IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෝඨාට එරෙහි පැමිණිල්ල ප්‍රසිද්ධියට පත්කරයි

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල කරමින් ලසන්තගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය අමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇතැයි හින්දු පුවත්පත කියයි. 

“ගෝඨාභය රාජපක්ෂ මහතා අනීතික ලෙස  ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට මෙන්ම රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කළ අනෙකුත් ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් ක්‍රමානුකූලව සහ ඉතා පුළුල් ලෙස සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවලටද සම්බන්ධ” යැයි  සැන් ෆ්‍රැන්සිස්කෝ පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධානයක් වන ‘යුක්තිය සහ වගවීම මධ්‍යස්ථානය මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් වන බව හින්දු පුවත්පත පවසයි.

2015 වසරේදී බලයට පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව පසුගිය රෙජීමය යටතේ කෙරුණු ලසන්ත වික්‍රමතුංග  මහතාගේ ඝාතනය ඇතුළු අනෙකුත් ඝාතන සම්බන්ධයෙන් විමර්ශන කරන බවට පොරොන්දු ලබා දුන්න ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් පෙන්වා ඇත්තේ සුළු ප්‍රගතියක් බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ අතර ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක යෙදී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණී අවස්ථාවේදී තමන්ට එල්ල වී තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කළ බවත් ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියට කිසිදු බාධාවක් එල්ල නොවූ බව ඔහු ප්‍රකාශ කළ බවත් හින්දු පුවත්පත කියයි. 

අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඇමෙරිකාවේ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් සුදුසු පියවර ගනු ඇතැයි රාජපක්ෂ මහතාගේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පතට පැවැසීය.

ද හින්දු ඇසුරිනි

055

 



අදහස් (16)

ගෝඨාට එරෙහි පැමිණිල්ල ප්‍රසිද්ධියට පත්කරයි

sirimal Wednesday, 17 April 2019 01:48 PM

අපි බයවෙයි ඔව්වට. ඔය වැඩේ වැරදියි කියල අපි පෙත්සමක් දාල කල් ඉල්ලාගන්නවා. ලංකාවේ නඩුවලට ගිහින් ඒවගේ වැඩ දැන් අපිට හොඳට පුරුදුයි.

:       13       752

Chanak Los angeles Wednesday, 17 April 2019 02:46 PM

හිතන්න ඇති මේ අපරාධයෙන් මෙයා ගැලවිලා කියා ...

:       1552       1018

BamunuarachchiSaturday, 20 April 2019 06:43 AM

මොන අපරාදේද? ප්‍රභාකරන් සහ හෙන්චයියන් මරා දැමූ එකද?

:       0       0

Bamunuarachchi Wednesday, 17 April 2019 02:51 PM

"යුක්තිය හා වගවීම" මීට පෙර කාගේ කුණුගොඩවල් ද ඇවිස්සුවේ. මේ අවුස්සන පලවෙනි කුණු ගොඩද?

:       235       285

Bamunuarachchi Wednesday, 17 April 2019 02:56 PM

ඝෝඨාභයට එරෙහි පැමණිලි ලංකාවේ ඡන්ද පදනම වෙනස් කිරීමට හේතුවක් නොවෙයි. අපි දැනටමත් ඝෝටාට සහය දීමට සුදානම් වෙලා ඉවරයි.

:       5523       4132

Chanak Los angeles Wednesday, 17 April 2019 05:45 PM

මේ අවුස්සලා තිබෙන්නේ හරිම කුණුගොඩක් තමයි. බයියන්ට මර උණ ගැනිලා විකාරයෙන් දොඩවයි දැන්...

:       0       3

ravi Wednesday, 17 April 2019 05:48 PM

අපිට අලුත් ජනාධිපතිලා අවශ්‍ය නැහැ. දැනට ඉන්න ජනාධිපතිත් එක්ක 2050 වෙනකන් රජය ඉදිරියට පවත්වාගෙන යනවා.. ස්ථීරයි !

:       0       0

Bamunuarachchi Wednesday, 17 April 2019 09:48 PM

රටට සේවයක් වුනේ මෙතුමාගෙන්, අනික් අයගෙන් මොකක්ද වුනේ?

:       0       0

Chanak Los angeles Wednesday, 17 April 2019 09:50 PM

ඔය වාතාවරණය යටතේ ඔහුට අපේක්ෂකත්වය ගන්න නීතියෙන් ඉඩ ඇහිරෙනවා අනිවාර්යයෙන්ම... එතකොට ඡන්ද පදනම බේරේට තමයි හලන්න වෙන්නේ... අනෙක් එක මේ බයියන් කෑ ගැහුවට කව්ද මොහුට අපේක්ෂකත්වය දෙනවා කියා සහතික කරලා තිබෙන්නේ?

:       0       0

Bamunuarachchi Wednesday, 17 April 2019 09:58 PM

කෝ ලසන්තාගේ පත්තරය බැංකු හොරකම ලියනවද? යුද්ධය ගැන ලිව්වද? අක්කර 450 කුනුකොල්ලෙට බැංකු හොරුන්ට දුන්නා කියා ලිව්වාද? ජිනීවාවලදී රට පාවාදුන්නා කියාලීවාද?

:       0       0

Bamunuarachchi Wednesday, 17 April 2019 10:04 PM

ත්‍රස්තයින් ක්‍රීයාකාරී වෙලා සිටිකාලේ මේ "යුක්තිය හා වගවීම" මොන මිනීවලේද හිටියේ.

:       0       0

Bamunuarachchi Wednesday, 17 April 2019 10:25 PM

පැමිණිල්ල ඔප්පු කොරන්න තව කොපමණ වැඩතිබෙනවාද?

:       0       0

athura Thursday, 18 April 2019 04:10 AM

බමුණු ඔය අපි කියලා දාලා තියෙන්නේ පක්ෂලට කඩේ යන සෙට් එක ගැනයි.

:       0       0

Nuwan Thursday, 18 April 2019 07:18 AM

කටුනායක ගුවන්තොටුපළට අාවම ජනතාවට කිව්වේ ඕවා බොරු.... එහෙම සිතාසියක් බාරදුන්නේ නැහැ... ඕවා බොරු කියලා, නැත්නම් මොවුන්ගේ කටු කන අය ඇහුවේ නැහැ... එතකොට අන්තර්ජාලයේ පළකර තිබූ ඡායාරූප බොරුද කියලා.. දැන් දීපල්ලකෝ උත්තර.. ගල පසුපස යන ගොන්නුරැල වගේ ඔහේ පස්සෙන් යනවා.

:       0       0

BamunuarachchiSaturday, 20 April 2019 06:40 AM

ඝෝඨාභය මහතාට සිතාසි දුන්නයි කියලා මෙහෙ ඡන්ද වෙනස් වෙනවද? රටට අපමණ සේවයක් කළ ඝෝඨාභය මහතාට රටෙත් නැති අයෙක් නඩුදැම්මා කියලා රටේ මිනිස්සු මේ රනිල් ගොයියාට ඡන්දෙ දෙන්න යනවද හලෝ?

:       0       0

Aris Thursday, 18 April 2019 05:17 PM

දැන් ඉතින් ගෝඨාභය දිනුවට පස්සේ නියම මිනීමරුවා අල්ලලා දෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 153 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 120 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 231 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 522 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 697 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 263 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site