IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දළදා පෙරහර නැරඹීමට පැමිණෙන සියලු බැතිමතුන් විශේෂ පරීක්ෂාවකට

(චමිල් රූපසිංහ)

වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වෙන දිනයන් හි දී පවතින ආරක්ෂක තත්ත්වය මත කිසිඳු අයෙක් මහමළුව තුළ රඳවා නොගන්නා බවත් පෙරහර නැරඹීම සඳහා මෙවර දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුව වෙන් නොකරන බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

පෙරහැර සංවිධාන කටයුතු පිළිබඳව අද (18) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ බහු කාර්යය ගොඩනැගිල්ලේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව පැවැසීය.

අගෝස්තු මස 2 වන දින අලුයම 5.10 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සිදු කිරීමෙන් මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන බවත් එතැන් සිට අභ්‍යන්තර පෙරහර පහක් සිව්මහා දේවාලයන්හි සිදුවන බවත් අගෝස්තු මස පස්වන දින සිට එම මස නවවන දින දක්වා පුරා දින පහක් කුඹල් පෙරහර වීදි සංචාරය කරන බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.

අගෝස්තු මස 10 දින සිට 14 වන දින දක්වා රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීම සිදුවන අතර අගෝස්තු මස 15 වැනි දින අලුයම යෙදෙන සුබ මොහොතින් දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමෙන් අනතුරුව දහවල් පෙරහර පවත්වා පෙරහැර සාර්ථකව නිමාවට පත්වූ බව සඳහන් සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බවද ඒ මහතා කීය.

පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා පැමිණෙන සියලුම සැදැහැවතුන්  පරීක්ෂාවට ලක්වන බවත් එහිදී ජනතාවගේ සහයෝගය අවශ්‍ය වන්නේ ඒ සියල්ල සමස්ත ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීමට දායක වන නිසා යැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

දළදා පෙරහර නැරඹීමට පැමිණෙන සියලු බැතිමතුන් විශේෂ පරීක්ෂාවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site