(එම්.කේ. නන්දසේන)
රටපුරා සියලුම තැපැල් සේවකයින් අද (22) වැඩ වර්ජනයට එක්වී තිබුණද කතරගම තැපැල් කාර්යාලයේ සේවකයින් පමණක් සේවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණ.
කතරගම තැපැල් කාර්යාලයේ නියෝජ්‍ය තැපැල් ස්ථානාධිපති ආර්. දයානන්ද මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අද (22) සේවයේ නිරත වූහ.
කතරගම තැපැල් කාර්යාලයේ නියෝජ්‍ය තැපැල් ස්ථානාධිපතිවරයා 2012 වර්ෂයේදී දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස්වීම් ලබා ඇතැත් ඊට අදාළ වැටුප් තලයන්හි පිහිටුවීමට වෘත්තිය සමිති කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා එම සමිති පිළිබඳව විශ්වාසයක් නොමැති වීම හේතුවෙන් මෙසේ සේවයේ යෙදී සිටි බව අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් ලිපි බෙදන කාර්ය මණ්ඩලයෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ නියෝජ්‍ය තැපැල් ස්ථානාධිපතිවරයා සේවයේ නිරතව සිටින නිසා තමන්ද සේවයට වාර්තා කළ බවයි.
කෙසේ වෙතත් තැපැල් කාර්යාලය විවෘත කර මහජන සේවාවන් ඉටු කිරීම පිළිබඳව ප්‍රදේශවාසීහු සිය සතුට පළකර සිටියහ.
COMMENTS
තැපැල් වර්ජනය කරන්නේ කුරියර් ආයතන වලින් ජරාව ගත්තු නිලධාරීන් විතරයි. ඔවුන්ගේ වර්ජනය නිසා රජයට ආදයම අඩුවී කුරියර් ආයතනවලට මේ දිනවල ආදායම වැඩිකර දී ඇත. වහාම වර්ජනය සන්විධානය කළ අය සේවයෙන් ඉවත්කරන්න.
10 වෙනකොට ගෙදර යන්න පුළුවන් රැකියාව. ගෙවන වැටුපත් වැඩියි.
මෙන්න ආදර්ශමත් අනිවාර්යයෙන්ම වෘත්තිය සමිති නායකයකු කල යුතු අයෙක්. වර්ජනය කිරීමෙන් තම රාජකාරිය ඉතාම හොඳින් හා ඊට වැඩි යමක් කිරීමෙන් පාලන අධිකාරිය අපහසුතාවයට පත්කල හැකිය. පාලන අධිකාරිය හැමවිටම පොඩි කෙනාට එක හැන්දක් බෙදුවොත් තමන්ට හැඳි දෙකක් බෙදාගන්නවා. මේ හා සමාන ක්‍රමයක් ජපානය තුල ක්‍රියාත්මක නිසා එරට වර්ජනයන් පාලක පක්ෂ විසින් ඉක්මනින්ම විසදනවා. නැතිනම් පාලකයින්ගේ සේවා අවශ්‍යතාවයක් නැතිව යනවා. පාලකයින්ගේ බඩ ගොස්තරේ රැකෙන්නනම් අනිවාර්යයෙන්ම පහල සිටිනම් අයගේ බඩ ගොස්තරේ රැකිය යුතුමයි.