(නිමල කොඩිතුවක්කු)
ථෙරවාදී පාලි ත‍්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර ඇත.
මහාචාර්ය මැදගම්පිටිය විජිත නන්ද ස්වාමින් වහන්සේ, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී. විජිත නන්ද කුමාර්, ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් පේ‍්‍රමලාල් රත්නවීර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, මහාචාර්ය කේ.ඞී. පරණවිතාන, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය පී.බී. නන්දදේව, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුථ විද්වත් පිරිසකගෙන් එම කමිටුව සමන්විත වේ.
COMMENTS
"අතකින් ත්‍රිපිටකය අතකින් පෝරකය" කියනවා ඇහුනා.
ත්‍රිපිටකය කියන්නේ අපේ ආගම.. පෝරකය කියන්නේ නීතිය.. තේරුණා නේද? සිරිමල්...
ඔය විදියට යනකොට තව කාලෙකින් අපට ත්‍රිපිටකයේ කොටසක් උපුටා ගන්නත් වුනොත් එකේ අයිතිය වෙනුවෙන් පිටරටකට ගානක් ගෙවන්න වෙයි. ඔය තියෙන විදියටම ත්‍රිපිටකය තිබුනොත් හොඳයි කියලයි මගේ හිතේ. බලන්න ඕන කෙනෙකුට, කියවන්න ඕන කෙනෙකුට, මෙහෙ ඇවිත් කියවල යන්න කියන්න. පහුවෙලා ධර්ම සංගායනාවක් තියල ත්‍රිපිටකයට කිසිම සංශෝධනයක් ගෙනෙන්නවත් බැරුව යනවා ඔය වැඩෙන්.
ඊට පස්සේ හාමුදුරුවරුන්ගේ විනය පිළිබද සොයා බලන්න යුනෙස්කෝවට බලය ලැබෙනවා. විදෙස් රටවල වාසය කරන ස්වාමින්වහන්සේලා සංඝ විනය අකුරටම පිළිපැදිය යුතුයි. ලංකාව තුලත් එහෙමයි. නැත්නම් විනය කඩකරන හාමුදුරු කෙනෙක් අහුවුණාම ඔවුන් ලේසියෙන් අත අරින්නේ නැහැ. දැක්කනේද සිංහරාජ අලි ඉවත් කරන්න ගිහින්, ගාලු කොටුවේ ගොඩනැගිලි ගහන්න ගිහින් වුනුදේ.
ඔය ත්‍රිපිටකය ලෝක උරුමයක් කරලා මහා ලොකු තැනක් ගන්න දඟලනවාට වඩා එය හැමෝටම පරිශීලනය කරන්න හැකිවන අන්දමේ වැඩ පිළිවෙලක් යොදන එකයි කරන්න තියෙන හොඳම ප්‍රඥාගෝචර වැඩේ. ඔය කියන පන්සල් ඔය ත්‍රිපිටකයේ රතු පොත් 57 කිසිවෙකුටත් ගත නොහැකි සේ පොත් රාක්ක තුල දොරගුළු දමා තිබෙන හැටි බොහෝ පන්සල්වලට ගිය විට දැකගත හැක. ඒ තථාගතයන් වහන්සේ වදාළ උතුම් ධර්මය අඩංගු ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමින් සෝබන වැඩ නොකර එහි තව තවත් පිටපත් මුද්‍රණයකර මහා ජනතාව අතර බෙදා හැරීමයි කල යුත්තේ.
ත්‍රිපිටකයේ තිබෙන පරස්පර විරෝධතා සහ බුදු සමයට නොගැලපෙන තැන් රාශියක් අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් පෙන්වා දී තිබෙනවා. එතුමාගේ "පාලි සාහිත්‍යය " සහ අටුවා පරීක්ෂණ" යන පොත් බලන්න. චන්ද පරිත්ත, සුරිය පරිත්ත යන සුත්‍ර අද්භූතයි. ඒවා සියමේ සංඝනායක තුමාගේ මැදිහත්වීමෙන් සියම් ත්‍රිපිටකයෙන් ඉවත් කල බවත් කියා තිබෙනවා. සමහර සුත්‍රවල කියවෙන්නේ "සත් බුදුවරයන්" ගැන පමණයි. "සුවිසි" බුදුන් ගැන තවත් සුත්‍රයක තිබෙනවා. එක සුත්‍රයක "චත්තාලිස සමා දන්තා - කේසා ලොමාච සබ්බ සෝ/ දේවෝ හරින්සු එකෙකන් - චක්කවාල පරම්පරා" කියා තිබෙනවා. එහෙම නම් දන්ත දාතුන් වහන්සේලා මේ ලෝකේ තියෙන්න බැහැනේ! ත්‍රිපිටකය ගැන දැනුමක් නැති අපේ බෞද්ධයන් එයට ධාතු කරඬුවකට මෙන් වන්දනා මාන කලාට බටහිර විද්වතුන් එය කියවනවා. ඒ ගැන අදහස් ප්‍රකාස කරනවා! ත්‍රිපිටකය කියන්නේ මොකද්ද කියලා තරමක් හෝ දන්නා බෞද්ධයින් මේ රටේ කී දෙනෙක් ඉන්නවාද කියන එකත් සැකයි!
මේ තාක්ෂණික ක්‍රියාවලිය මොකක්ද දන්නෙ නෑ. හැබැයි ජොන්ස්ටන්ගෙ නඩු 4ක් ම අයින් කරගෙන තාක්ෂණික පහසුකම් නෑ කියල.
කාලයක් ත්‍රිපිටකය තිබුනේ අල්මාරිවල අගුලු දාලා. ත්‍රිපිටකය කියවා එහි තිබෙන කරුණු තමන්ගේ ජීවිතයට ඉවහල්කරගෙන මේ සංසාරයෙන් ගොඩයන්න මිසක මේවා ලස්සනට තබා ගන්න හෝ ලෝකයට ප්‍රදර්ශනය කර කර ඉන්න නෙවෙයි.
ත්‍රිපිටකය තියෙන්නේ ජාතික උරුමයක් කරන්නවත්, ලෝක උරුමයක් කරන්නවත්, වදින්නවත් නෙවෙයි. කියවලා බලලා බුද්ධ දේශනාව තේරුම් අරගෙන ඊට අනුව යමින් අරි අට මග වඩමින් නිවන් දකින්න. මේ කරන කිසිවක් බුද්ධ දේශනාව නෙවෙයි. ත්‍රිපිටකය කියවා නැතිකමින් මිත්‍යා මත කරපින්නාගෙන කරන දේවල් .
ත්රිපිටකය ලොක උරුමයක් කරලා වැඩක් නැ ලංකාවේන් බුදුදහම තුරන් වෙන විදියට වැඩ කරලා පසුව කියයි බදු දහම නැති උනාම මොකද අපි ත්‍රිපිටකය ලොක උරුමයක් කරා කියලා දුශ්කර පලාත් වල තියන පන්සල් දියුණු කරල වැඩ සිටින ස්වාමීන් වහන්සෙලාට අඩු පාඩු සකස්කර දිලා මිනිසුන්ව දහමට යොමුකළ යුතුයි. මිනිස්සු අමාරුවෙන් ජිවත් වෙන්නෙ. බදු බර ඔලුවටත් උඩින්. නිකාය වල මහානායක හිමිවරු සමාන්‍ය මිනිහෙක් දකින්නෙ රූපවාහිනියෙන් විතරයි. එහෙම රටකට ඇති එකම අඩුපාඩුව මේක විතරයි. යුනිස්කො එකෙන් ලොක උරුම හැටියට පිලිගන්නෙ මොනවද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද අසරණ මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනිය නරන්න කලින්.
වර්තමානයේ ත්‍රිපිටකය පරිශීලනය කරන ගිහි පැවිදි පිරිස වැඩි වෙලා තියනව. ඒක බොහොම හොඳ දෙයක්. ත්‍රිපිටකය කියවන්න පොත් 57 මුදලට ගන්නම ඕන නෑ. ත්‍රිපිටකය ඔන්ලයින් තියනව. ත්‍රිපිටකය සාහිත්‍ය ග්‍රන්ථයක් සේ හදාරා නොගැලපීම්, පරස්පරයන් හොයන්න නොගිහින්, නිවන් මගට උපකාරයක් කර ගන්නට හැමට හිත් පහල වේවා. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු දේ ත්‍රිපිටක තුල කිසිම අඩුවක් නැතිව තියනවා.
ත්රිපිටකය හරි හැටි දකින්නනම් නිරපෙක්ෂත්වයේ මග වෙබ් අඩවියේ තියෙන ධර්ම දේශනාවලට සවන් දෙන්න.
වැඩේට කෝටි 57 ක් වියදම් වෙනවා කියලා වෙබ් අඩවියක කියලා තිබුනා. ඒකෙන් කී දෙනෙකුට සෙතක් සලසෙනවද? "බහු ජන හිතාය, බහු ජන සුඛාය .. ලෝකානුකම්පාය"!