(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින කොල්ලූපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිවස පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් මුදල් ගෙවා රවී කරුණානායක මහතාගේ බිරිඳ සහ දියණිය අධ්‍යක්‍ෂධූර දරණ සමාගමට ලබා දුන් බව බැදුම්කර කොමිසම හමුවේ හෙළි කළ අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයාට තර්ජනය කළ බවට චෝදනා ලැබ සිටින විත්තිකාර ශනිල් නොත්තිකුමාර නමැත්තාට ලබාදිය යුතු ලේඛන හා ඞී.වී.ඞී. තැටි විත්ති පාර්ශවයට බාරදී අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා පැමිණිල්ලට අද (17) නියම කළේය.
විත්තිකාර නිල් නොත්තිකුමාර නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සජික ජයවර්ධන මහතා අධිකරණය අමතමින් විත්ති පාර්ශ්වයට බාරදුන් ලේඛණ හා ඞී.වී.ඞී. තැටි අපහැදිලි බව දැනුම් දෙමින් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2015 ඔක්තෝම්බර් මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජයන්ත විජේසුරිය නමැත්තාට තර්ජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ශනිල් නොත්තිකුමාර නමැත්තා අධිකරණයේ පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සජිත් ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එරෙහි අධිචෝදනා පත‍්‍ර බාරදුන් අවස්ථාවේදී පැමිණිලි පාර්ශ්වයෙන් විත්ති පාර්ශවයට බාරදුන් ලේඛණ හා ඞී.වී.ඞී. තැටි අපහැදිලි යැයි පැවසීය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් විත්ති පාර්ශවයට බාරදුන් ලේඛණ හා ඞී.වී.ඞී. තැටි වල මුල් පිටපත් අධිකරණය බාරයේ ඇතැයිද කෙසේ නමුත් පැහැදිලි ලේඛණ හා ඞී.වී.ඞී. තැටි විත්ති පාර්ශවයට කඩිනමින් බාරදීමට කටයුතු කරන්නේ යැයිද පැවසුවාය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා ලේඛණ හා ඞී.වී.ඞී. තැටි විත්ති පාර්ශවයට බාරදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
2025 ඔක්තෝබර් මස 08
1331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1248
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලේඛන - ඩී.වී.ඩී. විත්ති පාර්ශවයට දෙන්නැයි නියෝග