IMG-LOGO

තවත් අපේක්ෂකයෝ දෙදෙනෙක් ඇප මුදල් තැන්පත් කරති

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂාකරන තවත් අපේක්ෂකයින් දෙදෙනෙක් අද (20) මැතිවරණ කොමිසමේ ඇප මුදල් තැන්පත් කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අපරැක්කේ පුණ්‍යානන්ද හිමියන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද අපේ ජන බලය පක්ෂයෙන් තරග කිරීමට අපේක්ෂා කරන වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා මහතා ද එලෙස ඇප මුදල් තැන්පත් කළහ.

මේ අතර අද පස්වරුව වන විට පිළිගත් දේශපාලන පක්ෂ තුනක අපේක්ෂකයින් තිදෙනෙකු සහ ස්වාධීන අපේක්ෂකයින් තිදෙනෙකු වශයෙන් හය දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.



අදහස් (14)

තවත් අපේක්ෂකයෝ දෙදෙනෙක් ඇප මුදල් තැන්පත් කරති

chandima Friday, 20 September 2019 03:52 PM

හදිස්සි වෙන්න එපා ඔය කවුරු ඇපමුදල් බැන්දත් එක්සත් ජාතික පක්ෂය අැප බඳින්නේ අන්තිමට. ඒ මිනිස්සුන්ට එක්සත් ජාතික පක්සේට විරුද්ධව තිබුණු විරෝධය මුළුමනින්ම රනිල් විරෝධයක් බවට හරවාගෙන, සජිත්ව වීරයෙක් කරලා රනිල් පරදවා සජිත් දිනනවිට ජනතාව හුරේදමන තත්වයක් මවා පෑමෙන් පසුවයි. එදාට මඩ නාගත්බව පෙන්වා රනිල් පසෙකට වී සුදු හුණු ගෑ සජිත් වීර සෙයියාවෙන් ඇප තැම්පත් කරනු ඇති. එවිට අපේ රැල සියල්ල අමතක කොට සජිත් පසුපස ගොස් නැවතත් එජාපය දිනවූ පසුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නො එසේනම් නව ආණ්ඩුක්‍රම සංශෝධනයක් මගින් රටේ විධායක අගමැති වනහැටි අපට බැලීමට පුළුවනි. සජිත්ගේ පදවි ප්‍රාප්තිය හරහා වහා ආණ්ඩුව විසුරුවා හැරීමේ භීතිකාවෙන් මිදී රිසිසේ රටටත්, ජාතියටත් තොණ්ඩුව දමනු ඒකාන්තයි.

:       324       256

wije Friday, 20 September 2019 04:16 PM

මේ අයට පිස්සු... අපි මේ තුන්වේල කන්නෙත් හරිම අමාරුවෙන්.

:       2       121

AmilaSaturday, 21 September 2019 02:09 AM

ඒක නම් ඉතින් ඔයාගේ කම්මැලිකම නිසා වෙන ප්‍රශ්නයක්. මහන්සිවෙලා වැඩ කරන්න. එතකොට තුන්වේලේ ප්‍රශ්නය හරියනවා.. අනික කවුරු ජනාධිපති වුණත් අපි මහන්සි වෙලා වැඩකරොත් විතරයි දියුණුවක් තියෙන්නේ..

:       1       47

Mahee Friday, 20 September 2019 04:39 PM

රජයට කීයක් හරි රාජසන්තක කර දීමෙන් ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි...

:       0       140

lasantha Friday, 20 September 2019 05:24 PM

දැන් එතකොට ජනපති වෙලා පිටරට ගියාම ඒ රටවල් වල කට්ටිය සුදු රෙදි එලයිද?

:       0       0

Gamarala Friday, 20 September 2019 11:56 PM

කවුද ඔය සල්ලි දුන්නේ.?

:       0       0

Gamarala Friday, 20 September 2019 11:56 PM

කවුද ඔය සල්ලි දුන්නේ?

:       0       0

සේන Saturday, 21 September 2019 06:04 AM

රටේ ප්‍රධාන පුරවැසියා තේරීම. මීට වඩා බැරෑරුම්වන විදිහේ මූලික සුදුදුකම් සෙවිය යුතුයි. නැත්නම් කඩල කාරයත් ඡන්දෙට එයි. මේ පාර ඒ වගේ අයත් ඉල්ලනවනේ...

:       0       82

lalithm` Saturday, 21 September 2019 07:27 AM

ගලගොඩ අත්තේ හාමුදුරුවනේ ඔබවහන්සේ තවම ඇප තැන්පත් කලේ නැතෙයි.

:       40       57

BamunuarachchiTuesday, 24 September 2019 04:58 AM

උන්වහන්සේට අැප දුන්නේ නැහැනේ එත් උන්වහන්සේ නිදහස්. එය අපිට හොඳටම ප්‍රමාණවත්.

:       0       5

Rohana Saturday, 21 September 2019 04:14 PM

විහිළු කාරයින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළක්විය යුතුයි. අවම වශයෙන් මන්ත්‍රී වරයක= වශයෙන් වසර 10 සේවාකාලයක් සම්පූර්ණකර තිබීම මූලික සුදුසුකම විය යුතුයි.

:       2       1

ranjith Saturday, 21 September 2019 11:21 PM

රටේ මුදල් නාස්ති කිරීමට මේ වගේ බොරුවට ඉදිරිපත් උනාට ලොකු මුදලක් වෙන් කළ යුතුයි.

:       1       4

dare Sunday, 22 September 2019 07:41 AM

කව්ද දැනට ඇප තැන්පත් කලේ කියලා බලන්න තැනක් තියනවද?

:       0       1

Nandalal DE SILVA - France Sunday, 22 September 2019 08:30 AM

මේ මගුලට ඇප බැඳපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අපරැක්කේ පුණ්‍යානන්ද හිමියන් ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණාට ඡන්ද වැඩ කටයුතු සඳහා අවශ්‍ය මුදල් කන්දරාව හොයාගන්නේ මොන ක්‍රමයෙන්ද කියා හොයා බැලුවද? පන්සලේ සමහර දායකයන්ද මේ වැඩේට කුලප්පු කරලා යැව්වේ? පන්සලේ පින්කැටය කඩලා හෝ ඡන්ද කරලා අපාගත වෙනවාට වඩා දායකයන් දුක් මහන්සියෙන් හරිහම්බ කරලා පූජා කරන දානය වළඳලා බණ භාවනා කරගෙන එලොවට වැඩ සලසා ගන්නා එක මීට වඩා හොඳ නැද්ද කියා භාවනානුයෝගීව සිටින සුළු මොහොතක නුවණින් කල්පනා කරන්න..! අලි, පොහොට්ටු, අතපය, සීනු මැද්දේ හාමුදුරුවන්ට හැප්පෙන්න බැරිවී ඇන ගන්නවාට වඩා ලැබෙන ඡන්ද ප්‍රතිශතය නිසා තිබ්බ ඇපෙත් රාජසන්තක වීම ගැනත් නුවණින් හිතන්න..!

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 45 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 611 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site