IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ජල ගාස්තු වැඩි කරන්න ඇමැති හකීම් අනුමැතිය ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.

මේ සඳහා ඇමැතිවරයා විසින් අද (22) පැවැති කැබිනට් රැස්වීමට කැබිනට්  සංදේශයක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ජල සම්පාදන මණ්ඩලය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජල ගාස්තු වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් තම ඇමැතිධූරය වෙනත් අයෙකුට බාර දෙන්නැයි ඇමැති හකීම් මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තාවේ.

ඇමැති හකීම් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුව ජල ගාස්තුව සියයට 65කින් පමණ වැඩි වන අතර ඇතැම් කොට්ඨාස සඳහා සියයට සියයකින් පමණ වැඩිවනු ඇතැයි පැවැසේ.

සමෘද්ධි ලාභීන්ගේ ජල ගාස්තුව වැඩි නොකෙරෙන බවද දැනගන්නට ඇත.ජල ගාස්තුව වැඩි කිරීමේ හකිම් ඇමැතිවරයාගේ යෝජනාවට ඇමැති රිෂාඩ් බදුයුදීන් හා ඇමැති ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරු දැඩි විරෝධය පළකර ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී අදහස් දක්වා ඇති රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයා ජල සම්පාදන මණ්ඩලය පාඩු ලබන්නේ හකීම් ඇමැතිවරයා 800 දෙනෙකු පමණ ජල සම්පාදන මණ්ඩලයේ රැකියාවලට බඳවාගෙන වැටුප් ගෙවීම නිසා බවට චෝදනා කර ඇත.

ඊට පිළිතුරු දී ඇති ඇමැති හකීම් මහතා ජල ගාස්තුව 2010 සිට වැඩි කර නැති නිසා මණ්ඩලය පාඩු ලබන බව පවසා ඇත.

මේ අතර ජල ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විරෝධය පළකර ඇති ඇමැති සරත් අමුණුගම මහතා ජීවන වියදම වැඩි වී තිබෙන අවස්ථාවක ජල ගාස්තුද ඉහළ දැමුවහොත් ජීවන වියදම තවදුරටත් ඉහළ යන බව පවසා ඇත.

ඒ සඳහා මේ මොහොතේ ජල ගාස්තු වැඩි කිරීමට එකඟවිය නොහැකි බව ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වමින් ජල සම්පාදන මණ්ඩලයේ කළමනාකරණ කටයුතු හා ජලය ලබාදීමේ කටයුතු ද විනිවිදභාවයෙන් සිදුවිය යුතු බව පවසා ඇත.



අදහස් (4)

ජල ගාස්තු වැඩි කරන්න ඇමැති හකීම් අනුමැතිය ඉල්ලයි

OMG Wednesday, 24 October 2018 04:23 AM

මම බැලුවේ මොකද පරක්කු කියලා....

:       0       0

Ranga Wednesday, 24 October 2018 05:26 AM

තව සූත්‍රයක් එයි වගේ. ජනතාව කබලෙන් ලිපට. ඔය මණ්ඩලවල නිසි කලමණාකරනයක් නැතිකම තමයි මූලික හේතුව.

:       0       0

isurandi Wednesday, 24 October 2018 11:18 AM

තව ටික කාලයක් යද්දී හුස්ම ගන්න එකටත් බදු අයකරගනිවී.

:       0       0

OMG Wednesday, 24 October 2018 12:47 PM

මම එත් බැලුවා මොකද පරක්කු කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 27 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site