(රේඛා තරංගනී ෆොන්සේකා)
වඩු මඩු තහනම් කරන බවත් අවුරුදු පහක කාලයක් ඇතුළත වෙනත් රැකියා සොයා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළකරමින් මොරටුවේ පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ වඩු කාර්මිකයෙක් ආරම්භ කළ උපවාසය අද (12) අවසන් කළහ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් තැබිලි වතුර බීමෙන් පසු පුරපති ඇතුළු පිරිස උපවාසය අවසන් කළහ.
ඉල්ලීම් ඉටු කර වඩු කාර්මිකයාට සහන දෙන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතු ලිපිය මොරටුව මහ නගර සභාවේ විපක්ෂ නායක සේනක දමයන්ත මහතා විසින් මොරටුව පුරපතිවරයාට ලබාදුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් විමරත්න මහතා සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම විසඳුමට එළඹ තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට මහින්ද මාමා තැඹිලි වතුර පොවා උපවාස අවසන් කිරීමට දායක වෙන්නේ... නැත්නම්, තුන්මුල්ලේ විමලේ ඇතුළු කී දෙනෙක් අඩි හයක් පොළොව යට ගිහින් තිබෙනවද? මහින්දගේ පරණ බොස් වඩුමඩු වසා දමා දැව ආනයනය කිරීමට ගත් තීරණය නිසා මිනී පෙට්ටියක්වත් ගන්න බැරිය කියා මුලින්ම බය වුනෙත් අපේ මැදමුලන වීරයා බව අපට අමතක වීමට තව කලක් යාවි! ජනපති ගන්නා තීරණ අවසන් කිරීමට විපක්ෂ නායක ඉදිරිපත්වීම දෙපැත්තෙන්ම හිනා යන ලෝක විහිළුවක් නොවේද?
මෙම උපවාසයද හිටපු ජනපති අතින් පිරිනැමුණු තැඹිලි වතුර පානයෙන් අවසන්වූ තවත් සංදර්ශනයක් වූ වග නොකියාම නොහැක්කේ ය.
රගපෑම අවසන් මතු සම්බන්ධයි..
මේ රට විනාශ කරන්නෙ මහ ජනතාවම තමයි. පුදුම අවාසනාවක්!
රඟපෑමක්
ජනාධිපති කියපු වඩු මඩු වහන කතාව ආරම්භයක් ලෙස අරගෙන රටේ වන පද්දතිය ආරක්ෂා කරන්න ප්‍රතිපත්තිමය, නීතිමය තීරණ අරගෙන දැනට විනාශ කරලා තියෙන කඳු කර වනාන්තර ටික නැවත වගා කරලා වඩු කර්මාන්තයට වෙනමම වන වගාවක් කරලා ගම්මාන හදනවා වෙනුවට තට්ටු නිවාස සංකල්පයවත් ගෙනල්ලා යෝජනා ඉදිරිපත් කරලා ප්‍රශ්නේ විසඳනවා වෙනුවට මේ දේශපාලකයෝ උද්ගෝෂණය කරා
ටෙලිනාට්‍යයේ තිරපිටපත සහ අධ්‍යක්ෂණය කරපු තැනැත්තාම ඇවිල්ලා, උපවාසය අවසන් කරලා. මේවා බලන අපිට දැන් හිනා
කතාවේ වැරැද්ද , වඩු "මඩු" කියන්නේ වඩු කාර්මිකයාගේ සේවය කරන ස්ථානය, ලි මඩු / ලී මෝල් කියන්නේ ලේ ඉරණ, ලී විකුණන ස්ථාන.
මටත් මාළු බාන්න ආසයි.
මම හිතුවා දැන් මෙවැනි මෝඩ වැඩ වලට දායක වෙන එක නතර කරලා තියෙන්නේ කියලා. පස්සේ මට මතක් උනා ඔහුත් අනික් අය වගේම දේශපාලුවෙක් නේද කියලා.
ඔයාලා දැන් අපිට වඩා උපවාස කරනවා. ලගදීම අරාබියට නෑකම් කියන්ඩ පුළුවන්.
විමල්ගේ නාඩගමේ දෙවෙනි කොටස .
අපෙන් පඩි අරගෙන මෙන්න මෙයාල කරන සංදර්ශන.
දැන් පේනවා නේද මේවා පසුපස ඉන්නේ කවුද කියලා
මේවා තනිකර සිනමා
බොරදියේ තල්මසුන් බානවා වගෙයි නේද ...?
මං හිතන්නේ මේකේ කමෙන්ට්ස් දාපු අය මහින්ද මහත්තයා තැඹිලි වතුර දීපු එක විතරයි දැකල තියෙන්නේ... මොරටුවේ ජනතාව වසර සිය ගණනක් පරම්පරාවෙන් තමයි මේ වඩු වැඩ කරන්නේ... මුලු රටේම මිනිස්සු හොඳ ලී බඩු තෝරන්න එන්නේ මොරටුවට.. මොරටුමුල්ල වගේ පැතිවල ඉන්න ජනතාව දන්න එකම රස්සාව ඒකයි.. මේ රටේ වන ගහනය වැඩි කරන්න ක්‍රියා මාර්ග නොගෙන මිනිස්සුන්ගේ බඩට ගහන්න කරන මේ වගේ මෝඩකම් වලට කොච්චරකල් මේ රටේ මිනිස්සු වන්දි ගෙවන්න ඕනෙද..? එතකොට විල්පත්තුව බදුර්දීන් සුද්ද කරේ වඩු මඩු නිසාද..?