(නාලක සංජීව දහනායක)
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කළ බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතා අද (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.
වත්මන් නායකයන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනෙන් දිනම ජනතාවගෙන් ඈත්වෙමින් තිබෙන බව කී විජේරත්න මහතා මේ මොහොතේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය ජනතාව අපේක්‍ෂා කරන බවද සභාපතිවරයා කීය.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවීමට තමන් කැපවී ක‍්‍රියාකරන බවද ඔහු පැවැසීය.
COMMENTS
එක පක්ෂයක ඉඳගෙන වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගන්න පුලුවන්ද? සාමාජිකත්වය දුන්නු කෙනත් තවම පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙක් නෙවේ නේද? අන්තෝ ජටා බහි ජටා කියන්නේ මේවට තමයි.
වෙන කොහේ යන්නද? ගොම කුරුමිණිය එක ගොම ගොඩක ඉඳලා තව එකකට යනවා විනා...
බුරුවො පනිනවා එහෙ සිට මෙහෙට../// සුනකයෝ පනිනවා මෙහෙ සිට එහෙට..// බුරෝවෝ, සුනකයෝ ගෙම්බන් වැනිය..// තිරිසන් හැත්ත බඩවියතට පනිනවා නොවේද //
එදා ප්‍රශ්නයක් පැමිණි වෙලේ සාටක පොහොට්ටුවේ සාමාජික නොවේ කියා මෙයාගේ අනුගාමිකයන් කිව්වා නේද? මට පෙනෙන්නේ මහරජාණෝ අතරමන් වෙලා වගෙයි නේද බමුණෝ?
මම දැක්කා වාසුදේව නානායක්කාර කියනවා තවම පොහොට්ටුවට කිසිම වැඩපිළිවෙළක් නෑලු. අපේක්ෂකයකු ජනාධිපති වරණයකදි ඉදිරිපත් කරන තෝරගෙනත් නෑලු. ඉතිං අහන්නෙ මහින්ද රාජපක්ෂ මහත්මාටත් බැරි එකෙ තාමත් සාමාජිකත්වය වත් අරගන්නට මොන වැඩපිළිවෙළක්ද?
දන්නා දවසේ ඉඳලා මේ ටික දේශපාලනය කරනවා කියලා කෙරුවේ, අත්තෙන් අත්තට පනින එක මුදලට. නැත්නම් වෙන දීමනාවක් උඩ
අපොයි... සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය, බණ්ඩාරනායක නාමය විනාශයි. සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය මහජන එක්සත් පෙරමුණ වැනි ප්‍රබල පක්ෂවලට ඔය වාමාංශික කියාගන්න දක්ෂිණාංශික කට්ටිය කලේම ඕකනේ...
නිදහස් පක්ෂයට ප්‍රශ්නයක් ආවම කියනවා මම ඒකේ සාමාජික නොවේ පොහොට්ටුවේ සාමාජික කියා. පොහොට්ටුවට ප්‍රශ්නයක් ආවම කියනවා මම පොහොට්ටු සාමාජික නොවේ අහවල් එකේ සාමාජික කියා.
සමහරු පොහොට්ටුවේ සහ ශ්‍රී ල නි පෙ දෙකේම සාමාජිකයන්