IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


රංගජීව - එමිල් රංජන් ඇප මත මුදා හැරේ

(මනෝප‍්‍රිය ගුණසේකර)

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙක් සමූහ ඝාතන කළ බවට අධි චෝදනා පත‍්‍ර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට බාරදුන් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇප බැදුම්කර මත ඔවුන් මුදා හැරීමට අද (18) නියම කළේය.

මෙම සැකකරුවන් දෙදෙනාට අභියාචනාධිකරණය විසින් ඇප නියම කොට ඇතැයි දැනුම් දෙමින් සැකකරුවන් මුදා හරින්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කළ ඉල්ලීම් පිළිගනිමින් එලෙස නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසි වලට අනුව විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටි අතර බන්ධනාගාර බුද්ධි ඒකකයේ සේවය කළ ඉන්දික සම්පත් මහතා විදේශගත වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.

2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුලු අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා මහත්වරුන්ට එරෙහි අධිචෝදනා පත‍්‍ර ඊට අදාළ ඇමනුම් පැමිණිල්ල විසින් විත්ති පාර්ශ්වයට බාර දෙන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ එක් විත්තිකරුවකු අධිකරණය මඟහැර විදේශගතවී ඇති බව සනාථ කිරීම සඳහා සාක්කි මෙහෙයවීමට අපේක්‍ෂා කරන බව දැනුම් දුන්නේය.

පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසිත් සිරිවර්ධන මහතාද දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාද කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට අභියාචනාධිකරණය විසින් ඇප නියම කොට ඇති හෙයින්  ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා සිටි අතර විභාගය අවසන් වනතුරු තම සේවාදායකයින් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නීතිපතිවරයා ඉල්ලා සිටින්නේ නම් ඒ අවස්ථාවේදී ඊට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවා තබාගන්නේ යැයිද පැවසුහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇප නියම කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නැතැත් නඩුව විභාග කරන අවස්ථාවේදී නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නියම කරන්නැයි ඉල්ලීමක් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයි කීය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා රුපියල් ලක්‍ෂය බැගින් වටිනා මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ විනිසුරු මඩුල්ල අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසි පැනවීය.

ඇප කොන්දේසි සපුරාලීම සඳහා විත්තිකරුවන්ට කල් ලබාදුන් විනිසුරු මඩුල්ල මෙම නඩුව අගොස්තු මස පළමුවැනිදා යළි කැඳවීමටද එතෙක් රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇප බැ`දුම්කර මත ඔවුන් මුදාහැරීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මාධව තෙන්නකොන්, රජයේ නීතීඥ කසුන් සරත්චන්ද්‍ර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ රෙක්සි පියදාස මහතා සමඟ නීතීඥ සේනක පෙරේරා මහතා පෙනී සිටියේය.

පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ අසිත් සිරිවර්ධන, නීතීඥ සෞම්‍ය මුතුකුඩ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥ නලීන්ද ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.

දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ජගත් අබේනායක, නයනා දිසානායක, ඉරෝමී ජයරත්න, කෞෂල්‍යා නානායක්කාර, ඉමාෂා සේනාධීර, යසස් ඒකනායක සහ ඉෂාන් හාම්පලගේ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.

 

 

 



අදහස් (0)

රංගජීව - එමිල් රංජන් ඇප මත මුදා හැරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1306 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 472 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site