IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මුහුදු ඛාදනයත් සමඟ මුතුපංතිය ධීවර ගම්මානය අනතුරේ

(ලලිත් නවරත්න)

පැවති තද සුළං තත්වයත් සමඟ ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානයේ කිලෝ මීටර් තුනහමාරක මුහුදු තීරය ඛාදනයට ලක්වීමෙන් නිවෙස් සහ මාර්ග පද්ධතිය මුහුදට බිලිවීමේ  බරපතල අර්බුද කීපයකට ගම්මු මුහුණ පා ඇත.

අක්කර 130 ට අධික වපසරියක්ව තිබූ මෙම ධීවර ගම්මානයේ පවුල් 160 ක් වෙති.දිගින් දිගටම සිදුවන ඛාදනය හේතුවෙන් මෙම භූමි ප‍්‍රමාණය වර්තමානයේ අක්කර 80 ක ප‍්‍රමාණය දක්වා අඩුවී ඇත. ඔවුන්ගේ එකම ජීවන වෘත්තීය වන ධීවර කර්මාන්තය ද මෙම ඛාදනය හේතුවෙන් අඩපණ වී  තිබේ.

ධීවරයින් සුළුතරයක් විසින් පවත්වාගෙන යන ඉස්සන් කර්මාන්තයට ද ඉස්සන් ආහාරවල සහ කර්මානතයට අවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමෙන් අත්හැර දමා ඇති අතර කීපදෙනෙකු විසින් පවත්වාගන යන එම කර්මාන්තය  දිගින් දිගටම විවිධ රෝගවලට ලක්වීමෙන් අසාර්ථකවී ඇත.

බෝට්ටු වලින් හා මාදැල් රැකියාවෙන් නෙළා ගන්නා මත්ස්‍ය සම්පත් ප‍්‍රවාහනය කරන්නාවූ මුතුපංතිය උඩප්පුව මාර්ගය පසුගිය තදසුළං තත්වයක් සමඟ ඛාදනයට ලක්වීමෙන් ගමනාගමනයට පරිහරණයට කළ නොහැකි තත්වයකට පත්ව තිබේ.

එම හේතුවෙන් මුහුදු තීරයේ ඇති නිවෙස් ගණනාවක් මුහුදට බිලිවීමේ තර්ජනයට මුහුණ පාමින් සිටින බවත් ඉතිහාසයේ කිසිම කාලයක මෙවන් සුළගක් සහ ඛාදනයක් කිසිම කලක සිදු නොවූ බව ගම්මු කියති.

පවතින අධික සුළං තත්වයෙන් වෙරළ තීරුවේ ඇති පොල්ගස් මගින්ද නිවෙස් වලට විශාල තර්ජනයක් එල්ලවී ඇති අතර ගම්මුන් විසින් එම පොල් ගස්ද කම්බි යොදා බැද දමා ඇත.    

මේවන විට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව ගල්වැටි දමමින් මුහුදු ඛාදනය වළක්වා ගැනීමට උත්සාහ කළත් ස්ථාන කීපයක ගල්වැටි දැමීම වෙනුවට ජලරළ පහර වැලක් වීමට වැලිකදු ගොඩගසා ඇත ඛාදනයේ බරපතල බව හේතුවෙන් දැමූ ගල්වැටිද මුහුදට බිලිවෙමින් තිබෙයි.

එකම ජීවන වෘත්තිය වූ ඉස්සන් කර්මාන්තයෙන් සහ ධීවර කර්මාන්තයෙන් ජීවත්ව රටේ ආර්ථිකයට විදෙස් විනිමයෙන් දායකත්වය සපයන්නට වෙර දරන මෙම ජනතාවට ස්ථීර විසඳුමක් ලබාදෙන ලෙසට ඔවුහු ඉල්ලති.



අදහස් (1)

මුහුදු ඛාදනයත් සමඟ මුතුපංතිය ධීවර ගම්මානය අනතුරේ

අසරණයා. Monday, 22 July 2019 02:06 AM

පෝට් සිටියේ ප‍්‍රතිඵල ඔන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1658 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1405 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site