(මහින්ද නිශ්ශංක)
 
පාන් රාත්තලක් සඳහා වැඩි කළ රුපියල් 2.00 ක මිල අද(12) මධ්‍යම රාත්‍රියේ සිට නැවත අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
 
වැඩි කළ තිරිඟු පිටි මිල නැවත අඩු කිරීම හේතුවෙන් පාන් මිලද අඩු කරන බව ඒ මහතා කීය.