කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත්කිරීමටත්, තවත් ප්‍රදේශ කිහිපයක තවදුරටත් හුදකලා තත්වය ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, හෙට(30) උදෑසන 5.00 සිට මෙම තත්වය ක්‍රියාත්මක වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටුකොටුව පොලිස්වසම්වල ද, ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම යන ප්‍රදේශවලද හුදකලා තත්වය ඉවත්කෙරෙනු ඇත.

තවදුරටත් හුදෙකලා කරන ප්‍රදේශ පහත නිවේදනයේ දැක්වේ.