IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මහින්ද කොළඹ පාසල් කිහිපයක සංචාරයක

ළහිරු හර්ෂණ

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වසරේ දෙවැනි පාසල් වාරය සඳහා ළමුන් පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණු අතර අද (21) වනවිට ළමුන් පැමිණීමේ ප්‍රමුඛතාවයක් දක්නට ලැබිණි.

සියලු පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව ලබාදී ඇති බැවින් පාසල්වලට ලමුන් යොමුකරන ලෙසට විපක්ෂයෙන් පසුගියාදා ඉල්ලීම් කරනු ලැබීය.

ඒ අනූව විපක්ෂනායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ පාසල් කිහිපයක සිසුන්ගේ පැමිණීම දැකගැනීමට එක්විය.

විපක්ෂනායකවරයා තර්ස්ටන්, රාජකීය, විශාකා හා බම්බලපිටිය හින්දු යන විද්‍යාලවල සංචාරයක නිරතවිය. 

මෙම අවස්ථාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ හා කනක හේරත් මහතා ද එක්ව සිටියහ.

 



අදහස් (41)

මහින්ද කොළඹ පාසල් කිහිපයක සංචාරයක

sas Tuesday, 21 May 2019 05:21 AM

බොරුවට ලකුණු දා ගන්න හදනවා.

:       11027       7675

JaWTuesday, 21 May 2019 05:49 AM

එතුමට ලකුණු දාගන්න මහන්සි වෙන්න ඕන නෑ.... කට්ටිය එතුමට ලකුණු වැටෙන විදිහට හැසිරෙනවා....

:       1949       4203

LahiruTuesday, 21 May 2019 06:43 AM

රටට මෙච්චර හානියක් වෙලත් මෙයාලගේ හතුරා මහින්ද මැතිතුමා

:       661       3173

samTuesday, 21 May 2019 07:15 AM

එහෙනම් කියන්නේ අර එක්කෙනෙක් වගේ මිනිබිරීවත් ගෙදර තියාගෙන චීනෙට දුවන්නද.

:       46       529

aseTuesday, 21 May 2019 07:41 AM

ඇති යන්තම් සමහර පාසලක් අතුලේන්වත් කොදුටු ඇයො පාසලක් දකිනවා , මේ පිනම ඇති නිවන් දකින්න.

:       179       301

MPTuesday, 21 May 2019 08:14 AM

අමුතුවෙන් ලකුණු දාගන්නට අවශ්‍ය නැහැ. මාවත හොඳින් විවෘත වෙලා දැන්නම්.

:       816       1153

liyanageTuesday, 21 May 2019 09:58 AM

රටේ අගමැතිවරයා, සහ හමුදාපතිවරයා මාධ්‍ය මගින් ප්‍රකාශ කර සිටියේ රටේ ආරක්ෂාව යථාතත්වයට පැමිණ ඇති බවත් එමනිසා සියලු දරුවන් පාසල් යවන ලෙසත්ය. ඒ වනවිටත් පාසල් පැමිණීම සියයට 85% පමණ විය. අගමැතිවරයා, සහ හමුදාපතිවරයා ගේ පණිවුඩය කණවටුණු හිටපු ජනදිපතිවරයා අද උදය පාන්දරම පාසල් ඉදිරිපිටට ගොස් පාසල් සිසුන් සමග ඡායාරූපවලට පෙනීසිටින්නේ මන්ද කියා දන්නේ ඔහුම පමණි. හිටපු ජනධිපතිවරයාට මෙය කළයුතුව තිබුනේ දැනට සති දෙකකට පෙරය. බයනැති "හිටපු" ජනපති කියා එවිට අපට කිවහැකිව තිබිණි.

:       0       0

ධනුෂ්කWednesday, 22 May 2019 06:05 AM

මෙතුමලගේ දේශපාලනික ත්‍රස්තවාදයත් කොටින්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදයත් අාගමික අන්තවාදී ත්‍රස්තවාදයත් අතර වැඩි වෙනසක් නෑ. කොටි සහ අාගමික අන්තවාදීන් මේ රටේ මිනිස්සු විශාල පිරිසක් කෙලින්ම ක්ෂනිකව මරණයට පත් කලා. මෙතෙක් රට පාලනය කල සහ දැනට පාලනය කරන පක්ෂ දෙක ඊට පසුබිම සැකසුවා. කාටද පුලුවන් එහෙම නෙමෙයි කියන්න. එමෙන්ම එම පක්ෂ දෙක තව දුරත් මේ රට හා ජනතාව දීර්ඝකාලීන මරණයක් කරා ගෙන යමින් තිබෙනවා. මෙතන ඉන්න දරුවන් එය අනාගතයේ වටහා ගනීවි. මම හිතනවා ඔය දරුවන් අනාගතයේ දී අන්ධභක්තිකයන් නොවේවී කියලා. එහෙම වුනොත් රටේ වාසනාව.

:       0       75

Ismail Hussain Tuesday, 21 May 2019 05:26 AM

ස්තුතියි ජනාධිපතිතුමනි... ඔබතුමාට සදා ණය...

:       1660       1742

amith Tuesday, 21 May 2019 05:31 AM

රට කලා දැන්. බොරදිය මලු බානවා. මේ කට්ටිය තමයි ඔය සිදුවිමිම් පස්සේ ඉන්නේ.

:       5381       4407

chamath Tuesday, 21 May 2019 05:36 AM

මෙන්න නියම නායකයෝ

:       2050       2225

ගොන් වස්සා Tuesday, 21 May 2019 05:43 AM

කෙහෙල් කනට කලින් හොරු ටික වැට පැනලා !

:       474       754

ලුම්බිණි Tuesday, 21 May 2019 06:00 AM

මොන බොරු වැඩක්ද?

:       1145       741

max Tuesday, 21 May 2019 06:06 AM

ඉතාම හොද අගය කල යුතු පියවරක්. රටක බිය සැක දුරු කල නායකයෙකුට විනා කටින් බතල හිටවන අයට එසේ කල නොහැක. "බොරුවට ලකුණු දා ගන්න හදනවා" වැනි කතා කියමින් එම ක්‍රියාව හැල්ලු කිරීම කුහකත්වයේ උපරිමයට යාමකි.

:       1172       1524

කොඩිකාර Tuesday, 21 May 2019 06:13 AM

13 බ‍ෝම්බ ගහනවා පාසැල් යන්න එපා කිව්වා. දැන් පාසැල් ගාවට යනවා. හිහි

:       325       742

sitha ranawaka Tuesday, 21 May 2019 06:24 AM

ලෝකේ කොහෙවත් නොකරන වැඩ තමයි මේ දුපතේ වෙන්නේ.මේ දේශපාලුවෝ පොඩි කලේ ගිය පාසල් වලවත් ඕව තිබුණද? ඡන්ද ගුණ්ඩු. ළමයිගේ පාසල් වැඩත් පාළු කරමින් පාසලට ගොස් වන්ද ගන්නවා. පිස්සෝ...වැඩ නැති නිසා හොදයි.ආණ්ඩු බලේ ගන්න විදින දුකක් පව් ...

:       318       1012

i o Sirisena Tuesday, 21 May 2019 06:29 AM

ගිය සදුදා ළමයි පාසල් යවන්න එපා කියලා පන්සලක් පන්සලක් ගානේ ගිහින් කියලා ...... මේ සතියේ ළමයි එක්ක පාසල් යනවා,

:       214       1056

ravi Tuesday, 21 May 2019 06:42 AM

ළමයින්ට පාසල් යාම අනතුරුදායකයි කියල ත්‍රස්තවාදීන්ගේ පිට උඩින් ආණ්ඩුව පෙරලන්න .... පාර්ලිමේන්තුවට පැනගන්න දැඟලුවේ ..... දැන් එයාලම තමයි ළමයිනුත් එක්ක ඉස්කෝලේ යන්නේ .... මෙව්වා ඉතින් ලංකාවට පමණක් ආවේනික වූ "" දේශපාලන ගැට ""

:       82       975

amali Tuesday, 21 May 2019 06:46 AM

එතුමාට ලකුණු කොහොමත් අලුතෙන් ඕනේ නැහැ දෙන අය ලකුණු දෙනවා. ලකුණු තියෙන කට්ටියට දැන් ඔය ජීවිත තුන්සිය ගානක් විනාස කරලත් තවත් ලකුණු දෙන අය මේකේ කමෙන්ට්ස් දානවා ලජ්ජා නැතිව.

:       408       1169

shan Tuesday, 21 May 2019 06:51 AM

මේක හොද වැඩක් නමුත් මහින්ද මහතා වටකරගන යන්නේ නැතිව පාර්ලිමේන්තුවේ හා පළාත් සභා ප්‍රාදේශීය සභා වල මන්තීවරු එකා බැගින් සියලු පාසල් වලය යා යුතුය නැතිව ගොනා වටේ මැස්සෝ පියාබනව වගේ සේරම එක තැනකය යන්නේ මොනා කරන්නද ?

:       37       123

rohini samarashingha Tuesday, 21 May 2019 07:02 AM

මෙන්න දැන් පාසල් ළමයි ලෙස වෙස් වලාගෙන පාසල් යනවෝ .ප්‍රවේශම් වෙන්න. මේ අය බෝම්බවලට වඩා දරුණුයි.

:       569       720

upali kumarapeli Tuesday, 21 May 2019 07:06 AM

මේ බොරු සංන්දර්ශන එපා. ඔයාලගේ වැඩක් බලාගෙන ඉන්න.

:       344       581

CalJan Tuesday, 21 May 2019 07:08 AM

මේක ඉතාම හොද අගය කලයුතු ක්‍රියාවක්, යමෙකුට ලකුණු දාගන්නවා කිනන්නත් පුළුවන්, එත් මේක ලමයනින්ගේ ආරක්ෂාව ගැන හිතන දෙමාපියන්ට ලොකු හයියක්. ඇත්තම කියනවනම් පිට රටක ජීවත් උනත් 2015 යහපාලනය ගෙන්න වචනෙන් හරි දායක වූණු කෙනෙක් මමත්.

:       635       1177

range Tuesday, 21 May 2019 07:12 AM

මෙව්වට කියන්නේ දිය බොර කර මාලුබානවා කියල...

:       361       612

ravi Tuesday, 21 May 2019 07:28 AM

ළමයින්ව ඉස්කෝලේ එක්කගෙන යනවට .. වැඩිය හොඳයි " මෙයාලත් තව සැරයක් ඉස්කෝලේ ගියානම් "

:       33       511

sirimal Tuesday, 21 May 2019 08:11 AM

හැම දේකදීම බුම්මා ගෙන ඉන්න අනිත් කට්ටියත් මෙයාගේ ප්‍රචාරක කටයුතු භාර අයගෙන් "කල දුටු කල වල ඉහ ගන්නා ආකාරය" ඉගෙන ගන්නයි තියෙන්නේ.

:       67       282

siri Tuesday, 21 May 2019 08:11 AM

සාස් මැරිලා ඉපදුන වගේ , ඔබල වගේ අය නිසයි මෙම තත්වය හැදුනේ. පපුවට තට්ටු කර බලන්න ඇත්ත සහ බොරුව මොකක්ද කියල.

:       808       691

kap Tuesday, 21 May 2019 08:54 AM

මල ගෙදර අාවොත් කතිරේ ගහන කට්ටිය තමයි... ලංකාවේ ඉන්නේ. මේවා අති සෝභන වැඩ. හමුදාපති කිව්වනේ බය වෙන්න එපා කියලා. මෙයා කරන්න ඕනේ අර බදියුර්දීන්ව එලවන එකයි. අද වෙනතුරු එක වචනයක් එයාට විරුද්ධව කිව්වද?

:       0       0

Kumara Tuesday, 21 May 2019 10:21 AM

දැන් ළමයි විතරක් නෙවෙයි අම්මලා - තාත්තලා, ආච්චිලා - සියියලාත් යයි ඉස්කෝලේ

:       0       0

sunil Tuesday, 21 May 2019 10:26 AM

අද ළමයි කොහොමත් ඉස්කෝලේ එන්ටයි හිටියේ. මෙයා ගිහින් එයා නිසා ළමයි ඉස්කෝලේ එනවා වගේ පෙන්නනවා.

:       0       0

chathuri Tuesday, 21 May 2019 10:39 AM

අනේ මෙහෙමත් නර නාටක, මම හිතුවේ විපක්ෂයේ සේරම කට්ටිය ගමේ පාසල් වලට යයි කියලා. හම්බන්තොට පාසල් නැතිද? ආරක්ෂාව නැතිකමද නමගිය පාසල් තෝරාගත්තේ? විමල් හාමු, නාමල් බේබි අතින් අල්ලන් යන්න තිබුණා. බන්දුල මාමේ " නුඹ මොකද කරන්නේ කියලා දරුවෝ ඇහුවද? පුදුමයි එ්ත් ඇත්තයි.

:       0       0

Jude Tuesday, 21 May 2019 10:46 AM

දැන් මැති ඇමැතිවරුන්ටත් ආරක්ෂාවක් නැතිව පාරෙ යන්නත් පුළුවන්.. එහෙම කරලා රට ආරක්ෂිතයි කියලා පෙන්වනවා නම් ගොඩක් හොඳයි.

:       0       0

Bandara Tuesday, 21 May 2019 10:46 AM

කවුරු මොනවා කිව්වත් මහින්ද වීරයෙක්.. එතුමා රට පාවාදුන්නේ නැහැ.

:       0       0

nimal Tuesday, 21 May 2019 12:22 PM

විපක්ෂ නායක හැටියට හොඳවැඩක්... විපක්ෂය වැඩකළ යුත්තේ ඊළඟ බලය ලබාගන්න වැඩ, පවතින රජයට හොඳ, නරක විවේචන ලබාදෙමින්. ලක්වැසි බහුතරේට මහින්ද මහත්මයාගේ අගය තේරිලා වසර 4 කට වැඩියි..., නමුත් දේශපාලන කුහක මිනිසුන්ට නොතේරෙන එක සාමාන්‍ය දෙයක්. යහපාලන ගත්තනේ අවංක ප්‍රශ්නයක් අසන්නට අවංක පිළිතුරක් දෙන්න. යහපාලනෙන් රටට හරි ගියාද රට නන්නත්තාර වුණාද? මේ විදිහට තව යෑම යහපත් සේ දැනෙනවද? වෙනස්වීම ඔබ අතේ....

:       0       0

de Tuesday, 21 May 2019 12:36 PM

ළමුන් එක්ක පාසල්යන එක හොඳ වැඩක් (රඟපෑමට හරි කමක් නෑ) 225 අතර ඉන්න නූගත් ටික පාසල් යවන්න පුලුවන්නම් ඔබතුමාට ගොඩක් පින්. මොකද මේ ටික රට කනවා මහත්තයෝ. නොතේරෙන දෙයක් ඇත්නම් ඔබතුමාත් ඉගෙනගත්තට වරදක් නෑ. (ඔබේ තිබූ ගෞරවය රැකගැනීමට). අපට දේශපාලනය දැන් කිසිම වැඩකට නැති දෙයක්. රටට අවශ්‍ය හොඳ පරිපාලන ක්‍රමවේදයක් සහ ශක්තිමත් නීති පද්ධතියක්. මෙය දේශපාලන ඇසෙන් නොබලන්න. (ලක්වැසි සැමට සාමය හා සතුට උදාවේවා..!!!)

:       0       0

Sumanasiri Tuesday, 21 May 2019 01:02 PM

කාලයක් පන්සල් එහෙමත් ගියානේද? දැන් නම් පන්සල් පැත්තේ එන්නෙත් නෑ... අපි බලන් හිටියේ එ්වි කියලා...

:       0       0

Jaya Tuesday, 21 May 2019 02:05 PM

බොර දියේ නෙමේ මොන දියේ හරි මාලු බාලා ගෙවල් වලට වෙලා ඉන්න ළමයින් ටික කව්රුන් හෝ පාසල් වලට ගෙන්න ගන්න උදව් කරනවා නම් එ්කයි වැදගත්. නැත්නම් ළමයින්ට හැමදාම ගෙදරට වෙලා ඉන්නද කියන්නේ... හැමදේම පාට කණ්ණාඩිවලින් බලන මිනිස්සුන්ට මේක තේරුම්ගන්න වුවමනාවක් නෑ.

:       0       0

muhan Tuesday, 21 May 2019 02:13 PM

මෙයාගේ කාලේදී තමයි ෂරියා විශ්වවිද්‍යාලය, අරාබි පාසල්, ජමහත් කල්ලිය බිහිවුනේ... හකීම්ට ගහන්න බදියුර්දීන් පොරක් කෙරුවෙත් මෙයා, මෙයාගේ සහෝදරයෝ තමයි ඔය ඔක්කොම කල්ලි පෝෂණය කලේ... දැන් බොරුවට රඟපානව‍ා. ඕවට මිනිස්සු අන්දන්න බැහැ. විශේෂයෙන්ම තරුණ පරපුර..

:       0       0

Rasika Tuesday, 21 May 2019 02:41 PM

මේකේ දාලා තියෙන සමහර කමෙන්ට් දැක්කාම මේ රටේ ඉන්න මිනිස්සු දාපුවද? නැත්නම්, ආණ්ඩුව සල්ලි ගෙවලා දාපුවද කියලත් හිතෙනවා. මහින්ද කවදත් ජනතාව අතර හිටපු නායකයෙක්... ඒ වගේම ඔහු ක්‍රියාවෙන් ඔප්පුකළ ඔහුට කරන්න පුළුවන් වැඩ. කටින් කියව කියවා හිටියේ නැහැ. අපිත් මහින්දට විරුද්ධව 2015 ඡන්දේ දුන්නා. ඒ යහපත් අනාගතයක් වෙනුවෙන්, නමුත් අපිට දැන් හොඳින්ම තේරෙනවා. අපි නොමග ගියබව... නමුත් මෙහිදී මහින්දට විශාල වගකීමක් තියෙනවා.. ඒ ඔහු පරාද වුණු නියම කරන දේ හොයලා බලන්න.. ඔහු නැවත බලයට එනවා නම් අනිවාර්යයෙන්ම දූෂණය පිටුදකින වැඩපිළිවෙලකට යන්න ඕනේ... ඔහු ක්‍රියාවෙන් ඔප්පු කළ ළමයින්ට පාසල් යන්න ආරක්ෂාව තියෙනවා කියලා.. එහෙම කරපු එකම නායකයෙක්වත් ඉන්නවද ආණ්ඩුවේ...? මේකකරලා පෙන්වන්න ඕනේ අගමැති, ජනාධිපති හෝ අකිල... ඔහු මේ රටට ආදරෙයි. රට අරාජික නැහැ කියලා ලෝකෙට පෙන්නුවා.. ඒ සැබෑ දේශප්‍රේමීත්වය.. නැතුව පටු දේශපාලන අරමුණු නෙමේ.. අගය කළයුතු තැන අගය කරන්න.. විරුද්ධ වෙන්න ඕනේ තැන විරුද්ධ වෙන්න. වහල් වෙන්න එපා දේශපාලක පක්ෂවලට.. වහලෙක් වෙන්න තමන්ගේ රටට..

:       0       0

ලසන්ත Wednesday, 22 May 2019 01:11 AM

දරුවන්ගේ ආරක්ෂාවට මෙය කලානම් මන්ත්‍රීලා කණ්ඩායමක් එකම පාසැලට නොයා පාසැල් කීපයකට යන්න තිබුනානේ. මෙය විගඩමක් මෙන්ම බොරදියේ මාලුබෑමක්

:       33       140

vidya Thursday, 23 May 2019 03:57 AM

රුපියල් 2500 කට කන්න පුළුවන් කියපු එක්කෙනයි, ටයි, සූට් ඇඳගෙන පාර්ලිමේන්තුවේ වැඩක් නැති වාචාල කියවන එක්කෙනයි කොහෙද යන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 156 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 38 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 123 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 179 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 236 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 351 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site