(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වත්තල පදිංචි රංගන ශිල්පිනියක වු ශානිකා මධුවන්ති ඇතුළු තරුණ තරුණියන් 17 දෙනෙකි.
මාතර මිරිස්සේ හෝටලයක පැවති රාත්‍රි සාදයකට සහභාගී වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
එම සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 550 ක් හා මිලි ග්‍රෑම් 250 ක් අඩංගු හදුනා නොගත් මත් පෙත්තක් පොලීසිය සොයා ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක වෙන්නේ දැන් සමහර කලාකරුවන් ඉතා නරක පූර්වාදර්ශ හැදෙන ලාබාල පරපුරට සපයන නිසාය. ආ කවුරුත් දැන් ඕවා කරනවා, මේක අපි මේ ප්‍රසිද්ධ පුද්ගලයන් නිසා මාධ්‍යයෙන් ප්‍රචාරය දෙනවා වැඩියි යන කතාව මම නම් පිළිගන්නේ නැහැ. අපි සැමටම යහපත් සමාජ වගකීම් ඇති අතර කලාකරුවන් ක්‍රීඩකයන් සහ දේශපාලකයන් දෙස කුඩා දරුවාගේ සිට ලාබාල තරුණ පරපුරද ඇස යොමා සිටියි. එම නිසා තමන්ගේ සමාජ තරාතිරම කුමක් වුවද පුරවැසි වගකීම් අමතක කිරීම ඉතා නුසුදුසුයි...
අවංකව කියනවා නම් අප නම් මේ නිළිය කව්ද දන්නේ නැත. කව්රුන් වුනත් නිළියක්, නළුවෙක් හෝ කිනම් තරාතිරමක කෙනෙක් වුනත් ඔහු හෝ ඇයගේ නම්ගම් ලිපිනයන් සහිතව මෙන්ම ඡායාරූපයන්ද ප්‍රසිද්ධ මාධ්‍යවල පලකරන මෙන් අදාල බලධාරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. අප එසේ පවසන්නේ මෙසේ ප්‍රචාරයවීමෙන් එමගින් ඔවුන්ගේ ඥාතීන්ට, සහෝදර, සහෝදරියන්ට දරුවන් සිටියි නම් ඔවුන්ද මහත් ලැජ්ජාවට සමාජය ඉදිරියේ පත්වෙන බැවින් මෙවන් වරදවලට නැඹුරුවීම සුළුවෙන් හෝ අඩුවෙන බැවිනි...
පාර්ලිමේන්තුවේත් කොකේන් භාවිතා කරන අය සිටිනවා නම්, ඒ අයව පාර්ලිමේන්තුවට යැවූ ඡන්ද දායකයින් කොකේන් භාවිතා කිරීමේ ඇති වරද කුමක්ද..?
අපේ රටේ නාලිකාලා රටට කළ සේවය තමයි, පඳුරකට ගැහුවාම, නළු නිලියන් සිය ගණනක් විසිවෙන තත්වෙට මේ රට පත් කිරීම.. අහසේ තරු වලටත්, වඩා, තරු සිටිනා අපේ රටේ කුඩු තිප්පොලක ඔය වර්ගයේ කෙනෙක් දෙන්නෙක් සිටීම ගැන අප පුදුම විය යුතු නැහැ. මෙවැනි සමහරුන්ගේ අවසාන ඉලක්කය මේ රටේ දේශපාලනයට පිවිසීම බව කියන්නේ විශාල ආඩම්බරයකින්. ඉතින් කාටද ආඩම්බර?
තිමොති, ඔබේ අදහස් නින්දිතයි පිළිකුල් සහගතයි. ඔබේ අල්ලපු ගෙදර කෙනෙකු බැරි වෙලා ඔය කියන මත්ද්‍රව්‍ය වලට යොමුවෙලා කුඩු ගහන්න ඔබේ සල්ලි හොරකම් කල දවසට ඔය කියන බාබර් සාප්පුවේ ගිහින් වාඩි වෙන්න. ඉස්සෙල්ලම බාබර් බලාවි ඔලුවේ අං මතුවෙලාද කියලා.
මේ නිළිය වෙනත් නමකින් ප්‍රසිද්ධ ටෙලි නාඩගමක රඟපායි. කනගාටුවට කාරනාව වන්නේ ඇය එහි රඟපාන්නේ සමාජයේ ගරු බුහුමන් ලබන වෘත්තියක නිරත කාන්තාවකගේ චරිතයයි. අපිට අනුන්ගේ කුලමල අවශ්‍ය නැතයි එක් අයෙක් පැවසු නමුත් කුඩුකාරයන්ගේ ග්‍රහණයට තමන්ගේ දරුවෙකු අසුවුන විට රඟේ තේරේවි.
හැම අවිචාර ක්‍රියාවක්ම පාර්ලිමේන්තුවට ආදේශ කරමින් සාධාරණීකරණය කරන්න ගියොත් මේ රට ඉතුරු වෙන එකක් නැහැ. අහවලා රාජ්‍ය දේපල වංචා කළා මෙයා ළමා අපචාර කළා යනුවෙන් අනුන්ට හොඳ නම් අපි කලාම මොකද යන මතයේ ඉන්න පුරවැසි රොත්තක් ඉන්න රටේ , හැදෙන අනාගත පරපුරට දෙවියන්ගේම පිහිටයි.
රවින්ද්‍ර ඇත්තටම ඔයාට වෙන වැඩක් නැද්ද
ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 550 ක් කොහොමද 17 දෙනෙක් තියාගෙන ඉන්නේ?
ඔය නිලියන් නළුවන් හෝ කුමන පුද්ගලයන් වැරදි කරලා අහු උනොත් , ඒ අයගේ නම් ප්‍රසිද්ද කරානම් තව කෙනෙක් වැරද්දක් කරන්න කලින් හිතලා බලනවා වෙන ලජ්ජාවට. හොදම දේ තමයි නළු නිලි කියන්නේ නැතුව කෙලින්ම අහවලා කිව්වා නම් හොදයි නේද.
හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඔය කියන ළමය තමන් ශානිකා මධුවන්ති කියල කිව්වට මේ ටෙලි නාටක වල රඟපාන ළමය නෙමෙයිලු. එකම නම තියෙන වෙන කෙනෙක්ලු. ටෙලි නාට්‍ය වල රඟපාන කෙනා මේ මොනවත් නොදැන වෙලා තියෙන පටලැවිල්ල නිසා අන්දමන්ද වෙලා ඉන්නවලු. පත්තරෙන්, ටීවී නාලිකා වලින් අහන ඒවාට උත්තර දීල ඉවරයක් නැහැලු. ඒ නිසා එකත් සැලකිල්ලට අරන් අදහස් දක්වන්න ඕනි.
අනේ මේ රන්ජන්ගෙ කට? විද්දෙ හාවට වැදුණෙ පඳුරට නොවැ. කට නො ඇරිය නම කොකේන් කියල ජාතියක් ගැන කවුරුවත් දන්නෙ නැහැ.
කොහොමද කියන්නෙ ඔතන ඉන්න ඔක්කොම කොකෙන් භාවිත කරලා කියලා ?කොහොමද ඔප්පු කරන්නෙ 17 දෙනාම එකම කාමරයකද හිටියෙ කියලා.?
රජයේ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් සුළු වරදක් කරලා තිබුණු වෙලාවේ මම දැක්කා මාධ්‍ය ඒ නිලධාරියාගේ නම විතරක් නෙවෙයි සේවා අංකයත් දාලා තිබුනා. නමුත් පොත්ත සුදු යන්තම් දැන්වීමක දෙකක රගපාපු නිලියන්යයි කියාගන්නා අයගේ නම නොදාන්න තරම් අපේ ජන මාධ්‍ය පක්ෂපාතියි. දාන්නේ ජනප්‍රිය කියලා. බලනකොට කිසි කෙනෙක් දන්නේ නැති කෙනෙක්
මම ලලිත් සමරසිංහ... මෙම කොටසට ආදාල නැති දෙයක් එවීම පිළිබඳ මම සමාව ඉල්ලමි. මම 2014 -10 -13 වැනි දින අරලිය ගහ මන්දිරයට ලිපියක් යැව්වා. එම ලිපියේ සාරාංශ කර පහත තෙරතුරු ඉදිරිපත් කරන ලදී. සම්පූර්ණ තොරතුරු ලිව්වේ නැත්තේ මුලින්ම බලන කෙනා සමහර විට එයාගේ අදහස් විදියට ඉදිරිපත් කරන්නත් පුළුවන් නිසා එම අදහස් නම් කුණු කසල ගැටළුවට පිළිතුරු... අලි, මිනිස් ගැටළුවට වල්නාශකවලට විකල්පයක්... ලන්ච් සීට් වලට විකල්පයක්.. මදුරු ගැටළුවට පිළිතුරක්ව විදුලිය නිපදවන සුලං බලාගාරවල වේගය වැඩි කිරීම හා තවත් රටට ළුය වෙනත් ගැටළුවකටද පිළිතුරක් ලෙස යෙදවිය හැකි බව රබර් ආශ්‍රිත කර්මාන්ත නිසා අප සැවොම වකුගඩු රෝගින් වෙනවා. අපට කර්මාන්ත හදන පරිසරය බේරාගන්න පුළුවන් විදියක් වාහන තදබදයට පිළිතුරක් ආදි වශයෙන් පිටු 16 පමන ලිපියක් යවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස යහපාලන රජය මාව අහුනොවන ලෙස මරන්න උත්සාහ කළා. මම මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්න ගියාම මගෙන් විමසුවට පැමිණිල්ල ලියාගන්නේ නැති බව මට තේරුණා. මම 119 අමතා මේ පිළිබඳ කිව්වා..
අපි කොච්චර අනිත් අයට කෑගැහුවට වැඩක් නෑ අපි අපෙ වටේ ඉන්න අය හදාගමු එතකොට මෙ රට නිකන්ම හැදෙයි. ලොකු පුටු උඩ ඉන්න අයව එතෙන්ට දැම්මෙත් අපි එහෙනම් ඒ අයව අයින් කරන්න පුළුවන් අපිටමයි ඒක අපිට තනි තනි තනිව කරන්න බෑ
62 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ එතනෝල් සහ කුඩු ආණ්ඩුවකට එරෙහිව මේවා නවත්වන්නයි. නමුත් දැන් රටපුරා කුඩු... අපි කුඩේ කුඩු... අපිට ජයවේවා!!!