduwara Sunday, 23 May 2021 11:04 AM

ඔබතුමාටත්, බිරිඳටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

:       1       20

කීර්ති Sunday, 23 May 2021 11:14 AM

සියලු දෙවි රැකවරණෙන් බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා. එතුමා එන්නත ගත්තේ නැහැ. ජනතාවට ලැබෙනකල්... ඉක්මන් සුව.. !!!

:       7       21

කනිෂ්ක Sunday, 23 May 2021 11:37 AM

ඔබ දෙපළ ඇතුළු සියලුම කොරෝනා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා..!!!

:       1       15

kapila Sunday, 23 May 2021 12:28 PM

අපේ මහානායක ස්වාමීන් වහන්සේලා තාමත් සැතපෙනවද?

:       40       12

Dammi Sunday, 23 May 2021 12:31 PM

ප්ලැකනිල් බොන්න..

:       19       31

VithanaMonday, 24 May 2021 10:55 AM

දැන් පැකනිල්වත් නෑ. වහ බොන්නයි දැන් සිද්ද වෙලා තියෙන්නේ...

:       2       1

Praba Sunday, 23 May 2021 01:38 PM

මෙතන තමන්ගේ දේශපාලන ගැතිකම අනුව එන්නත් ගැන වැරදි ප්‍රචාරයක් කර තිබෙනවා. එන්නත් ගත්තා කියලා රෝගය නොවැළඳී ඉන්නේ නෑ. ඉන් සංකූලතා අඩුවෙනවා. ඇයි දේශපාලකයින්ට එන්නත් දිය යුත්තේ?. ගුරුවරුන්, පොදු ප්‍රවාහන සේවකයන්, බිම් මට්ටමේ වැඩ කරන රාජ්‍ය සේවකයන්, ඇඟළුම් සේවකයන්. වෙළෙන්දන් ආදීන්ට ප්‍රමුඛතාව හිමිවිය යුතුයි. ඔවුනට සංකූලතා ඇතිවුණොත් පෞද්ගලික රෝහල් හිමි නෑ...

:       3       20

banda Sunday, 23 May 2021 02:16 PM

රටේ මනුස්සයෙකුට කොරෝනා හැදුණාම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ප්‍රතිචාරයක් දැම්මාම ඒකට අකැමැත්ත ඵලකරන අය මේ රටේ සිටීම ගැන අපි ලැජ්ජා වෙමු...

:       4       29

පිටරැටියා Sunday, 23 May 2021 02:27 PM

ඔබ දෙපළට වගේම කොරෝනා ආසාධීතයින් සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා! මේ වසංගතය ඉක්මනින් දුරුවේවා !!!

:       1       26

Janaka Sunday, 23 May 2021 02:52 PM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා... !

:       2       19

Shan Sunday, 23 May 2021 05:08 PM

225 ම ධම්මික පැණිය බිව්වා නේද.?

:       0       0

Nisha Sunday, 23 May 2021 06:14 PM

ඉක්මන් සුවය ලැබේවා.!

:       0       0

සුධීර Sunday, 23 May 2021 06:39 PM

මම විපක්ෂනායකතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය අනුමත නොකරමි. එහෙත් ඔබතුමා අපේ රටේ නායකයෙක්. ඔබතුමාටත් මැතිණියටත් ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි!

:       2       0

ප්‍රියන්ත දිසානායක Sunday, 23 May 2021 07:01 PM

අනන්තවූ බුදුගුණානුභාවයෙන් සජිත් මහත්තයාත් නෝනාත් ඉක්මන්සුවයට පත්වේවා..!!!

:       2       0

chandima Sunday, 23 May 2021 07:48 PM

දැන් රනිල් පාර්ලිමේන්තු ඇවිත් විපක්ෂ නායකයා වෙයි නේද?

:       0       3

යාපා Sunday, 23 May 2021 08:04 PM

ඔබ දෙපලට ඉක්මනින්ම සුව වේවා!

:       1       0

Polgahawela Monday, 24 May 2021 12:28 AM

බුදු සරණයි... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       0       0

Rata Perata Monday, 24 May 2021 06:31 AM

මේ පවතින අසාර්ථක පාලනයට මේ සියලුම දෙනා යම් පමණකින් හරි වගකිව යුතුයි. එහෙත් ඔබට සහ බිරිඳට ඉක්මන් සුවය පතමු. ඒ වගේම ඉක්මන් සුව නිවිය යුතු පිරිසක්ද පාර්ලිමේන්තුවේ සිටිනවා. ඕන ඒ අය ආපුගිය දවස්ටිකේ ළඟින් ආශ්‍රය කරලා රටට සෙතක් කරන්න ඇති කියලා හිතනවා....

:       3       1

siri Monday, 24 May 2021 08:12 AM

දෙපලටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. "මුළු රටේ සියලුම දෙනාට දීලා අවසන්වෙනතුරු එන්නත ලබා ගන්නේ නැහැ" කිවා වගේ "මුළු රටේම රෝගීන් සියලුම දෙනාට ප්‍රතිකාර කර අවසන් වෙනතුරු මම ප්‍රතිකාර ලබන්නේ නැහැ" කියලා නම් කියැවුනේ නැහැ වගේ නේද?

:       1       4

Prithi Monday, 24 May 2021 09:22 AM

ඔබ දෙපළට සහ රෝගී වී සිටින සියලුම ජනතාවට ඉක්මන් සුවය පතමි. රටේ ප්‍රධාන පෙලේ අයටත් හැදුණු එකේ මේක වළක්වන්න මීට වඩාත් හොඳ පියවර ගන්නා මෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු..

:       0       2

hesa Monday, 24 May 2021 06:20 PM

ඔබ දෙපල ඇතුළු සියලු රෝගීන් ට ඉක්මන් සුවය ලැබේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 249 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 534 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 641 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 380 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 461 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 165 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site