(ඔගස්ටින් ප්‍රනාන්දු)
කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන්ට සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් 31 ක් දෙනා මේ මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්‍ද්‍රරාජ මහතා අද (15) නියෝග කළේය.
පසුගිය දා ඇඳිරි නීතිය පනවා තිබියදී කොස්වත්ත පොලිස් වසමේ කොට්ටරාමුල්ල ප්‍රදේශයේ හට ගත් ගැටුම්වලට සැකකරුවන් සම්බන්ධ බවට ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතර පාසල් සිසුන් සිව්දෙනෙකු සිටින බවත් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් ඉල්ලා සිටියත් දිසා විනිසුරුවරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.
මෙම ප්‍රදේශයේ සිදුවීම් අතරතුර එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබූ අතර නිවස 6ට හානි සිදුව තිබු බව පොලිසිය කියයි.
සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ගෙන ආ අවස්ථාවේ දී සැකකරුවන්ගේ ඥාතීහු අධිකරණ භුමිය අසළට රැස්වී සැකකරුවන් අහිංසකයින් බව කියමින් දැඩි ලෙසින් විරෝධය පළ කර සිටියහ.
මෙම අවස්ථාවේ දී අධිකරණය හා අවට ආරක්ෂාව සඳහා පොලිසිය හා යුද හමුදාව යොදවා තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොස්වත්තේ ගැටුම්වලට සම්බන්ධ 31 ක් රිමාන්ඩ්