ළහිරු හර්ෂණ
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වසරේ දෙවැනි පාසල් වාරය සඳහා ළමුන් පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණු අතර අද (21) වනවිට ළමුන් පැමිණීමේ ප්‍රමුඛතාවයක් දක්නට ලැබිණි.
සියලු පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව ලබාදී ඇති බැවින් පාසල්වලට ලමුන් යොමුකරන ලෙසට විපක්ෂයෙන් පසුගියාදා ඉල්ලීම් කරනු ලැබීය.
ඒ අනූව විපක්ෂනායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ පාසල් කිහිපයක සිසුන්ගේ පැමිණීම දැකගැනීමට එක්විය.
විපක්ෂනායකවරයා තර්ස්ටන්, රාජකීය, විශාකා හා බම්බලපිටිය හින්දු යන විද්‍යාලවල සංචාරයක නිරතවිය.
මෙම අවස්ථාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ හා කනක හේරත් මහතා ද එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට ලකුණු දා ගන්න හදනවා.
ස්තුතියි ජනාධිපතිතුමනි... ඔබතුමාට සදා ණය...
රට කලා දැන්. බොරදිය මලු බානවා. මේ කට්ටිය තමයි ඔය සිදුවිමිම් පස්සේ ඉන්නේ.
මෙන්න නියම නායකයෝ
කෙහෙල් කනට කලින් හොරු ටික වැට පැනලා !
මොන බොරු වැඩක්ද?
ඉතාම හොද අගය කල යුතු පියවරක්. රටක බිය සැක දුරු කල නායකයෙකුට විනා කටින් බතල හිටවන අයට එසේ කල නොහැක. "බොරුවට ලකුණු දා ගන්න හදනවා" වැනි කතා කියමින් එම ක්‍රියාව හැල්ලු කිරීම කුහකත්වයේ උපරිමයට යාමකි.
13 බෝම්බ ගහනවා පාසැල් යන්න එපා කිව්වා. දැන් පාසැල් ගාවට යනවා. හිහි
ලෝකේ කොහෙවත් නොකරන වැඩ තමයි මේ දුපතේ වෙන්නේ.මේ දේශපාලුවෝ පොඩි කලේ ගිය පාසල් වලවත් ඕව තිබුණද? ඡන්ද ගුණ්ඩු. ළමයිගේ පාසල් වැඩත් පාළු කරමින් පාසලට ගොස් වන්ද ගන්නවා. පිස්සෝ...වැඩ නැති නිසා හොදයි.ආණ්ඩු බලේ ගන්න විදින දුකක් පව් ...
ගිය සදුදා ළමයි පාසල් යවන්න එපා කියලා පන්සලක් පන්සලක් ගානේ ගිහින් කියලා ...... මේ සතියේ ළමයි එක්ක පාසල් යනවා,
ළමයින්ට පාසල් යාම අනතුරුදායකයි කියල ත්‍රස්තවාදීන්ගේ පිට උඩින් ආණ්ඩුව පෙරලන්න .... පාර්ලිමේන්තුවට පැනගන්න දැඟලුවේ ..... දැන් එයාලම තමයි ළමයිනුත් එක්ක ඉස්කෝලේ යන්නේ .... මෙව්වා ඉතින් ලංකාවට පමණක් ආවේනික වූ "" දේශපාලන ගැට ""
එතුමාට ලකුණු කොහොමත් අලුතෙන් ඕනේ නැහැ දෙන අය ලකුණු දෙනවා. ලකුණු තියෙන කට්ටියට දැන් ඔය ජීවිත තුන්සිය ගානක් විනාස කරලත් තවත් ලකුණු දෙන අය මේකේ කමෙන්ට්ස් දානවා ලජ්ජා නැතිව.
මේක හොද වැඩක් නමුත් මහින්ද මහතා වටකරගන යන්නේ නැතිව පාර්ලිමේන්තුවේ හා පළාත් සභා ප්‍රාදේශීය සභා වල මන්තීවරු එකා බැගින් සියලු පාසල් වලය යා යුතුය නැතිව ගොනා වටේ මැස්සෝ පියාබනව වගේ සේරම එක තැනකය යන්නේ මොනා කරන්නද ?
මෙන්න දැන් පාසල් ළමයි ලෙස වෙස් වලාගෙන පාසල් යනවෝ .ප්‍රවේශම් වෙන්න. මේ අය බෝම්බවලට වඩා දරුණුයි.
මේ බොරු සංන්දර්ශන එපා. ඔයාලගේ වැඩක් බලාගෙන ඉන්න.
මේක ඉතාම හොද අගය කලයුතු ක්‍රියාවක්, යමෙකුට ලකුණු දාගන්නවා කිනන්නත් පුළුවන්, එත් මේක ලමයනින්ගේ ආරක්ෂාව ගැන හිතන දෙමාපියන්ට ලොකු හයියක්. ඇත්තම කියනවනම් පිට රටක ජීවත් උනත් 2015 යහපාලනය ගෙන්න වචනෙන් හරි දායක වූණු කෙනෙක් මමත්.
මෙව්වට කියන්නේ දිය බොර කර මාලුබානවා කියල...
ළමයින්ව ඉස්කෝලේ එක්කගෙන යනවට .. වැඩිය හොඳයි " මෙයාලත් තව සැරයක් ඉස්කෝලේ ගියානම් "
හැම දේකදීම බුම්මා ගෙන ඉන්න අනිත් කට්ටියත් මෙයාගේ ප්‍රචාරක කටයුතු භාර අයගෙන් "කල දුටු කල වල ඉහ ගන්නා ආකාරය" ඉගෙන ගන්නයි තියෙන්නේ.
සාස් මැරිලා ඉපදුන වගේ , ඔබල වගේ අය නිසයි මෙම තත්වය හැදුනේ. පපුවට තට්ටු කර බලන්න ඇත්ත සහ බොරුව මොකක්ද කියල.
මල ගෙදර අාවොත් කතිරේ ගහන කට්ටිය තමයි... ලංකාවේ ඉන්නේ. මේවා අති සෝභන වැඩ. හමුදාපති කිව්වනේ බය වෙන්න එපා කියලා. මෙයා කරන්න ඕනේ අර බදියුර්දීන්ව එලවන එකයි. අද වෙනතුරු එක වචනයක් එයාට විරුද්ධව කිව්වද?
දැන් ළමයි විතරක් නෙවෙයි අම්මලා - තාත්තලා, ආච්චිලා - සියියලාත් යයි ඉස්කෝලේ
අද ළමයි කොහොමත් ඉස්කෝලේ එන්ටයි හිටියේ. මෙයා ගිහින් එයා නිසා ළමයි ඉස්කෝලේ එනවා වගේ පෙන්නනවා.
අනේ මෙහෙමත් නර නාටක, මම හිතුවේ විපක්ෂයේ සේරම කට්ටිය ගමේ පාසල් වලට යයි කියලා. හම්බන්තොට පාසල් නැතිද? ආරක්ෂාව නැතිකමද නමගිය පාසල් තෝරාගත්තේ? විමල් හාමු, නාමල් බේබි අතින් අල්ලන් යන්න තිබුණා. බන්දුල මාමේ " නුඹ මොකද කරන්නේ කියලා දරුවෝ ඇහුවද? පුදුමයි එ්ත් ඇත්තයි.
දැන් මැති ඇමැතිවරුන්ටත් ආරක්ෂාවක් නැතිව පාරෙ යන්නත් පුළුවන්.. එහෙම කරලා රට ආරක්ෂිතයි කියලා පෙන්වනවා නම් ගොඩක් හොඳයි.
කවුරු මොනවා කිව්වත් මහින්ද වීරයෙක්.. එතුමා රට පාවාදුන්නේ නැහැ.
විපක්ෂ නායක හැටියට හොඳවැඩක්... විපක්ෂය වැඩකළ යුත්තේ ඊළඟ බලය ලබාගන්න වැඩ, පවතින රජයට හොඳ, නරක විවේචන ලබාදෙමින්. ලක්වැසි බහුතරේට මහින්ද මහත්මයාගේ අගය තේරිලා වසර 4 කට වැඩියි..., නමුත් දේශපාලන කුහක මිනිසුන්ට නොතේරෙන එක සාමාන්‍ය දෙයක්. යහපාලන ගත්තනේ අවංක ප්‍රශ්නයක් අසන්නට අවංක පිළිතුරක් දෙන්න. යහපාලනෙන් රටට හරි ගියාද රට නන්නත්තාර වුණාද? මේ විදිහට තව යෑම යහපත් සේ දැනෙනවද? වෙනස්වීම ඔබ අතේ....
ළමුන් එක්ක පාසල්යන එක හොඳ වැඩක් (රඟපෑමට හරි කමක් නෑ) 225 අතර ඉන්න නූගත් ටික පාසල් යවන්න පුලුවන්නම් ඔබතුමාට ගොඩක් පින්. මොකද මේ ටික රට කනවා මහත්තයෝ. නොතේරෙන දෙයක් ඇත්නම් ඔබතුමාත් ඉගෙනගත්තට වරදක් නෑ. (ඔබේ තිබූ ගෞරවය රැකගැනීමට). අපට දේශපාලනය දැන් කිසිම වැඩකට නැති දෙයක්. රටට අවශ්‍ය හොඳ පරිපාලන ක්‍රමවේදයක් සහ ශක්තිමත් නීති පද්ධතියක්. මෙය දේශපාලන ඇසෙන් නොබලන්න. (ලක්වැසි සැමට සාමය හා සතුට උදාවේවා..!!!)
කාලයක් පන්සල් එහෙමත් ගියානේද? දැන් නම් පන්සල් පැත්තේ එන්නෙත් නෑ... අපි බලන් හිටියේ එ්වි කියලා...
බොර දියේ නෙමේ මොන දියේ හරි මාලු බාලා ගෙවල් වලට වෙලා ඉන්න ළමයින් ටික කව්රුන් හෝ පාසල් වලට ගෙන්න ගන්න උදව් කරනවා නම් එ්කයි වැදගත්. නැත්නම් ළමයින්ට හැමදාම ගෙදරට වෙලා ඉන්නද කියන්නේ... හැමදේම පාට කණ්ණාඩිවලින් බලන මිනිස්සුන්ට මේක තේරුම්ගන්න වුවමනාවක් නෑ.
මෙයාගේ කාලේදී තමයි ෂරියා විශ්වවිද්‍යාලය, අරාබි පාසල්, ජමහත් කල්ලිය බිහිවුනේ... හකීම්ට ගහන්න බදියුර්දීන් පොරක් කෙරුවෙත් මෙයා, මෙයාගේ සහෝදරයෝ තමයි ඔය ඔක්කොම කල්ලි පෝෂණය කලේ... දැන් බොරුවට රඟපානවා. ඕවට මිනිස්සු අන්දන්න බැහැ. විශේෂයෙන්ම තරුණ පරපුර..
මේකේ දාලා තියෙන සමහර කමෙන්ට් දැක්කාම මේ රටේ ඉන්න මිනිස්සු දාපුවද? නැත්නම්, ආණ්ඩුව සල්ලි ගෙවලා දාපුවද කියලත් හිතෙනවා. මහින්ද කවදත් ජනතාව අතර හිටපු නායකයෙක්... ඒ වගේම ඔහු ක්‍රියාවෙන් ඔප්පුකළ ඔහුට කරන්න පුළුවන් වැඩ. කටින් කියව කියවා හිටියේ නැහැ. අපිත් මහින්දට විරුද්ධව 2015 ඡන්දේ දුන්නා. ඒ යහපත් අනාගතයක් වෙනුවෙන්, නමුත් අපිට දැන් හොඳින්ම තේරෙනවා. අපි නොමග ගියබව... නමුත් මෙහිදී මහින්දට විශාල වගකීමක් තියෙනවා.. ඒ ඔහු පරාද වුණු නියම කරන දේ හොයලා බලන්න.. ඔහු නැවත බලයට එනවා නම් අනිවාර්යයෙන්ම දූෂණය පිටුදකින වැඩපිළිවෙලකට යන්න ඕනේ... ඔහු ක්‍රියාවෙන් ඔප්පු කළ ළමයින්ට පාසල් යන්න ආරක්ෂාව තියෙනවා කියලා.. එහෙම කරපු එකම නායකයෙක්වත් ඉන්නවද ආණ්ඩුවේ...? මේකකරලා පෙන්වන්න ඕනේ අගමැති, ජනාධිපති හෝ අකිල... ඔහු මේ රටට ආදරෙයි. රට අරාජික නැහැ කියලා ලෝකෙට පෙන්නුවා.. ඒ සැබෑ දේශප්‍රේමීත්වය.. නැතුව පටු දේශපාලන අරමුණු නෙමේ.. අගය කළයුතු තැන අගය කරන්න.. විරුද්ධ වෙන්න ඕනේ තැන විරුද්ධ වෙන්න. වහල් වෙන්න එපා දේශපාලක පක්ෂවලට.. වහලෙක් වෙන්න තමන්ගේ රටට..
දරුවන්ගේ ආරක්ෂාවට මෙය කලානම් මන්ත්‍රීලා කණ්ඩායමක් එකම පාසැලට නොයා පාසැල් කීපයකට යන්න තිබුනානේ. මෙය විගඩමක් මෙන්ම බොරදියේ මාලුබෑමක්
රුපියල් 2500 කට කන්න පුළුවන් කියපු එක්කෙනයි, ටයි, සූට් ඇඳගෙන පාර්ලිමේන්තුවේ වැඩක් නැති වාචාල කියවන එක්කෙනයි කොහෙද යන්නේ?