IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රනිල් යළි අගමැති වුණොත් පැයක්වත් පුටුවේ නොසිටින බව ජනපති කියයි

අජන්ත කුමාර අගලකඩ
 
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.

 
තමා 2015 ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර එක්තරා තද බල පියවරක් ගත් බවත්, අද ගෙන ඇත්තේ ඊටත් වඩා තද බල පියවරක් බවත් පවසා ඇති ජනාධිපතිවරයා එසේ කළේ රටත් ජනතාවත් ගැන සිතා බව ද සඳහන් කර තිබේ.
 
තමා 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කර සිටියදී එජාපයේ ලේකම්වරයකු තමාට ලිපියක් ගෙනැවිත් දුන් බව පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළ යුතු බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය යටතේ ජනාධිපති සතු බලතල අගමැතිවරයාට පවරණ බවට අත්සන් කරන්නැයි එහි සඳන්ව තිබූ බව ද පවසා ඇත.
 
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළ හැකි නමුත් ඒ කියන ආකාරයට ජනාධිපති බලතල ඔහුට පැවරිය නොහැකි බවත් සඳහන් කරමින්, තමා එජාප නායකයින් වෙත ලිපියක් යැවූ බවද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ ඒ ආකාරයෙත් බව පවසා ඇති ජනාධිපතිවරයා තමා පසුගිය වසර තුන හමාර ගත කළේ ඉතාම අසීරුවෙන් බව ද සඳහන් කර තිබේ. මේ තත්ත්වය හමුවේ තමා, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ තවදුරටත් ඊට ඉඩදිය නොහැකි නිසා බව ද ජනාධිපති සිරිසේන මහතා පවසා ඇත.  
 



අදහස් (55)

රනිල් යළි අගමැති වුණොත් පැයක්වත් පුටුවේ නොසිටින බව ජනපති කියයි

ගගල්කටස් Wednesday, 31 October 2018 02:32 PM

නියම අදහස!!! ස්තුතියි සර්... බයවෙන්න එපා.. මහින්ද මහත්මයා එක්ක ජනාධිපතිවරණයට යන්න ලබන ජයග්‍රහණය අතිවිශාල ඇති. ඔබට තනිව ගමන් කල නොහැකි ඔබව වනාශ කලේ දේශපාලන මැක්කන්ය. ජයවේවා...!!!

:       7004       6959

tony Wednesday, 31 October 2018 02:34 PM

මට නම් මේ මහත්තයා කියන දේවල් එකක්වත් විශ්වාස කරන්නට බෑ. මතකනේ මේ මහත්තය 2015 දී කිව්වා. එදා එයා පැරදුණා නම් අඩි 6 ක් යටට යන්න තිබුණා කියලා. නමුත් අද, එයාව අඩි 6 ක් යටට යවන්න හිටිය කෙනා එක්ක අායෙත් එකතු වෙලා දැන් කියනවා එයා නැතුව බෑ කියනවා! ලංකාවේ දේශපාලකයින් බොරුවෙන් ජීවත්වන කොටසක්....

:       2855       3548

AnandaRWednesday, 31 October 2018 03:53 PM

ටෝනි, 26 වැනිදා හැන්දෑවේ අහන්න වුණු දේකට මම අඩි 6ක් උඩ ගියා...

:       0       0

Saman Wednesday, 31 October 2018 02:35 PM

පව් අප්පා, අවුරුදු තුනක් හිටියනේ මේවා කියන්න.

:       2812       3327

sarathWednesday, 31 October 2018 03:07 PM

අවුරුදු තුනක් හිටියා.. එ්කත් ඇති. රනිල් තනිකරම කලේ තමන්ගේ බලය තියාගන්න ව්‍යවස්ථාව වෙනස් කරපු එක... නමුත් රනිල් විභාගේ පේල්, අපේ රටත් පේල්. දැන් දෙයියනේ කියල ගෙදර යන්න. ගෙදර ඉන්න මෛත්‍රී එක්ක දැන් ඉන්න, ජනාධිපති මෛත්‍රී ආයේ මීට් වෙන්න ට්‍රයි කරන්න එපා. හා.... අමතක වුණා. අම්පාරේ නාමල් කොලුවා නොහිටින්න 20 වෙනි සංශෝධනේ ගෙනැල්ලා විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙන්නත් තිබ්බා...

:       0       0

BamunuarachchiWednesday, 31 October 2018 03:16 PM

ඔබ කියන දේට පිළිතුරු ජනාධිපති තුමාගේ කතාවේ තිබෙනවා. ඒ කතාව අහන්න ලංකාවේ පුරවැසියෙක් විදිහට. නැතුව එජාප කාරයෙක් හැටියට නොවෙයි.

:       198       6

Amila 1 .Saturday, 03 November 2018 06:10 AM

කලකදී වහලු කලකදී රස වෙනවාලූ.

:       1       140

weerakoon Wednesday, 31 October 2018 02:37 PM

එහෙම වුනොත් රනිල් මහතාට විධායක ජනාධිපතිකම දෙනවා කියන එක වගේ නේද...?

:       2703       3268

RNG Wednesday, 31 October 2018 03:18 PM

ඔව් ඉතින් එයාට ඕනෑ වුනේ තමන්ට තනියම ඡන්දෙ ඉල්ලලා දිනන්න බැරි නිසා කවුරු හරි ලවා ඒක කරවලා ඒ බලතල තමන්ට පවර ගන්නනේ.. දැන් තේරෙනවනේ යහපාලනේ තරම..

:       0       13

BamunuarachchiWednesday, 31 October 2018 03:30 PM

අගමැති වෙලා මහබැංකුව මංකොල්ල කන්න පාර හැදුවා නම් ජනාධිපති වුණානම් රටත් විකුණලයි නවතින්නේ... වාසනාවකට මෙයාට මේ රටේ ජනාධිපති වීමේ වරම නැත. වාසනාවකට අපිට ඝෝටාභය මහතා ඉන්නවා..

:       0       0

Lakmal Wednesday, 31 October 2018 02:37 PM

දැන් නම් කොහොම හරි රනිල්ව අගමැති කරන්න ඕනේ..

:       4168       5628

V.warnakulasuriyaWednesday, 31 October 2018 03:43 PM

ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රතික්ෂේප කිරීම අපි පිළිගනිමු. එහෙත් ඔබතුමා නැවත පිළිගත්තෙත් ඊට සමාන ඔබ විසින්ම ප්‍රතික්ෂේප කළ චරිතයකි. අද රනිල්වික්‍රමසිංහ මහතාව ජනතාවට හඳුන්වා දෙන විදියටම එදා මහින්ද රාජපක්ෂ මහතාව ඔබතුමා හඳුන්වා දුන්නා. කෙනෙක් තමන්ගේ ආත්ම ගෞරවය රැකගැනීම සියල්ලටම වඩා උතුම් බව අපි අසා ඇත්තෙමු. බඩ ගෝස්තරය නිවාගැනීමට බයිලා කියන දේශපාලකයන් තවදුරටත් අපි විශ්වාස කරමුද?

:       0       0

Reality CheckSunday, 04 November 2018 03:44 PM

හරියට හරි!

:       0       24

Susil Wednesday, 31 October 2018 02:45 PM

සාමාන්‍ය සම්ප්‍රදාය රටක අලුත් නායකයෙක් පත්වුණාම, අනිත් රටවල නායකයින් සුභ පැතීමයි. මෙයාගෙ අගමැතිට සුබ පැතුවේ චීනය සහ මාල දිවයින විතරක් කියලයි තියෙන්නේ...

:       3130       3537

suranjithWednesday, 31 October 2018 03:00 PM

සුසිල් මාලදිවයිනෙත් හිටපු පරණ ජනාධිපති කෙනෙක් තමයි. සුබ පැතුවේ නැතුව මේ ලඟදි වැඩ බාරගන්න ඉන්න කෙනාවත්, දැනට ඉන්න කෙනාවත් නෙමෙයි. එ්කෙන් පේනවා ලෝකයේ අනිත් රටවලින් පෝල් පෝට්ට මොන සැලකීමක්ද තියෙන්නේ කියලා..

:       2709       3039

laalThursday, 01 November 2018 05:59 AM

ඔබලා පොල්පොට් කියන තැනැත්තා 2009 දී විදේශ බලවේගවලට යටත් වෙලා කොටින්ට තවත් බෝම්බ ගහන්න දුන්නනම් ඕගොල්ලෝ අද කටවල් අරීවිද. විදේශ රටවල් එතුමාට ප්‍රෙෂර් එක දැම්ම වෙලාවේ ඔලුව පහත්කරගෙන කියන දේ කරානම් අද ඔයගොල්ලන් ඉන්නත් තිබුණා මරාගෙන මැරෙන බෝම්බෙකට අහුවෙන්නත් තිබුණා. ඒ ටික මතක නැති ඔබලා ගැන කියන්න තියෙන්නේ ප්‍රභාකරන් කියපු දෙයමයි - සිංහලයට මතක තියෙන්නේ සුමාන දෙකයි.

:       120       522

ආනන්දThursday, 01 November 2018 11:32 AM

ඇයි බුරුන්ඩිය!!!

:       0       0

Sisira Wednesday, 31 October 2018 02:57 PM

ගුණමකුකම ගැන මට කියන්න වචන නැත.

:       1505       2286

BamunuarachchiWednesday, 31 October 2018 11:13 PM

ඔබලාගේ ගුණමකුකම නේද? බෝම්බ වලට බය නැතිව අධිවේගයේ යන ගමන් අවුරුදු තුනහමාරටම රටට සතේක වැඩක් නොකරපු මිනිහාට ආවඩන ගමන් නේද ඔය කියන්නේ...?

:       0       0

lalith Wednesday, 31 October 2018 03:04 PM

ඔන්න දැන්වත් පිළිගන්නවද මැදකොළඹ ඡන්දෙන් දිනලා මුළු රටේම විධායක බලය අතට ගන්න ප්ලෑන් කරපු බව?

:       432       2803

RNG Wednesday, 31 October 2018 03:30 PM

ඕක ඉතින් අර 62 ලක්ෂයට විතරයිනේ නොතේරුණේ ලලිත්..

:       0       0

athuraThursday, 01 November 2018 05:22 AM

දැන් ඕක කවුරු කියන නිසාද අපි පිළිගන්න ඕන. ඔයා කියන නිසාද? ජනාධිපති තුමා කියන නිසාද?

:       1       27

sirimal Wednesday, 31 October 2018 03:19 PM

ඔය කියන රැස්වීමේදී "ශ්‍රීලනිපයෙ මන්ත්‍රී කණ්ඩායමක් එජාපය සමග එක්වීමට නියමිතව සිටින බව" ජනාධිපතිවරයා පිළිගත් බව අන්තර්ජාල වාර්තාවල දැක්වෙයි. මෙහිදී මහින්ද රාජපක්ෂ 2015දී පරාජය වූවා නම් තමන්ව මරන්නට සිටි බව ජනාධිපත්වරයාගේ මුවෙන් පිටවූ බවද කියයි. එවිට දැඩිගම ආසන සංවිධායක බණ්ඩාර අතුකෝරල 'තමන්ව මරන්න සිටිකෙනාව අගමැති කිරීමේ දේශපාලනය කුමක්දැයි විමසා ඒ දේශපාලනය සමඟ තමන් එකඟ නැතිබව අවධාරණය කර තිබේ. නාවලපිටිය, මීගමුව සහ මීරිගම සංවිධායකවරුද එම කතාව අනුමත කර තිබේ. දයාසිරි ජයසේකර පවසා ඇත්තේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් තමන්ද දේශපාලනිකව අසරණ වෙන බවයි. ජනාධිපතිවරයා මහින්දව අගමැති කිරීමේ තීන්දුව ඔහුගේ උපදේශකයන් කිහිප දෙනෙකු සමඟ රහසිගතව ගත් එකක් බව තමන් දන්නා බව පැවසූ කිහිප දෙනෙක්ම ඒ පිළිබඳව ඔවුන්ගේ අකමැත්ත පල කල බවද එම වාර්තාවල දැක්වෙයි. මේ සිද්ධියෙන් පසුව හනික බැසිල් රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක හමුවීමට යවා ඇත්තේද ජනාධිපතිවරයා විසිනි. පැය තුනක් තිස්සේ පැවති එම සාකච්ඡාවද සාර්ථක වී නැති බවයි වාර්තාවෙන්නේ...

:       0       1

chathuri Wednesday, 31 October 2018 03:19 PM

මෙයා මහින්දට කිව්වෙත්.... ඔය ටික උතුරයි, දකුණයි එකතු කරන්නේ නැතිනම් කට වහගෙන ඉඳලා මොලෙන් කරන දෙයක් කරන්න ඕනෑ.. ඔයාට පළපුරුද්දක් නැහැ. අගමැතිකමටත්, ජනපතිකමටත්, දැන් වවාගෙන කන්න පටන් ගමුලු.. දැන් පරක්කු වැඩියි එනකම් හිටියොත්... මිනිසුන්ට පුරුදු පිටරටින් එනකම් බලන් ඉඳලා... ජනපතිපුටුව මතක්වුනේ දියයටින් ගින්දර අරන් ගිහින් ගිවිසුම් ගැහුවට පස්සේ. දැන් ඉන්නේ වැට උඩ බව දන්නවා. පොහොට්ටුවේ ගැටයට අහුවුණා එදා රාත්‍රියේ. බුරියනිද දුන්නේ? අගමැතිකම ගන්න. ඕනෑදෙයක් ජනතාවට දුකට, පිහිටට ඉන්නේ විදේශීය රටවල් පමණයි. මේ ප්‍රශ්නය උඩ එ්කත් නැති කරන්න එපා. අපේ ලෝකයේ රට වලින් අංක. එකේ දුප්පත් රටක් බව මතකතියා ගන්න. ඔයා වවලා ඔයා කන්න ප්‍රශ්නයක් නැහැ.

:       9       2

kaniSaturday, 03 November 2018 01:22 PM

අනේ චතුරි බලන් ඉන්න විදේශ රටවල් පිහිටවෙනකන්..., මේ වගේ හිතන් ඉන්න අය රනිල්ගේ 1600 අරන් ඕන දෙයක් ලියාවි..

:       1       23

dasunThursday, 08 November 2018 06:21 AM

චතුරි හැමදේම කන්නේ විදේශයෙන් වෙන්න ඇති. දැන් කියන්න තියෙන්නේ ඩී එස් සේනානායක වැනි මෑත යුගයේ අපේ කෘෂිකර්මාන්තය නගාසිටවපු දෙවිවරු හිටපු රටක ඉන්න බැරිනම් විදේශයකටම යන්න කියලා.

:       0       2

Bamunuarachchi Wednesday, 31 October 2018 03:23 PM

සමහර මිනිසුන්ට මෙයා කියන ඒවා විශ්වාස නැහැ. බැංකු මංකොල්ලකාරයින් කියන ඒවා විශ්වාසයි. ඉතින් මේ ගොල්ලනට පුළුවන්ද රාජ්‍ය නායකයෙක් තෝරන්න? තාත්තා ජනාධිපති වූ නිසා පුතාත් ජනාධිපති කරන එජාපයක් මෙහෙ තිබෙන්නේ.

:       0       0

Shan Wednesday, 31 October 2018 03:23 PM

අනේ මේ, මේ රටේ ජනතාවට මොලේ තියෙනවා. මේකත් මෙයා අන්තිම සති දෙකේ යුද්ධය කළ කතාවේ අනිත් එක...

:       0       0

Amila Wednesday, 31 October 2018 03:26 PM

අනේ ඔයා ඉල්ලා අස්වෙලා ඕක මහින්දට දීලා ගෙදර යන්න... කොහොමත් ඉතින් මහින්ද ස්ථාවර වෙනවා කියන්නේ ඔයා නිකන්ම එළියට විසිවෙනවා කියන එක... දැන් ගමවල්වල පෝස්ටර් ගහන්නෙත් මහින්ද ජනපති කියලනේ!

:       0       0

Chanak Los Angeles Wednesday, 31 October 2018 03:29 PM

එතකොට අර වේදිකාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අතින් පෙන්න පෙන්නා මම දිනුවට පසුව මේවා කරනවා කරලා නිර්පාක්ෂික වෙනවා කියලා කීවේ තවත් කෙනෙක් මොහුගේ ඇඟ ඇතුළට බැහැලා වෙන්න ඇති නේද?

:       0       0

Hafeel Wednesday, 31 October 2018 03:49 PM

ජනාධිපති ධුරයට පත්වූදා සිට කියන්නෙම මහා පරිමාණයේ බොරු තමා. තමාගේ ධුර කාලය නිම වෙන්න කලින් එක්කෙනෙක්ව හරි එල්ලුම් ගහට යවන බවත්, දූෂිතයන්ට හොරුන්ට දඬුවම් දෙන බවත් කියලා, දැන් ඔවුන් සේරම ලං කර ගත්තා.

:       0       0

දිල්හාන් Wednesday, 31 October 2018 03:55 PM

රනිල් මහතාට වැරදි කරන්න දීලා බලා හිටියා එයා හොඳ මිනිහා වෙන්න. රනිල් බලා හිටියා මෛත්‍රි සහ මහින්ද මහතා කොටවා ජනපති වෙන්න. මහින්ද මහතා බලබලා හිටියා වෙලාව එනකම් දෙන්නගෙන් පළිගන්න. අන්තිමට තුන් දෙනාම අමාරුවේ වැටිලා. තුන්දෙනාම රටට ආදරේ අය නෙවෙයි. තමන්ගේ තරගය සෙල්ලම් කරනවා.

:       0       0

gorakadeneiya Wednesday, 31 October 2018 03:57 PM

උතුර හා නැගෙනහිර ඡන්ද, එම්. සිරිසේනට ලැබුනේ, රනිල් හින්දා...

:       0       0

lal Wednesday, 31 October 2018 04:09 PM

මෙහෙමත් ජෝකර් කෙනෙක්...

:       0       0

Sunil Wednesday, 31 October 2018 06:05 PM

මෙයා කියන විදියට ඔක්කොම කරලා තියෙන්නේ අනිත් අය, මෙයා සුදනා, එතකොට දුවගේ හෝටල් ගැන, , බෑනා ගැන තියෙන කතා බොරු.. පව් අප්පා.

:       0       0

Perera Wednesday, 31 October 2018 07:02 PM

2015දී එක කතාවක් කිව්වා.. දැන් තව කතාවක් කියනවා. තව අවුරුදු දෙකකින් 2015දී කිව්ව කතාවම කියාවිද කව්ද දන්නේ? අනේ මෙයාලා කියන කතා විශ්වාස කරන අයත් ලංකාවේ තාම ඉන්න එකනේ වැඩේ...

:       0       0

රොෂාන් Wednesday, 31 October 2018 08:26 PM

එදා ලක්ෂ 58කින් බැනුම් ඇහැව්වා, අද ඉතුරු ලක්ෂ 62න්ම බැනුම් අහනවා. අනේ මෙහෙමත් මනුස්සයෙක්.

:       0       0

Nadika Wednesday, 31 October 2018 10:47 PM

දැන් හිටන්ට කෙලින් හිටන් වැඩ කරන්ට පුළුවන් වෙයි.

:       0       0

Sathyapala Wednesday, 31 October 2018 11:18 PM

තමුන් අද ඔය පුටුවේ ඉන්නේ රනිල් නිසා බව අමතක වෙලා....

:       0       0

laksman Thursday, 01 November 2018 12:37 AM

ඉන්න බැහැනේ... ඔවුන් විශ්වාසභංග යෝජනාවකින් අයින් කරයිනේ. එතකොට මොන ලැජ්ජාවක්ද?

:       0       0

අපිට හොද වැඩේ Thursday, 01 November 2018 01:39 AM

සරම ඇඳන් ඉන්නෙ නෑලූ...

:       0       0

chathuri Thursday, 01 November 2018 01:41 AM

ඔය පුටුව රට යන විදිය දැක්කම කරන්ට් පුටුව වෙයිද? දන්නේ නැහැ...මහින්දව බේරගෙන අගමැතිකම දීලා තමන්ට යන්න වෙයිද කරන්ට් පුටුවට...?

:       0       0

anura Thursday, 01 November 2018 02:05 AM

ඔබතුමා නෙල්සන් මැන්ඩෙලා සමරු දේශනය පවත්වමින් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ කුමක්ද? "අපි නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කරමු" එක්සත් ජාතීන් අමතා "අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙත බව" ප්‍රකාශ කළා.. ලබන සැරේ නිව්යෝර්ක් ගියොත් මොනවද කියන්නේ..?

:       0       0

KANDEPOLA Thursday, 01 November 2018 02:49 AM

එතුමාත් මේ අවුරුදු තුන හමාර හිටියේ අමාරුවෙන් නම් රටේ ජනතාව ඉන්න ඇත්තේ කොච්චර අමාරුවෙන්ද? ජනතාව දිහා බලන්න කවුරුවත් හිටියේ නෑ.

:       0       0

vipula Thursday, 01 November 2018 03:34 AM

අඩි හයක් යටට යවන්න ඉන්නේ කවුරුද කියලා පසු වෙලා හෝ ඔබතුමා දැනගත්ත එක ලොකුදෙයක්...

:       0       0

de silva Thursday, 01 November 2018 03:52 AM

ඔය කතාත් හරියට මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කරවීම , ඇස්බැස්ටෝස් තහනම් කිරීම , ග්ලයිෆොසෙට් තහනම වගේ වේවිද ?

:       0       75

ISURANDI Thursday, 01 November 2018 04:17 AM

හවුල් ව්‍යාපාර බොහොම භයානක බව අපිට ඔප්පු කළා.

:       0       45

Saththaya Thursday, 01 November 2018 04:48 AM

මේ රටේ අයට 'සත්සතිය' මෙනෙහි කරන්න උගන්නන්න ඕන . නැතිනම් අවීචි මහා නරකාදියෝ තමා නතර වෙන්නේ .

:       0       40

d.upul Thursday, 01 November 2018 05:51 AM

මම හිතුව එකටත් කියයි කියල අඩි හයක් යටයන කතාව.

:       0       5

ආනන්ද Thursday, 01 November 2018 11:51 AM

මට නම පෙනෙන්නෙ මෙතන කුමන්ත්‍රන පිට කුමන්ත්‍රන තිබෙන බව. 01. ප්‍රවර්තන ජනාධිපතිට එරෙහිව 'චේතාන්විතව ආංඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය' කිරීම වැනි චෝදනාවක් ඇතුලත් දෝශාභියෝගයක් ඉදිරිපත්වූවොත් , නඩු විභාගයෙන් අනතුරුව වරදකාරයා වුවහොත් ඇතිවන ප්‍රතිඵලය ජනපතිට තනතුර අහිමිවීම, 02.එවිට ජනාධිපති වන්නේ කවුද? 03. එවිට ජනපති නම් කරන්නේ පාර්ලිමේන්තුව විසින්!! 03. එවැනි අවස්ථාවක ජනපතිවීමේ සම්භාවිතාව වැඩි රනිල්,මහින්ද හා කරු යන මොවුන් අතරින් කාහටද? දැන් ඔබට පෙනෙනවා ඇති මේ තත්ත්වයේ ගේම් පිට ගේම් ගැහිල්ලක් ඇති බව!!

:       0       0

Jayanthakumara Thursday, 01 November 2018 05:17 PM

ජනාධිපතිතුමනි, ඔබ පත් වූ දා සිට වැඩි කොටසක් ඔබතුමාට දෝෂාරෝපණය කරනවා. අපට නම් එය දුකකි. ඔබතුමා නම් මේ රටේ නායකයායි. එහෙත් සියලු උපේක්ෂාවෙන් බලාසිට ඔබතුමන් ගනුලැබූ මෙම තීරණය මුළුමහත් ජනතාවගේම සදාදරයට පත්වී හමාරයි. කවුරුත් නොකරන කැපකිරීමක් හා තීරණයක් ඔබ ගන්න ඇති. මින්පසු ඔබගේ ගුණ වයනු නිසැකයි. ඔබතුමන්ට ජය පතන්නෙමි. මේ සටහන කරන්නේ කිසිත් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් මා හදවතින්ම ප්‍රණාමය පුදකරන්නෙමි. අලුත් මාර්ගෝපදේශකත්වයක් ඔබට ලැබී ඇත. නොබියව ඉදිරියටම යන්න. තව එක දෙයක් කියමි.. ඔබතුමන්ට දළදා සමිඳු පිහිටයි.

:       8       3

lasantha Friday, 02 November 2018 12:01 AM

කවුරු වුනත් කමක් නෑ ලස්සන රට රැකගන්න අප දරුවන්ට රටක් තියන්න

:       0       26

Navod vimukthi Monday, 05 November 2018 10:11 AM

ජනාධිපතිතුමනි, ඇත්තටම එය හොඳ තීරණයක්...

:       1       3

bandaara Wednesday, 14 November 2018 02:12 PM

දැන් රනිල් අගමැති මේ. ඔබ පොරොන්දුව ඉටුකරන්න.. ඔබට සුවනින්දක් ලැබේවා!!! මහින්ද මහතාට බාරදෙන්න.

:       0       0

K.piyumal chamika Thursday, 15 November 2018 03:03 AM

කවුරු මොනවා කිව්වත් රට හදන්න පුළුවන් එකම කෙනා තමා මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපති තුමා. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා කියනවා වගේ රනිල්ට කැමති.මේ අය බලය ට අවිත් දවස් කීයද අපේ රටෙහි අහිංසක මිනිස්සුන් ගේ සල්ලි මන්කොල්ල කෑවා . දන් ඉතින් පර්ලිමේන්තුවේ ඉන්න බත් බලයෝ ඔක්කොම උනත් සල්ලි වලට ගන්න පුලුවන්.මේ පින්වන්ත භූමියට පහළ වෙච්ච පිරිසක්. තුරන් වෙලම යන්න ඔනේ. මුන් මිනිස්සුන්ගෙ ඡන්දයෙන් පත් වෙලා මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්නෙ නැතුව තමන්ගෙ මඩිය තර කරගන්න විතරයි හදන්නෙ.මහින්ද මහතා බලයෙම තියා ගන්න රටේ මිනිස්සු ඕනෙ වැඩක් කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 323 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 677 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 827 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 453 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 519 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 180 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site