IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගිනිගත්හේනේ නාය යාමේ අවදානම ඉහළ යයි

(රංජිත් රාජපක්ෂ)                       
 

ගිනිගත්හේන නගරයේ නායයාමට ලක් වූ වෙළඳසැල් 10ට අමතරව තවත් වෙළඳසැල් 22 ක් නායයාමේ දැඩි අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ගිනිගත්හේන නගරයේ පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබා දී ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය.

අද (20) ගිනිගත්හේන අඹගමුව ප්‍රාදේශිය සභා කාර්යයාලයේදි විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සභාපතිවරයා ඒ බැව් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියාසිටියේ මීට වසර 30 කට පෙර ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් ඉදිකර ඇති බවයි.

නායයෑමට ලක් වූ වෙළසැල් සහ නායයාමේ අවදානමට ලක් ව ඇති වෙළඳසැල් ඉදිකිරීම සඳහා අඹගමුව ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් ලබානොගෙන එම වෙළඳසැල් ඉදිකර ඇති බවද සභාපතිවරයා පැවසීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන ඇති  නායයාමේ අවදානමකට ලක් විය හැකි වෙළදසැල් 22ක හිමියන්ට ඉන් ඉවත් වන ලෙස දැනුම් දුන් බවත්, එසේ  වෙළඳසැල් හිමියන්  වෙළඳසැල්වලින් ඉවත් නොවන්නේ නම් වෙළඳසැල පවත්වාගෙන යාමට වෙළඳුන් විසින්  අඹගමුව ප්‍රදේශීය සභාව වෙතින් ලබාගෙන ඇති වෙළද බලපත්‍රය අහොසි කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදි පැවසිය.

නායයාමේ අවදානමට ලක්ව ඇති නගර මධ්‍යයේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසද තවදුරටත් නායයාමේ අවදානමක් පවතින නිසා එම මාර්ගයද තවදුරටත් වසා දැමිමට සිදුවන බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගයට පිවිස ගිනිගත්හේන බස් නැවතුම්පොළ හරහා මහනුවර මාර්ගයට පිවිසෙන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටී.

පවතින තත්ත්වය මත ගිනිගත්හේන නගරයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවත්, බස් නැවතුම්පොල ඉදිරිපස මාර්ගයේ අඩි කිහිපයක් පුළුල් කිරීමට මාර්ග සවංර්ධන අධිකාරිය නිලධාරීන් සමග සාකච්ඡා කරන බවද සභාපතිවරයා පැවසීය.

නායයාමේ අවදානමට ලක්ව ඇති වෙළඳසැල්  22 වෙනුවෙන් එම වෙළඳසැල් හිමියන්ට ගිනිගත්හේන නගරයේ සුදුසු ස්ථානයක අලුතින් වෙළදසැල් ඉදිකිරීම කෙරෙහි තම අවධානය යොමු වි ඇති බවද සභාපතිවරයා මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් පැවසිය.



අදහස් (3)

ගිනිගත්හේනේ නාය යාමේ අවදානම ඉහළ යයි

NUWAN Saturday, 20 July 2019 09:03 AM

අනේ දෙවියනේ, මිනිසුන්ගේ ඔලුව පාදපල්ලා...

:       1       83

ධම්ම Saturday, 20 July 2019 02:02 PM

දැන් මිනිස්සු පාදම ගැන වැඩිය හිතන්නේ නැහැ. කොහොම හරි ගොඩනගා ගත් පාදම මත ඔහේ ගොඩනගනවා. අන්තිමට කඩා වැටෙනකම් දන්නෙම නැහැ. ඔවුන්ගේ ජීවිතත් ඒ වගේමයි.

:       0       6

රජින්ද Saturday, 20 July 2019 04:10 PM

ස්වභාවධර්මයේ දේවල් නැවත එය විසින්ම ගනියි. එය කාටත් පොදු න්‍යායකි. දැන්වත් පරිසරයේ විචිත්‍ර බව කෙලෙසමින් කරන පරිසර හිතකාමී නොවන ස්ථානයන්ගෙන් සහ ක්‍රියාවන්ගෙන් මිනිසා බැහැරවිය යුතුයි. නොඑසේ නම්, එහි ප්‍රතිවිපාක වලට මුහුණ දිය යුතුය. එ් නිසා ස්වභාවධර්මයේ අයිතිය එය ගන්නට පෙර දීම අප කාටත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site