(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී  පිළියන්දල හැදිගම සිරිපැරැල්ලගහ වත්ත සහ පහළවත්ත යන ප්‍රදේශවල නිවාස දෙකක තිබී ඩෙටනේටර් 297 සහ සේවා නූල්  290 ක් සොයා ගත් බව පොලිසිය පැවැසීය.

පිළියන්දල පොලිසිය, කොහුවල යුද හමුදා කඳවුරේ සහ මත්තේගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම සිදුකර ඇති බව පොලිසිය කීය.

මෙම භාණ්ඩ සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.