(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
කොළඹ නුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේ දී වෑන්රථ රියදුරකුට පහරදීමට පැමිණි ආරක්ෂකයින් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම ප්‍රාඩෝ රථය සහ ඩිෆෙන්ඩර් රථය ප්‍රසිද්ධ ගණිත ගුරුවරයකුට සහ ඔහුගේ සහෝදරයකුට අයත් බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
එම වාහන දෙක ඉංගිරියේ ගාල්ලේගම ප්‍රදේශයේ ලිපිනයකට ලියාපදිංචිව ඇතත් ඔවුන් දෙදෙනාම එම ලිපිනයේ පදිංචිව නොමැති බවත් කඩවත පදිංචිව සිටින බවත් ඉංගිරිය පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ඉකුත් 16 වැනි දින මෙම පහරදීම සිදුකර තිබූ අතර වෑන් රථ රියැදුරු පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංශයට පැමිණිලි කර තිබේ.
COMMENTS
ප්‍රාඩෝ රථය සහ ඩිෆෙන්ඩර් රථය ප්‍රසිද්ධ ගණිත ගුරුවරයකුට සහ ඔහුගේ සහෝදරයකුට අයත් බැවින් පළමු නිගමනය වන්නේ කෙසේ පෞද්ගලික රථවල,.. වෑන්රථ රියදුරකුට පහරදීමට පැමිණි ආරක්ෂකයින් ගමන් ගත්තේද යන්න ??? දෙවෙනි නිගමනය වන්නේ මෙය හොදෙක් ගොතා සකසනලද කතාවක් බැවින් අපගේ රිලව් 225 හේ ආරක්ෂාවට සිටින නිලමැස්සන් මෙවන් නීච වැඩ නොකරන හතරපෝයට අටවතාවක් සිල්සමාදම් වන අහිංසක නිලධාරීන් වීමය. එබැවින් අහිංසක නිල මැස්සන්ට අපහසකිරිම, පරිභව කිරීම යන චෝදනා යටතේ මෙම වැන් රථ රියදුරු අල්ලා කුඩුවට දැමිය යුතුය...
මෙයාලා අමුතු ගණිතයක් දාන්න වගේ යන්නේ...
මෙවැනි ආරක්ෂක නිලධාරීන්.. සේවයෙන් නෙරපා දැමිය යුතුයි..." " මනුස්සයෙක් වගේ .. පාරේ යන්න දන්නේ නැති උන්ට කොහොමද අවි.. ආයුධත් සමග වගකීමෙන් යුතු රාජකාරියක් පවරන්නේ"
ගණිත ගුරුවරයා මහ පාරේ ගණන් පාර්ට් දාන්න වී.අයි.පී. ආරක්ෂකයෝ තියාගෙන මහ පාරේ ගණන් ටියුෂන් දෙනවා..
චාජ් කපල්ඩ් ඩිවයිස් (CCD ) වලින් කොහොමද පරීක්ෂණ පවත්වන්නේ?
මොවුන් 2015ට පෙර මහාමාර්ගවල නිතර දක්නට ලැබුණි. දැන්නම් කලාතුරකිනි. මහජනයා හදිසි අනතුරකදී රථවලට රියැදුරන්ට පහරදෙන ආකාරයට මෙම බල්ලන්ටද පහර දිය යුතුය. නීතිමගින් දඬුවම් දීම බොරුවකි.
මේ අර ගණිත ගුරාගේ පඩියට ඉන්න එයාගේ ආරක්ෂකයෝ, ඒ වගේ 5 ගුණයක් පඩිය ගෙවලා අපිත් නාඳුනන තුවක්කු කාරයෙක් වැඩට ගමුකෝ...