(ඩි.ජී.සුගතපාල)
ඇල්පිටිය ගණේගොඩ මෛත්‍රීගම පදිංචි පුද්ගලයකුට තම සොහොයුරා විසින් පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ බණ්ඩාරිගොඩගේ පුෂ්ප කුමාර නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය අය අධික ලෙස බීමත්ව පැමිණ නිවසේ අය සමඟ ආරවුල් කරගනිමින් සිටියදී එය බේරීමට යාබද නිවසේ පදිංචි සොහොයුරා පැමිණ ඇති අතර ඔහුට ද ආරවුල බේරීමට නොහැකිවූ තැන මෙසේ පිහියෙන් ඇන ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
පසුව තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
සැකකාර සොහොයුරා මේ වනවිට පලාගොස් ඇති අතර ඇල්පිටිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ නම මෛත්‍රීගම නම් කුමන කතාද?
දරුවන්ට ආදරය, කරුණාව, රැකවරණය දීම මගින් යම් දිනක වැඩිහිටි සමාජය නිවැරදි කළහැකිය.
දකුණනේ, මේ වගේ දේවල් සාමාන්‍ය දෙයක් එහේ...