(ජයන්ත සමරකෝන්)
මැතිවරණ නීතිරිතී උල්ලංඝණය කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිල වාහන 5 ක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරයට යොදවා ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතශීලී වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා විසින් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.
ඒ සමඟම අලුතින් ණය ලබාදීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරිම තුළින් ණය ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 50,000 ක අත්තිකාරම් මුදලක් දේශපාලන අල්ලස් ලබාදීමත් සිදුකරගෙන යන බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
ඔය වාහන පහක්.ඔබතුමන්ලගේ කාලේ රජයේ සියලුම වාහන ඕවට ගියා මතක නැද්ද?
වාහන වැඩේ සත්‍යයක්ද කියා සොයා බැලුවාට කමක් නැහැ.ඒත් මිනිහෙකුට ආපසු ගෙවන ණයක් දීම අල්ලසක් වෙන්නේ කොහොමද ? අනිත් කාරණේ ඒ කාලේ ඔය විෂය බාර කෙනාගේ නෑයන්ගේ පැල්පත් වල කෝටි ගණන් වෙන රජයේ වාහන තිබුණු බව මෙතුමාට දැන් අමතක වෙලා වගෙයි පේන්නේ.
ණය කියන්නේ අල්ලසක්ද? ගත්ත එක ගෙවන්න ඕනෑ. නොගෙව්වොත් නඩුත් වැටෙනවා.
මේක ලෙඩ්ඩු බලන්න අපේක්ෂා රෝහලට එන මිනිසුන්ට නොමිලේ දුන්න කෑම වේලටත් තට්ටුකළා.
අපි 82, 83, 88, 89 කාලෙ කරපුවා නැද්ද?
ගාමිණී ලොකුගේ කියන්නේ පිරිසුදු චරිතයක්ද?
මෙයාගෙත් ළමයි ඇමරිකාවේ. නමුත් අපිට අධිරාජ්‍ය විරෝධී කතා කියනවා.
වහල්ලු ටිකක්නම් මරු විකාරෙන් මේවා සාදාරනීකරනය කරන්න දගලන බවනම් පේනවා. රට මෙච්චර විනාශ කරපු අයට කඩේයන වහල්ලු ගැන කවර කතාද?
යහපාලන ආණ්ඩුව බලයට අවේ ඔය කියන රජය දේපල අවබවිත කිරීම් නතර කරන්න නේද. අර ආණ්ඩුව කරපු නිසා මෙයාල කරන එක හොදි කියල කියන එක හරිනම් ඡන්ද වලට වියදම් කරන්න ඕනේ නැනේ නේද?
කොට්ඨාස ක්‍රමය තිබුනානම් මෙතුමාට පාර්ලිමේන්තු එන්න බැහැ කවදාවත්.
පැමිණිල්ල ඉදිරිපත් කරන කෙනාගේ කැරැට්ටුව? ගිණුමට කෙලින්ම බැර කළහැකි නොසන්ඩාලකම්? රාජ්‍ය දේපල විනාශයන්? . ඔලුවේ අසුචි තියන ඉස්සා මම සුදනා මම සුදනා කියන එක හරිද? මිනිස්සුන්ට දේශපාලුවන්ගේ අතීතය අමතක නැහැ. දේශපාලුවන්ට තමුන්ගේ අතීතය අමතක වීමේ මානසික ලෙඩේ තියන විත්තිය හැමෝම දන්නවා.
තමුන් කවුද කියන එකත් අපි දන්නවා. එහෙට මෙහෙට තමුන්ගෙ වාසියට, බලතණ්හාවට වැඩ කරපු දූෂිත දේශපාලුවෙක්නේ...
ජාතික, කළුබෝවිල සහ පිළිකා රෝහල්වලට එන අසරණ රෝගීන්ට නොමිලේ ලැබුණු බත්පතත් නැහැයිලුනේ...