IMG-LOGO

වැඩි වැඩියෙන් බන්ධනාගාර හදන්නයි රංජිත් සොයිසාගෙන් අභියෝගයක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

‘බොරු චෝදනා කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වළක්වා ඔහු බන්ධනාගාර ගත කිරීමට කවුරුන් හෝ උත්සාහ කළහොත් ඒ වෙනුවෙන් ලක්ෂ ගණනක් ජනතාව බන්ධනාගාරගත වීමට සූදානම් යැයි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා අද (18) පැවසීය.

ඒ වෙනුවෙන් තවත්  බන්ධනාගාර දහස් ගණනක්  සෑදීමට  සිදුවනු ඇතැයිද පැවැසූ මන්ත්‍රීවරයා  ඒ සඳහා  ආණ්ඩුවේ කුමන්ත්‍රණකරුවන්ට  අභියෝගය කරන බවද සඳහන් කළේය.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී  මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.  එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

‘‘වත්මන් එජාප ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ  රාජපක්‍ෂවරු සමූල ඝාතන උත්සාහයක ඉන්නේ. මහින්ද රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, ශිරන්ති රාජපක්‍ෂ, ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියන රාජපක්‍ෂවරු සමුල ඝාතනය කිරීමට නිත්දිත උත්සහයක නිරත වුණා.’’

‘‘ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරිමත් සමඟ හිතුවටත් වඩා ජනතාව ඔහු වටා එක් වෙමින් සිටිනවා. මේක ආණ්ඩුවට දිරවන්නේ නෑ. ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයින් තුන් දෙනෙක් රජයේම ආයතනයදී සාකච්ඡා කරලා තියනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව බොරු සාක්කි හරි දාලා චෝදනා ගොනු කරලා නඩු දාන්න කියලා. එහෙම කරලා ඔහු බන්ධනාගාර ගත කිරීමේ කුමන්ත‍්‍රණයක් ගැන ඉරිදා මාධ්‍ය මගින් හෙළි කරලා තිබුණා.’’

‘‘ප‍්‍රදීප් එක්නැළිගොඩ, ලසන්ත වික‍්‍රමතුංග, වසීම් තාජුඩීන් යන අයගේ ඝාතනයන් ගැන හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ ඝාතනයකට ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ කරලා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබුණත් නැතත්, ඒ සඳහා සාක්කි හදලා හරි මොහු අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා ඒ දේශපාලනඥයින් තුන් දෙනා ඉල්ලීමක් කරලා තියනවා.’’

‘‘නීතිය අවනීතිය කරලා, කැලෑ නීතිය රජකරවන්න හැදුවොත් ජනතාව වීදි සටන්වලට අවතීර්ණවීම වළක්වාලිය නොහැකි දෙයක්. ගෝඨාභය කියන්නේ මේ රටේ සාමාන්‍ය දුක්විඳින ජනතාවගේ, රටට ආදරය කරන දේශපේ‍්‍රමී ජනතාවගේ හදවතේ ලැගුම් ගත්, ආශිර්වාදය හිමිකරගත්, ජනනායකයා මිස බන්ධනාගාරගත කළ යුතු චුදිතයෙක්, වැරදිකාරයෙක් නොවන බව දේශපාලනය නොදත් ආණ්ඩුවේ අත දරුවන්ට පැහැදිලි කර දිය යුතුයි’’ යැයි ද රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා කීය.



අදහස් (11)

වැඩි වැඩියෙන් බන්ධනාගාර හදන්නයි රංජිත් සොයිසාගෙන් අභියෝගයක්

d.upul Sunday, 18 August 2019 10:06 AM

අඟුණකොළපැලැස්සේ සුපිරියට එකක් හැදුවේ.....

:       173       150

Bamunuarachchi Sunday, 18 August 2019 12:06 PM

ඔබ හරියට හරි... අපි බන්ධනාගාර ගතවනවිට අනික් අය කොහේ ගිහින් ඇත්ද?

:       92       108

Ajith NissankaSunday, 18 August 2019 04:57 PM

තොප්පිය හරිනම් ගියාට ගැටලුවක් නැහැ !

:       0       0

Bishan Sunday, 18 August 2019 01:18 PM

බමුණා වගේ වහලෙක් කියලා හිතුවද ඔයාගේ කීමට බන්ධනාගාර ගත වෙන්න. ඔයාලගේ නායකයන් රකිනවට වඩා අපිට දරුපවුල් ඉන්නවා රැකගන්න. කන්න බොන්න දෙන්න.

:       0       0

Amila Sunday, 18 August 2019 03:57 PM

ඔන්න ජනාධිපතිතුමනි හොද අවස්ථාවක්. පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා ටික ඔක්කොම අල්ලලා ඇතුලට දැම්මා නම් හරි. යන්න කැමැත්තෙන්ම ඉන්න නිසා අවුලක් වෙන්නෙත් නෑනේ.

:       0       0

රවින් Monday, 19 August 2019 02:42 AM

කොහොමත් අපි හිතාගෙන ඉන්නේ ලබන පාර අඩුම පහසුකම් වලින් යුත් බන්ධනාගාරයක් දියවන්නා 225 ට හදලා දෙන්නයි.

:       0       20

lalithm Monday, 19 August 2019 02:58 AM

ඔය කිල්ලෝටෙත් හුණු තියෙනවා නේද? වන විනාශ සම්බන්ධයෙන් නම ගැවිලා තියෙනවා. සද්දේ දමනවා නම් අත් සුද්දෙට තියෙන්න ඕනේ. බලය නැතිව මෙහෙම නම් බලය ලැබුනොත් කොහොමද?

:       10       2

Perera Monday, 19 August 2019 03:16 AM

අහිංසක මිනිස්සු බන්ධනාගාරගත වෙනකොට ලොකු ලොක්කෝ රජ සැප ගන්න....මිනිස්සුනේ ඔන්න ඕක තේරුම් ගන්න.

:       5       2

sharm warn Monday, 19 August 2019 03:30 AM

අනේ අපිට නම් එක එක අයගේ ප්‍රතිරුප ගොඩ නංවන්න හිරගත වීමේ උවමනාවක් නැහැ . බලන්නකෝ හිතන තාලෙට ලක්ෂ ගානක් එයිද කියලා . මේ වගේ අදහස් තියෙන මිනිස්සුද පාර්ලිමේන්තු යවන්නද ඔයාලා දුක් විදින්නේ ? රටේ ජනතාවට රටේ දියුණුවට දෙයක් කරන්න නෙමේ .දේශපාලුවෝ වෙනුවෙන් හිරේට යවන්න මිනිසුන්ව . ඡන්දය දෙන ඔබ කරුණාකර මේ කතා වලින් රජ කරවන්න හදන්නේ කාවද කියා අවබෝධ කරගන්න .

:       52       3

Sunimal Monday, 19 August 2019 04:11 AM

ඔව් ඔව් හරි නම් භාගයක්ම ඉන්න ඕනේ හිර ගෙවල් වල තමයි . කුඩුකාරයෝ , එතනෝල් කාරයෝ , , ස්ත්‍රී දූෂකයෝ , මිග් යාන හොරු , සුනාමි හොරු , අධිවේගේ හොරු , 10% කොමිෂන් කාරයෝ , සිරිලිය හොරු .. කොහොම කොහොම හරි ලොකු තැන්වල අය දාන ඩීල් නිසා බයවෙන්න එපා එතුමා මේ අවුරුදු හතරේ හිරේ නොගිය එක ඊලග අවුරුදු වලත් හිරේ යන්නේ නැහැ . ඔය උඩින් කියපු සෙට් එක එලියට වෙලා ඉන්න වැරදි කරපු මහජනතාව ඇතුලේ ඉන්නම් .

:       81       250

naushi Monday, 19 August 2019 04:57 AM

නිකන් සංදර්ශන දාන්නේ නැතිව වැඩක් බලාගෙන ඉන්න

:       14       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 321 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 800 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site