(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක වීරරත්න)
රන්ජන් රාමනායක මහතට මන්ත්‍රී ආසනය යළි ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් අත්වල කළුපටි පැළඳ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දෙවැනි දිනයටත් උද්ඝෝෂණයේ යෙදීමත් සමග ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මැතිසබේ කටයුතු විනාඩි දහයකට කල් තබනු ලැබීය.
මේ අවස්ථාවේ ආණඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර උණුසුම් බහින්බස් වීමක් ද සිදුවනු දැකගත හැකිවිය.
සභාවට නොගැලපෙන‘‘බල්ලා,‘‘බූරුවා‘‘, ‘‘පිස්සා“, ‘‘මෝඩයා“,‘‘පරයා‘‘ යනාදිවූ වචනද එහිදී හුවමාරුවිය.
මේ අවස්ථවේ අදහස් දැක් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහතා කැලෑ උසාවියකින් එදා දඬුවම් දුන් අවස්ථාවේ මේ ඉදිරියේ සිටින එදා කතානායක තමාට මේ සභාවට පැමිණීමට ඉඩ නොදුන් බව පැවැසුවේය.
මෙහිදි වහා නැගී සිටි ඇමැති චමල් රාජපක්ෂ මහතා මේ සභාවට එදා ඔබට එන්න ඉඩ දුන්නේ මමයි‘‘ යනුවෙන් පැවැසු අතර මෙහිදී ෆොන්සේකා මහතා ගේ වචනයක් හේතුවෙන් අවේගශිලි වු රාජපක්ෂ මහතා ඔහුට නොසිරුප් වචන වැනිදැයින් බැණ වැඳුණේය.
සරත් ෆොන්සේකා මහතා ද ඒ අයුරින්ම ප්‍රතාචාර දැක්වීමත් සමග ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ඇති වූ බහින්බස් වීම් හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු පිරිසක් මේ අවස්ථාවේදී චමල් රාජපක්ෂ මහතා වටකරගෙන පාලනය කරගත නොහැකි වීම නිසා කතානායකවරයා මේ අවස්ථවේදී සභාවේ කටයුතු විනාඩි දහයක් කල් තබනු ලැබීය.
කල් තැබුණු පාර්ලිමේන්තුව විනාඩි දහයකට පසුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ වූ අතර න්‍යාය පත්‍රයේ අනෙකුත් කටයුතුවලට එහිදී සාමකාමී ආකාරයට යොමුවනු දැකගත හැකිවිය.
කල්තැබුණු පාර්ලිමේන්තු සභාවාරය විනාඩි 10 කට පසු යළි ආරම්භ කළේය .
( සුජිත්හේවාජුලිගේ )
රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් වාදයක් හේතුවෙන් මැති සබය විනාඩි පහකට කල් තැබීමට අද (08) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය .











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර්ලිමේන්තුව නැති කරලාම දමන්න. මෙයා කොහොමද කතානායක කම් කරන්නේ...? රාජපක්ෂ නම කියනකොටත් බයයි...
අනිවාර්යයෙන් රංජන්ට බයවිය යුතුයි. මොකද පිල්ලෙයාන්ව හරිමගට ගන්න පුළුවන් වුණත් රංජාව හරිමගට ගේන්න බැහැ.
මියන්මාරය මතක් කරගන්න කියලා මුන්දැලාට යෝජනා කරනවා...
රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවේ ඇහෙන්න දැම්මා නම් ඔක්කොම වාඩිවෙනවා.
මේ අය රටටම ආදර්ශයකි.
ඔතන ඉන්න ඔක්කොම ඔය කියවුණයි කියන නම්වල අය තමයි.
ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුවට ගිය උගතුන්, එයාලගේ ප්‍රශ්න විසඳගන්න පොරකන හටි දැක්කාම මුලු රට ගැනම දුක හිතෙනවා..
ඉතින් ඔවුන්ට සුදුසු හා ගැලපෙන වචන ඔවුනොවුන් භාවිතා කර ගැනීමේ කිසිදු වරදක් නැහැනේ. සුදු ඇඳුමෙන් හෝ ටයි කෝට් එකෙන් දුර්ගුණ වහගන්න කාටවත් බැහැ. ඇතුලේ ඉන්න නියම සතා තමයි ඉබේටම එලියට පනින්නේ. වැදගත් කමක් ගෑවිලාවත් නැහැ. ඒ වුණාට,දේශපාලන වහල්ලුන්ට නම් හිතේ අමාරුව හැදෙනවා ඇති මේ රණ්ඩු දැකලා.
සුදුස්සාට සුදුසු නමින් ගෞරව දක්වා කතාකිරීම. රෙස්පෙක්ට් මන්ත්‍රී වරුනි. මහජන මුදලින් නඩත්තු වෙන නුබලා මහජනතාවට සේවය කිරීම ඇති කාලය මෙසේ විනාශ කිරීම ගැන කනගාටුයි. නිරයේ දොරටුව නුබලා වෙනුවෙන් 24 පැයම විවෘතයි.
පාර්ලිමේන්තුව කියන්නේ සත්තු වත්තටත් අන්ත තැනක්... පහුගිය කාලේ අය හැසිරුණු හැටි ලෝකෙම දැක්කා.. නම් නොකියපු සත්තුත් ඔතන ඉන්නවා. කොටියා, සිංහයා, නරියා, නයා, පොළඟා වගේ අය...
සරත් ෆොන්සේකා අඩු වශයෙන් යුද්ධය දිනලා දුන්නා.
බල්ලන්ට සහ බූරුවන්ට අපහාස කිරීම ගැන කණගාටු වෙමි. ඉතිරි වචන ඒ සභාවේ සිටින අයට ඉතාමත් කදිමටම ගැලපේ..
අසත්‍යය රජවී මෝහෙන් මුලාවූවන් සත්‍යය වළලා යන මේ ගමන වේගවත් කරන්න නම් රන්ජන්ලාවද වළලා දැමිය යුතුමයි. මොවුන්ට රන්ජන්ගේ වචන නයාට භූමිතෙල් වැනිය. සර්ගේ එඩිතරකම නම් මනාව බැබලෙනවා.
‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ රටේ උත්තරීතර ස්ථානයක් වන පාර්ලිමේන්තුව තුළ සිට සියලුම වරප්‍රසාද භුක්ති විදිමින්, ඔවුන්ගේම වචන වලින්ම හඳුන්වාදෙන ඉහත සඳහන් නම්වල අන්තර් ගත අවේනික ලක්ෂණ ඇති ඊටත් වඩා නොහික්මුණු හා වන මෘර්ගයන්ටත් වඩා භයානක මෙවැන්නන් නැවත නැවතත් තෝරා පත්කරන්නන්ට කියන්න නම් සිංහල භාෂාවේ නැත. අහෝ දෙවියෙනි ඔබ කොහිද? ‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ න්ගේ ප්‍රශ්නද? පොදු ජනතාවගේ ප්‍රශ්න ද ? පොදු ජනතාවගේ වියදමින් විසඳන එකම රට මේරට පමණය. අය්යෝ ...අභය!
ඔය බොරු මල්ලි, එයාලා ඔක්කොම යාළුවෝ මල්ලී. අපි පව් මල්ලි...
මොනව වුණත් අද තමයි උන් උන් ගැනම ඇත්ත කතා කරල තියෙන්නේ. ඔය නං වලින් හැදින්වෙන උන් තමයි දැන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ.
ඇත්තටම වැඩ පෙන්නලා තියෙන ඔතන සිටින එකම කෙනා සරත් ෆොන්සේකා පමණයි.
මේ ගොබ්බ දේශපාලකයින් 225 එදත් සත්තු වත්තේ ඉන්නවා වගේ තමයි වැඩ කළේ. ඒක අද කියලා වෙනසක් නැහැ. මේවා බලලාවත් අපේ රටේ වහල්ලු හැදෙනවා නම් තමයි හොඳ. නැතිනම් බොලීවියාවේ පාර්ලිමේන්තුවේ තත්වයට පත්වෙන එක අහන්න දෙයක් නෑ. මේ හරක් ටික ගස් බඳින්න ඕනි කාලය ඇවිල්ලා තියෙන්නේ... ඊළඟ ඡන්දෙදීවත් රටේ ජනතාවට නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මෙයාලාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
මේ වගේ බල්ලෝ ,බූරුවෝ,පිස්සු,මෝඩයෝ ඉන්න,කිසිම චාරයක් නැති දේශපාලුවෝ ඉන්න පාර්ලිමේන්තුවක් ලෝකයේ කිසිම රටක නැතුව ඇති .ලැජ්ජයි.,හිරිකිතයි ,නින්දිතයි .
මෙයාලා දන්න එකම දේ සතුන්ගේ නම් කියමින් බැනගන්න එක පමණයි. රට දියුණු කරන්න කිසිම දැනීමකුත් හැඟීමකුත් නැහැ.
‘‘බල්ලා,‘‘බූරුවා‘‘, ‘‘පිස්සා“, ‘‘මෝඩයා“, අමුතුවෙන් කියන්න දෙයක් නැ මේ සේරම ඉන්නේ පාර්ලිමේන්තුවේ