
(ඉන්දිකා රාමනායක)
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත.
හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය ඊයේ (18) දිනයෙන් අවසන්වීම හේතුවෙන් ජනාධිපතිවරයා මෙම නව පත්වීම සිදුකර ඇත.
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙයට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන ලදී.
වන්නි මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකයට අණ දෙමින් ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ දක්ෂ නිලධාරියකු වශයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පිදුම් ලබා තිබුණි.
ශවේන්ද්‍ර සිල්වා මහතා මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.
COMMENTS
ඉතාම හොද තේරීමක්. මේක මීට ඉස්සෙල්ල වෙන්න තිබ්බේ.
මාතෘභූමියට ජයවේවා!!....
රට තුළ සිදුවිය යුතු වෙනස්කම් සිදුවෙමින් පවතී. මගේ රට දීනේවා ! ඔබට අපේ උණුසුම් සුභ පැතුම් !
කට්ටඩියා තොවිලේට අාවා. යක්කු පරිස්සමින්...
හදවතින්ම සුභ පතනවා . ඔබට තෙරුවන් සරණයි !
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් !!!! අභීත රණවිරුවෙක් ලෙස නම් දරා සිටින ඔබට ඉදිරියේදීත් එලෙසම අහිංසක පුරවැසියන්ගේ බදුමුදල් වලින් වැටුප් ලබන මහජන සේවකයෙක් හැටියට නිර්භීතව අවංකව තම මාතෘ භූමියට සේවය කිරීමට හැකි වේවා !!!!!
ඔබට සුභ පැතුම් . ඔබ වැනි අය රටට අවශ්‍යයි .
හොඳ වැඩක් නියම ජාතික වීරයෙක් . මගේ සුභාශිංසන මහතාණනි .
තීරණය නිවැරදිද?
යාන්තන් ඇති. කලකට පස්සේ හිටන් පිස්සු තීරණ නැතිව නිවැරදි තීරණයක් අරන් තියනවා...
තෙරුවන් සරණයි ඔබතුමාට.. රටට, දැයට සේවයක් කළ සේවයක් කරන්න පුළුවන් මිනිස්සු..!!! ජයවේවා!!!
අභීත රණවිරුවෙක් හැටියට ඉදිරියටත් කටයුතු කරන්න ලැබෙයි... හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි.
ඔබතුමා රටට කල අනර්ඝ සේවය අගේ කරමු. ඔබට ජය...!!!
ඔබ රජරටත් නියෝජනය කරමින් පාසැල් අධ්‍යාපනය ලැබූවෙක්... ඔබට උණුසුම් සුබපැතුම්..!!!
උණුසුම් සුභ පැතුම් ඒක්කරමි ඔබතුමාට ! කාලයටම උචිත සෙන්පතියෙක්...සතුටුයි සුදුස්සාට සුදුසු තැන ලැබීම පිළිබදව .
යුධ අපරාධ චෝදනා ගොඩක් තියන අය මෙහෙම පත් කළාම රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වෙනව නේද ?
තීරණය හොඳයි. ඒත් කොච්චර කාලෙකටද?
පූජිත ජයසුන්දර මහතා පොලිස්පති තනතුරට පත්වනතුරුම ඉතාමත් ජනප්‍රිය, දක්ෂ, නිහතමානී, නීතිගරුක නිලධාරියෙක් ලෙස නම්දරා සිටියා. එහෙත් එතුමා පොලිස්පති වී නුවර පෙරහරේ නටන්න ගියා, වේදිකාවේ සිංදු කිව්වා, තව නොයෙකුත් තනතුරට නොගැලපෙන දේ කරන්න ගියා. ඔබට එසේ නොවේවා..!
ඔබට මාගේ සුබපැතුම්... ඉතා නිවැරදි පත්වීම.
සිංහ පරපුරේ තවත් සිංහයෙක් කරලියට ජයවේවා...!!! නරි හිවල්ලුන්ට හැංගෙන්න තැන හොයාගන්න වෙයි.
අර අපේක්ෂකයාට නම් එයා හමුදාපති වුණාවගේ දැනෙනවා ඇති. වැඩබලන පොලිස්පතිත් ඒ අපේක්ෂකයාට සුබපතපු එකේ අනිත් කට්ටිය ඡන්දෙ දිනලා හමාරයි.
දෑසට කඳුළු උනන තරම් සතුටක්. මෙතුමා අපට තවත් රජෙක්. තෙරුවන් සරණයි මගේ උතුම් මාතෘ භූමියට. ස්තුතියි ජනාධිපතිතුමාට...!!!
සුබ පැතුම්..!
හොඳවැඩක්... රටේ ආරක්ෂාව හොඳ අතට යනවා. ජයවේවා...!!!
අද හමුදාපති හෙට ආරක්ෂක ඇමති ගෝඨා සැලසුම් අංක 1.. අපේ සුබපැතුම්.. යූ.එන්.පී. දේශපාලන දුර්වල නිර්දේශ අවසාන වී ඇත.
හරිම ආඩම්බර සතුටක් දැනුනේ මේ සිදුවීම දැක්කම... හරි දේ වෙන්න පරක්කු වෙන එක තමයි දුක... අවස්ථා කීපයකදී දේශපාලන නායකයන් සතුරන්ට අතටඅත දෙන කොට පස්සට වෙලා අතනොදී ආඩම්බරකමට ඉදපු නියම සිංහලයෙක්... උපන් රටට ණයක් නැති ඇත්ත කතාකරන නියම නායකයෙක් බව මැයි 18, 2009 දින ලංකාවටම ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපු නියම වීරයෙක්... හදවතින්ම සුබපතනවා. දේශපාලනයට යටනොවී කෙලින් වැඩකරන්න ශක්තිය ලැබේවා..!!!
අපේ කාලයේ වීරයෙක්. උතුම් ගතිගුණ තියෙන නියම ශ්‍රී ලාංකිකයෙක්. මගේ සුබපැතුම් ...!!!
සැබෑ හදවතින්ම සුබපැතුම්!!! අනෙකුත් "ෆීල්ඩ් මාෂල්ලා" "ජෙනරාල්ලා" මෙන් නොව, බොරු සංදර්ශන නැති, නිහඬ, නිහතමානී ඔබතුමාට මෙම "හමුදාපති ඔටුන්න" සැබෑවටම ගැලපේ...
දෙවන ලෝක යුද්ධයෙන් පසු වැඩිම දුරක් පාබල හමුදාවක් මෙහෙය වූ ඔබතුමා රටට ආඩම්බරයක්... ඒ වගේම අනෙකුත් නොදැමුණු හමුදාපතිවරුන්ට, ජෙනරාල්ලාට, ෆීල්ඩ්මාෂල්ලාට ආදර්ශයක්... ඔබතුමාට තෙරුවන් සරණයි.. !!!
පනින්නට පෙර සිතා බැලිය යුතුයි කියලා කියමනක් තියෙනවා...
තෙරුවන් සරණයි. මව්බිම සුරැකෙනු ඇති. දෙයක් වේ නම් යම් සුදුස්සාටම හිමිවිය යුතුයි.
සුභ පැතුම් සර්
ගජබා කට්ටිය රඟපාන්න හරිම දක්ෂයි. මෙයා සහ නන්දිකඩාල් නවකතාකරුගේ වැඩ සහ දිවිලි අපි දැක්කේ කොකාවිල් ඉඳලා. දන්නෝ දනිති. අපි නොදන්නා මොනර තැන්න...
රටේ ආරක්ෂාව කෙසේවෙතත් හෙට, අනිද්දා එක්සත් ජාතින් අපිට සම්බාධක දැම්මොත්.. කාලා වරෙල්ලකෝ..
ඔබතුමාට අපගේ සුභාසිංසනය. ඔබතුමාගේ කාර්ය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!
හොඳවැඩක්.. රටේ ආරක්ෂාව හොඳ අතට යනවා. ජයවේවා...!! හදවතින්ම සුබපතනවා..
හොඳවැඩක්... රටේ ආරක්ෂාව හොඳඅතට යනවා. ජයවේවා...!! හදවතින්ම සුබපතනවා .
කොළඹ නොවන පාසලකින් පැමිණි පළමු යුද හමුදාපති. බෙල්ල කැපිලා ගියත් හරි දේ විතරක් කරන්න සර්... සොල්දාදුවාගේ වගකීම දේශපාලකයාගෙන් රට ආරක්ෂා කර ගැනීමයි.
ඔබතුමාට තෙරුවන් සරණයි...!
ඔන්න මම ජීවිතේට දැකපු හාස්කමක් ලංකාවේ. පළමු වරට සුදුස්සාට තැනදීම.. හරියට හරි මේ තීරණය... ජෙනරාල්තුමා ඔබට තෙරුවන් සරණයි... ජයවේවා...!!!
දැන්නම් හිටන් විකාර කරන එක අඩුවෙලා වගේ පේන්නේ..
සුපිරි වැඩ්ඩෙක්...!!!!
රටපුරා පල්ලි වලින් කඩු දහස් ගණන් අල්ලද්දී ඒවා මාධ්‍යවල නොපෙන්වන ලෙසත්, මාධ්‍ය ඒ ගැන ප්‍රශ්න කරන විට" මගේ ගෙදරත් කඩු පහක්ම තියනවා... ඕවා සුළු දේවල් "තවද" අහවල් ඇමැතිතුමා මට 5 වරක් කෝල් කලත් ඔහුගේ අත්අඩංගුවට ගත් නෑයා නිදහස්කරන්න කියා කිසිවිට බලපෑම් කලේ නැහැ " මෙවැනි විහිලු සහගත කියමන් ඔබතුමාගේ සේවා කාලයේදී කිසිවිට අසන්නට නොලැබේවායි කියා ඔබට සුබපතමු...
කොබ්බැකඩුව, සරත් ෆොන්සේකා සහ ඔබ ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදාවල විරුවන්ගේ නම් අපේ ඉතිහසායේ රන් අකුරින් ලියවී හමාරයි. බුදු සරණයි ඔබට.!!!
කලගුණ සැලකීමක් විදියට ඉතාම හොඳ දෙයක් කලේ. නමුත් එතුමා එදා ත්‍රස්තවාදීන් සමග යුද්ධකර බේරාගත් රටට අද සිද්ධ වෙලා තියෙන්නේ දියුණු රටවල වෙළඳපොල දිනාගනිමින් කළයුතු ආර්ථික යුද්ධයක්. යම් විදියකින් එතුමාගේ පත්වීම ඒ ආර්ථික යුද්ධයට කඩතුරාවක් බව එතුමාට වැටහෙනවා නම්, එතුමා මේ යුද්ධයෙන් රට බේරාගැනීමට රටට සහායවීමට ගතයුතු පියවර ගනීවි යයි සිතෙනවා. නමුත් එතුමා මේ තනතුරට පත් කිරීම සහ එම ගෞරවය ලබාදීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වුණා. දැන් ඒ ක්‍රියාව සම්පූර්ණයි. එතුමාගේ ඉතිරි කාලය අභිමානවත් ලෙස විශ්‍රාමිකව ගත කිරීමට, හැකියාවක් ඇතිනම්, නම් ජනරාල් තනතුරක් වුණත් දීමේ වරදක් නොපෙනේ...
හොඳටම යුද පලපුරුදු ඇති නිලධාරියෙකි.
හොඳම තීරණයක්... මෙතුමාට මේ තැන දීම. පර සුද්දන්ට පුදුම අමාරුවක්නේ තියෙන්නේ අපේ රට ගැන. ඔවුන්ට මොකද අපේ රටේ නියම වීර සිංහලයන් නියම තැනට එන එක ගැන තියෙන්නේ. මේක අපේ රට. පර සුද්දන්ගේ රටක් නෙමෙයි මේක.
අපේ රටේ හමුදාපතිවරයා පත්කරන්න ඕනෑ අපේ රටට ඕනෑ විදියට මිසක් ඇමෙරිකාවට ඕනෑ විදියට නෙවෙයි. අපගේ උණුසුම් සුබපැතුම්...!!! කාලෙකට පස්සේ සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියෙනවා. ඔබතුමාට පැවරුණු වගකීම නොපිරිහෙලා ඉටුකරන බව අපි දන්නවා. ඔබට ජය යුද හමුදාපතිතුමනි. කොහොමත් මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මේ රට හදන්න අවංක ඕනෑකමක් තියන ජනාධිපතිවරයෙක් කියලා අපි දන්නවා. නමුත් රටේ අවාසනාවට එතුමා වික්‍රමසිංහ මහත්තයාගේ ගැටේට අහුවෙලා 19වෙනි සංශෝධනයෙන් එතුමාගේ බලතල අඩුකරගත්තා. එහෙම නොවුණානම් මේ වෙනකොට මේ රටේ ගොඩක් තැන් නිවැරදි වෙලා..
විය යුතු දේ පසුව හෝ වීම ගැන සතුටුයි. පෙරළියක පෙර නිමිති පෙනෙමින් පවතී. ඔබට තෙරුවන් සරණයි!
මෙතුමා හමුදාපති තනතුරට පත්කිරීමට සමහර රටවල් සහ ජාත්‍යන්තර ආයතන දැනටම අවි අමෝරාගෙන සිටිනවා. ඒ රටවල් පැත්තෙන් ගත්තහම මොහු ප්‍රභාකරන් විනාශ කිරීමෙන් කලේ ඒ රටවල්වල අභිමතාර්ථයට විරුද්ධව යාමක්, එරටවල් පැත්තෙන් ගත කල ඔවුන්ගේ රටවල පරමාර්ථයන් අභිලාෂයන් ඒ රටවල උන්නතිය සඳහායි. එමෙන්ම ලංකාව පැත්තෙන් ගත කල ශවේන්ද්‍ර සිල්වා කලේ ලංකාවේ අභිමතාර්ථයන් සහ උන්නතිය වෙනුවෙනුයි. ඔය සිද්දිය දිහා බලන්නේ කොයි රටේ සිටද කියන එක මත ශවේන්ද්‍ර සිල්වා වීරයෙක්ද, ද්‍රෝහියෙක්ද කියන එක තීරණය වෙනවා. කෙසේ වෙතත් අපේ රටේ ආර්ථික උන්නතිය සඳහා මේ කියන රටවල් සමග ගනුදෙනු කිරීමට සිදු වෙනවා. ජාතික අදායමින් සියයට හැත්තෑ පහකටත් වඩා වැඩියෙන් ණය වාරික ගෙවන රටක්, එදිනෙද වියදම් පියවාගැනීමට තව තවත් දිගින් දිගටම ණය ගන්න රටක් ලෙස මේ අවස්ථාවේ ජාති මාමකයින් පිනවා පලක් වෙයි සිත බැලීම කල යුතුයි. එමෙන්ම ශවේන්ද්‍ර සිල්වා මහතාගේත් වගකීම විය යුත්තේ රටේ ආර්ථික උන්නතිය තකා සුදුසු පියවරක් ගැනීමයි.
මාතලේට අභිමානයක් .... සුභ පැතුම් .....
මෙතුමා යුද්ධ කෙළේ අැමරිකා උපදෙස් අනුව ෙනාෙවයි. එදා වෙග්ම අභීත ගමනක් යමු. අපි සුබ පතමු.
අභීත මෙතුමා මේ තනතුරට පත්වීම ගැන මුළු රටම සතුටට පත් වෙනවා ..
ඔබට ජයෙන් ජය . දෙවි පිහිටයි
ජයෙන් ජය ඔබ අද එදා වගේම කැපවීමෙන් රට වෙනුවන් සේවය කරන්න ශක්තිය දිරිය ලැබෙවා පතමි.
ඔබ තුමාට උණුසුම් සුභ පැතුම්!
වසර 32 ක දරුණු කුරිරු මෙලෙජ්ජ ත්‍රස්තවාදය නිමා කිරී මට ඔබදුන් දායකත්වය සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් සනිටුවහන් වේ. නව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමනි මේ උණුසුම් සුභ පැතුම් එක්කරන්නේ ප්‍රංශයේ සිට රොහාන් දයාදර
තීරණාත්මක පණිචිඩයකි. ජනපතිවරණයට මුල පිරේවි.
ලංකාවේ හමුදා ප්‍රධානියා ප්‍රකට යුද අපරාධ කාරයෙක් නිසා ඇමරිකාවට ලංකාව සමඟ මිලිටරි සම්බන්ධතාවයක් තියා ගන්න බෑ. ඩො. මිලියන 480ක MCC ප්‍රදානයත් නතර වේවි... ආයෝජකයෝත් පස්ස ගහවි... ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලංකාවට බරපතල අනතුරු ඇඟවීමක් කියා රොයිටර් සේවය වාර්තා කරලාලු... බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාව සිය හමුදාවේ ප්‍රධානියා ලෙස පත්කිරීම එක්සත් ජනපද හමුදා සහයෝගීතාවයට සහ එක්සත් ජනපදය ලංකාවේ කරන ආයෝජනයට බලපානු ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පසුගිය අඟහරුවාදා අනතුරු ඇඟවූූ බව වොෂිංටනයේ සිටින රොයිටර් වාර්තාකරු පවසයි. “මෙය අධික උණුසුම් දේශපාලන වාතාවරණයක් ඇති කරවන අතර සමහර දේශපාලන කණ්ඩායම් ජාතිවාදී කාඩ් ක්‍රීඩා කිරීමෙන් බොහෝ වාසි ලබාගත හැකි යැයි හැඟේ” යි එම නිලධාරියා පැවසීය. "මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පැහැදිලි හා මනාව ලේඛනගත කර ඇති ජෙනරාල්වරයෙකුගේ ප්‍රවර්ධනය තුළින් එකී ජාතිවාදී කාඩ්පත ක්‍රීඩාකිරීම අවාසනාවකි. මේ පිළිබඳ අපි ගැඹුරින් කරදර වෙනවා. "ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා කීවේය. කියා වාර්තා කර ඇත...